IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගෝඨාගේ

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රුපියල් තුන් කෝටි තිස්නම ලක්ෂයක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේද යන්න පිලිබඳව ලබන ජූලි 28 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය එම අභියාචනා පෙත්සම්කාර පාර්ශවයට අද දැනුම් දුන්නේය.

එම පෙත්සම එල්. ටී.බී.දෙහිදෙනිය, එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම කරන ලදී.

පලමු ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ පවරා තිබූ මෙම නඩුවේ අධිචෝදනා පත්‍රයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ නම ඉවත් කර ගැනීමට නීතිපතිවරයා මීට පෙර තීරණය කලේය.

ඒ අනුව එම නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරීමට ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල කටයුතු කළ බැවින් මෙම අභියාචනා පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුගේ නීතීඥවරයාගෙන් විමසා සිටියේය.

ඒ පිළිබඳව සියසේවාදායක ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලබා ගෙන දැනුම් දෙන බව නීතිඥවරයා දන්වා සිටියේය.

 



අදහස් (0)

ගෝඨාගේ

ඔබේ අදහස් එවන්න

 

 

දියත

විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 2 0

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 265 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


USAID සේවකයන්ට අනිවාර්ය නිවාඩු
2025 පෙබරවාරි මස 05 83 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 188 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 166 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


බදුල්ල නගරය ආශ්‍රිත වැසියන්ට මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 365 1

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site