(ඩී.ජී.සුගතපාල)
නිල්වලා ගඟේ අතු ගංගාවකට වැටුණු තම ජංගම දුරකතනය ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ගඟේ ගිලී අතුරුදහන්ව ඇතැයි තිහගොඩ පොලිසිය පවසයි.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ කොම්පඤ්ඤවීදිය පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන මාතර තිහගොඩ බණ්ඩත්තර පදිංචි අතුල කණ්ඩම්බි(58894) නමැති 54 හැවිරිදි කොස්තාපලවරයාය.
තිහගොඩ මාගල්ගොඩ ජලාපාම්පාගාරය අසලින් ගලායන නිල්වලා ගඟේ අතු ගංගාවකට ඊයේ රාත්‍රි දහයට පමණ ඔහුගේ ජංගම දුරකතනය වැටී ඇති අතර එය ගැනීමට යාමේදි ඔහු ගඟට වැටී අතුරුදහන්ව ඇත.
සිරුර මෙතෙක් සොයාගෙන නොමැති අතර පොලිසිය පවසන්නේ ගඟේ සිටින කිඹුලෙකු විසින් ඔහු ඩැහැගෙන යන්නට ඇතැයි සැක කරන බවය.
තිහගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගඟට වැටුණු දුරකතනය ගන්න ගිය කොස්තාපල් ගිලී අතුරුදහන්
anra Thursday, 02 July 2020 05:13 AM
දැන් දිනපතා මෙවැනි ඛේදනීය සිද්ධි වාර්තා වෙනවා. මෙය ජාතික වශයෙන් වැළැක්වීමට කුමක් හෝ පියවරක් ගන්නවා නම් හොඳයයි මම සිතනවා. හොඳම දෙය මේ අනතුරු පිළිබඳව දැනුවත් කිරීම. ආරම්ඹයක් වශයෙන් එය පාසැල් විෂය මාලාවේ යම් කොටසකට මෙය ඇතුළත් කර දරුවන් මූලිකව දැනුවත් කරනවා නම් හොඳයි. තවද මෙවැනි අවස්ථාවක දී මූලික ප්‍රථමාදාර දීම, මේ සඳහා උපකාර ලබා ගැනීමට ඇති දුරකථන නොම්මර ආදිය අනිවාර්යෙන්ම කියාදිය යුතුයි. ඕනෑම ජලාශයක් මරු කැඳවන ස්ථානයක් විය හැකියයි පොදු මතයක් මහජනතාව තුළ තිබිය යුතුයි. දියුණු මොළයක් ඇති මිනිසුන් මෙවැනි අනතුරු කරගත්තාට මිනිසා තරම් දියුණු මොළයක් නැති සතුන් මෙවැනි අනතුරුවලට භාජනය වන්නේ ඉතාම කලාතුරකින්...
RavendraThursday, 02 July 2020 06:49 AM
ඔබගේ අදහස් අප අගයන්නෙමු.. තවද ඔබගේ අදහස් කියවීමේදී අප කුඩා කල පොලිසිය මගින් මාර්ග අනතුරු පිළිබඳව ප්‍රායෝගික වැඩසටහනක් කර අපගේ කුඩා මනසට ඉතා හොඳ අත්දැකීමක් ලබාදීම සහ අදටත් එය මතකයේ ඇත.. මෙම සිදුවීම දෙස බලද්දී අපට නම් යම්කිසි අසාමාන්‍ය සිදුවීමක් වෙන්නට ඇතැයි සැකයක් මතුවේ.. අප එසේ පවසන්නේ මහජන ආරක්ෂාවට තිබෙන ආයතනයක නිලධාරියෙක් මෙසේ රාත්‍රියේ ජංගම දුරකථනය සෙවීමට ගඟට බසින්නේ එක්කෝ ඔහු යහමින් ගිනිවතුර සප්පායම් වී නැතහොත් යම්කිසි මොලේ අමාරුවකට විය යුතු යන්න නොවේද? එසේම මාතර ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන මොහු නිල්වලා ගඟේ මෙන්ම අතු ගංගා වලද කිඹුලන් සිටින බව නොදන්නේද? අට, පහ නොදත් සාමාන්‍ය මිනිසුන් වන අපගේ සිත්වලට නැගෙන පැනයන් මේ පිළිබඳව පරීක්ෂණ කරන ඔස්තාර්ලාගේ සිත්වලට පහළ නොවෙන්නේ මන්ද? මෙහි කිනම් හෝ ගෝනි සෙල්ලමක් සිදුවී ඇති බවක් සිතෙන්නේ අපට පමණිද?
raheem Thursday, 02 July 2020 08:33 AM
හරිම කණගාටුදායක සිදුවීමක්... පොලිස් නිලධාරියෙක් වෙලත් ජීවිතයක වටිනාකම දුරකථනයක් නිසා අහිමිවීම පිළිගන්න බැහැ. රෑ වෙලා වැටුණු දුරකථනය, අනිත් දවසේ ඇවිත් බලන්න තිබුණා.
raveen Thursday, 02 July 2020 01:10 PM
අපේ රටේ ජංගම දුරකථනය තහනම් කලොත් හොඳයි කියලා හිතෙනවා. කොහේ බැලුවත් මරණයක්.