IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගංගා නදියේ මළසිරුරු පාවෙයි

'කොවිඩ් 19' වසංගතය හමුවේ, ඉන්දියාවේ රෝහල්වලත්, නිවෙස්වලත්, මාර්ගවලත් කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මළසිරුරු ගොඩගැසෙන්න පටන්ගෙන ඇති බවත්, ගංගා නදියේ පවා මළසිරුරු පා වීමට පටන්ගෙන ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.

බිහාර් සහ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වන අන්දමට ගංගා නදිය දිගේ පහළට ගසා ගෙනැවිත්, ඉවුරුවල රැදුණු මළසිරුරු 100 කටය වැඩි ගණනක් සෞඛ්‍ය බලධාරීන්ට හමුවී ඇත. ඒවා ගං ඉවුරේම දර සෑයක් සකසා ආදාහනය කළේ යැයි ද පැවැසෙයි.

කෙසේ නමුත් ගංගා නදියට මළසිරුරු එක් වුණු ආකාරය මෙතෙක් පැහැදිලි වී නැත. ප්‍රාන්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය ඒ සම්බන්ධයෙන් සොයා බලන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත වැසියන් ඔවුන්ගේ ආදාහන කටයුතු සිදු කරන්නේ ගංගා නදි ඉවුරේය. ඒසේ ආදාහනයට ගෙනා සිරුරු පහළට ගසාගෙන එන්න ඇතැයි සැක කෙරේ. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන්නේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේය.

මේ අතර ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගෙන් රෝහල් පිරී යද්දී, ඔවුන්ට ප්‍රතිකාරයක් ලෙස, ඉන්දිය ඖෂධ නියාමන අධිකාරිය විසින් නිර්දේශ කරනු ලැබ ඇති 'ටූ ඩියොක්සි ඩී ග්ලූකෝස්' ඔසුව ලබා දීම නොකඩවා සිදුවන බව ද පැවැසෙයි.

'ටූ ඩියොක්සි ඩී ග්ලූකෝස්' යනු ඉන්දීය ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ වෛද්‍ය පර්යේෂකයන් විසින් නිපදවනු ලැබූ  කොරෝනා රෝගීන්ට ලබා දෙන ඖෂධයකි ඉන්දීය ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන ඒකක ඉන්දීය රජය යටතේ පවතින පර්යේෂණ ආයතනයක් වන අතර, මෙහි ප්‍රධාන රසායනාගාරය පිහිටා ඇත්තේ හයිද්‍රාබාද් නුවරය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)



අදහස් (1)

ගංගා නදියේ මළසිරුරු පාවෙයි

ranjith Tuesday, 11 May 2021 12:19 PM

උද්දච්ච නායකයෙක් මුලු භාරතයම විසාලා මහනුවරක් වෙලා

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 81 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 152 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 120 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 237 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 119 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 921 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site