IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ගෝඨාට විරුද්ධව සාක්ෂි දෙනවානම් වරප්‍රසාද දෙන්න ශානි පොරොන්දු වුණා

(දසුන් රාජපක්ෂ) 

 

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ  පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළ බව පවසන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා තමාට තර්ජනය කළ බව යුද හමුදා බුද්ධි බළකායේ බලයලත් නිලධාරී අයියසාමි බාලසුබ්‍රමනියම් මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද  සාක්ෂි දෙමින් (18) පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව සාක්ෂි ලබා දෙන්නේ නම් තමන්ට විවිධ වරප්‍රසාද ලබා දෙන බව ශානි අබේසේකර මහතා පැවසූ බව බාලසුබ්‍රමනියම් මහතා කොමිසම හමුවේ පැවසීය.

කොතෙක් බලපෑම් සිදු කළ ද  ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව තමා බොරු සාක්ෂි ලබා නොදුන් බව ද ඒ මහතා කොමිසම හමුවේ සඳහන් කළේය.

බාලසුබ්‍රමනියම් මහතා එලෙස පවසා සිටියේ මෙම ජනාධිපති කොමිසම හමුවේ ඔහු ගොනු කර ඇති පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබා දෙමිනි .

එම පැමිණිල්ල මගින් ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැරගෙන ගොස්  මරා දැමූ බවට තමන්ට විරුද්ධව බොරු සාක්ෂි මත නඩු දමා ඇත්තේ දේශපාලනිකව  පළිගැනීමට බව ඒ මහතා  සඳහන් කර සිටී.



අදහස් (10)

ගෝඨාට විරුද්ධව සාක්ෂි දෙනවානම් වරප්‍රසාද දෙන්න ශානි පොරොන්දු වුණා

Rex Friday, 18 September 2020 11:09 AM

ඒකනේ කියන්නේ, ප්‍රදීප් එක්නැලිගොඩ කාටවත් හොයාගන්න බැරි වෙන විදිහට අතුරුදන් වෙලා. අපිට දැනෙන විදිහට ලංකාවේ අපරාධ සිදුවෙලා නැහැ. දේශපාලන පළිගැනීම් විතරයි වෙලා තියෙන්නේ... එහෙම නේද හැමෝම ඔය කියන කොමිසම ඉස්සරහට ඇවිත් කියන්නේ.. ගිය ආණෟඩුවේදී එයා වැරැදියි... අනේ අනිච්චං... අවසානයට ලංකාවේ තරම් බොරු කියන අය තවත් ඉන්නවද මේ ලෝකේ...?

:       881       1232

BamunuarachchiSaturday, 19 September 2020 11:18 AM

නෑ.. මම ස්විට්සර්ලන්තයේ ඉන්නවා...

:       103       122

Nuwan Friday, 18 September 2020 11:35 AM

දැන් මේ සුබ්‍රමනියම් මහත්තයා සාක්ෂි දෙන්නේ කාගේ හරි බලපෑමකට කියලා කාටවත් කියන්න පුළුවන්ද? ආණ්ඩුව වෙනස් වෙනකම් බලන් ඉන්න වෙයි වගේ... ඒක දැනගන්න. ලංකාවේ නඩු තමයි නඩු... අපේ හාමුදුරුවනේ...

:       450       712

janahitha Friday, 18 September 2020 11:41 AM

මේ කුණු ගොඩවල් තොර තෝංචියක් නැතිව දැම්මාට පලක් නැත.. අපට සංවර්ධන, ධනාත්මක ප්‍රවෘත්ති වැඩියෙන් අවශ්‍ය වෙනවා. ඕවා අපි 69 ලක්ෂයක් දන්නවා... එමනිසා එක් පක්ෂයක් ගෙදර යවා අදාළ පාර්ශවය බලයට ගේනවා. ශානි කියන්නේ හිටපු සිරිසේන කුරේගේ රියදුරා, ටැක්සි අබේත් රනිල් ගාව හිටියා ... ඔක්කොම දේශපාලකයෝ නම් එහෙමයි.. දේශපාලනය කාලේ එදා එය ඔඩුදුවලා පාතාලය නමින් බලවත් වෙලා..

:       243       256

Sanka Friday, 18 September 2020 11:56 AM

ෂා... මරු ස්වාධීන පොලීසිය..

:       188       423

Demuni Uduwara Friday, 18 September 2020 12:38 PM

උසස්වීමක් ළඟළඟම එනවා.

:       86       126

prabha Friday, 18 September 2020 01:07 PM

ඇයි කලින් උසාවියට ඉදිරිපත් කරන වෙලාවේ නඩුකාරතුමා ඉදිරියේ ඔය ප්‍රකාශය නොතේරේ. ඔය නඩුව ඇහුවේ විවෘත උසාවිවල.. දැන් මේක මෝස්තරයක් වෙලා.

:       3       213

upali Friday, 18 September 2020 01:50 PM

ශානිගේ කතාවලින් හොයාගන්න තිරය පිටුපස ඉන්න දේශපාලකයා...

:       102       205

Gura Saturday, 19 September 2020 01:38 AM

ශානිට නිසි දඬුවම් හිමිවිය යුතුයි.

:       204       207

Rata Perata Saturday, 19 September 2020 07:36 AM

මේවා ඔක්කොම බොරු සංදර්ශන. ශානි කියන්නේ රටේ ඉන්න දක්ෂම නිලධාරියෙක්. දැක්කනේ හිටපු හමුදාපතිට දුන්න වැඩේ. ගෝඨාට බයේ නඩු අහන්න බෑ කියපු මහාධිකරණ විනිසුරුවරු ඉන්න රටේ, මේවා මොන බොරු කතාද? 

:       805       808

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 653 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 181 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 544 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1810 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site