සිංගප්පූරුවේ එළිසෙබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන කොළඹ , හුණුපිටිය , ගංගාරාමාධිපති ගලබොඩ ඥාණිස්සර හිමිගේ සුව දුක් විමසීම සඳහා වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (27) එහි ගියේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අමාත්‍යවරයා මෙලෙස ගොස් ස්වාමීන්වහන්සේගේ සුව දුක් විමසා තිබේ.
ස්වාමීන්වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ද හමු වී හිමියන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳවද වැඩිදුර විමසා බැලීය.
(36698)
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්
පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේදී ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සිී මියගොස් ඇත්තේ ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටහතරක් වය
කොල්ලූපිටිය ගාලු මෝදර හෝටලය ඉදිරිපිටදී අද (26) දහවල් පුද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගිය බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ පනහක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් ලබාගෙන වංචා කළේ යැයි කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි පියුමාලී නැමැත්ත
ලොව වයස්ගතම ගී ගායන කණ්ඩායමට හිමි ලෝක වාර්තාව ’’ප්‍රයිම් ටයිමර්ස්’’ නම් ගායන කණ්ඩායම පසුගියදා හිමිකර ගත්තේය. ’’ප්‍රයිම් ටයිමර්ස්’’ ගායන කණ්ඩායමේ සා
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන ආවේය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ගංගාරාමාධිපති සුව දුක් විමසන්න සාගල සිංගප්පූරු යයි
Chandima Sunday, 27 January 2019 11:50 AM
මේ අපේ සල්ලිවලින් ටිකට් අරගෙනද ගියේ?
chathuraSunday, 27 January 2019 05:59 PM
අපේ සල්ලි වලින් ටිකට් අරන් ගියානම්, "සාගල සිංගප්පූරු යයි" කියන්න බැහැ, "සාගල සිංගප්පූරු යවයි" කියන්න වෙනවා. මොකද මේ රටේ ජනතාවගේ සල්ලි වලින්නේ ගිහින් තියෙන්නේ. එහෙම අනුන්ගේ පානෙන් එළිය බලන්න දෙන්න එපා... අර එක්කෙනෙක් අපේ සල්ලි වලින් අච්චු ගහලා ළමයින්ට බෙදන පොත්වල මුල් පිටුවට පොල් බෑයක් වගේ මුහුණ ඔබාගත්ත වගේ...
sandy123 Sunday, 27 January 2019 12:12 PM
ඒ එක්කම අරයගෙන් (රටෙන් පැන්න හොරාගෙන්) පණිවිඩයක් එහෙම ලැබුණද?
chthuri Sunday, 27 January 2019 02:18 PM
අපේ රටේ තිබෙන රෝහල් වලට මොකද වෙලා තියෙන්නේ? ඇයි ඒ වල නතර වෙන්න බැරි? පුදුමයිනේ, ප්‍රභූලත් යන්නේ මේ රෝහලට... මොනවගේ ලෙඩකටද මේ යන්නේ? මේ කට්ටියට විතරක් හැදෙන ලෙඩේ මොකක්ද? ලංකාවේ බෙහෙත් නැත්ද? මේවට යන මුදල් ජනතාවගේ නේද ගෙවන්නේ? වකුගඩු රෝගීන්, පිලිකා රෝගීන් දවසකට කීදෙනෙක් මිය යනවද මුදල් නැතිව, බෙහෙත් නැතිව, නමුත් මේ රෝහලේ බෙහෙත් ගන්න නතර වෙලා ඉන්න අයවත් බලන්න යනවා. කොපමණ මුදල් නාස්තියක්ද? ජනතාවගේ බදු මුදල් මේ දුප්පතා බදුගෙවලා කිසිම දෙයක් නැතිව මැරිලා යනවා. මේ කාටවත් ඒ මිනිසුන් බලන්න වෙලාවක් නැහැ.
aseMonday, 28 January 2019 11:13 AM
අපේ රෝහල් අපි වගේ අයටනේ..! ලොකු වැදගත් ඇයෝ යන්නේ සිංගප්පූරුවේනේ... අනේ සුවර් එකට මම නම් කොරිඩෝවක තමා ජබොස් වෙන්නේ... කමක් නෑ. අර සුමිහිරි පානේ සිංදුව දන්නවනේ....
tommy Sunday, 27 January 2019 03:28 PM
දොඩම් ගෙඩි මල්ලක් එහෙමත් අරන් යන්ට ඇති කියලා හිතනවා.
Bamunuarachchi Sunday, 27 January 2019 03:38 PM
තමන්ගේ සල්ලි වලින්ද නැතිනම් රටේ ජනතාවගේ සල්ලි වලින්ද ටිකට් ගත්තේ...? ඔන්න කෝප් කමිටුවට තව හොයන්න දෙයක්...
Priya Monday, 28 January 2019 04:02 AM
2019 ලොකුම විහිළුව! අපේ රනිල් මහත්තයා සාගල සිංහප්පුරු යැව්වේ ගලබොඩ ඥාණිස්සර හිමි බලන්නද නැත්නම් අර්ජුන් මහේන්ද්‍රන් හම්බ වෙන්නද? මේ අයගේ හිතේ අපි මෝඩයින් කියලා..
PerakumMonday, 28 January 2019 07:42 AM
ඇති යාන්තම් ප්‍රියාට විතරයි ඇත්ත තත්වය තේරිලා තියෙන්නේ... ඇත්තටම අපි වැඩි දෙනෙක් මෝඩයි තමයි.
PriyaMonday, 28 January 2019 08:47 AM
හරියටම හරි පැරකුම්.... මට හරි සන්තොසයි ඔයා තේරුම් ගත්ත එක..
ලක්සිරි Monday, 28 January 2019 08:57 AM
අපෝ, ඕකවත් තේරෙන්නේ නැද්ද? සිංගප්පුරුව හරහා දිව්‍ය ලෝකෙට යන්න පහසුයිනේ. ලංකාවේ දේශපාලකයින්ට හා පූජකයින්ට එම පින පෑදී තිබෙනවා. කොහොමත් දෙගොල්ලම ජනතාව වෙනුවෙන් කරන්නේ එකම ජොබ් එක...