(නිමල කොඩිතුවක්කු)
මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවෙන් ගලවා ගැනීමට යහපාලන රජය සමත් වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක‍්‍රියා කලාපය මගින් යළිත් මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවට ගෙන යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය ගොනු කළ නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දක්වා ඇති කරුණු මගින් මෙම අවදානම මතුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට අද (25) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙසේ කීය.
‘‘ජනවාරි 8 වැනිදා අපි ලැබූ ජයග‍්‍රහණයත් සමඟ රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම මාධ්‍ය නිදහස දිනාගැනීමටත් හැකිවුණා. ඒ කාලේ රාජපක්ෂලාගෙන් මාධ්‍ය ගුටිකෑවා. අද මාධ්‍යයෙන් රජය ගුටිකෑවා.
ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය වෙනුවෙන් යුක්තිය ඉල්ලා එතුමන්ගේ දියණිය ඇමෙරිකානු අධිකරණයක නඩුවක් ගොනු කළා. එහි තීන්දුව පසුගියදා ලබා දුන්නා. ඒ අනුව, ගෝඨාභය නිදහස්, නඩුව විසික් කළා කියලා අපේ මාධ්‍ය පොල් ගෙඩි අකුරින් වාර්තා කරලා තිබුණා.
මේ ඝාතනය සිදුව ඇත්තේ එවක රජය සමයේ බවත් තමන් එහි නිළධාරියෙක් පමණක් බැවින් ඒ රජයේ සිදුවූ ක‍්‍රියාවලියේ සම්පූර්ණ වගකීම තමන්ට බාර ගැනීමට නොහැකි බවටත් ගෝඨාභය රාජපක්ෂ මහතා එහි කරුණු දක්වා තිබෙනවා. මෙම තීන්දුව ලබාදී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ඒ තර්කයක් පදනම් කරගනිමිනුයි.
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්
පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේදී ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සිී මියගොස් ඇත්තේ ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටහතරක් වය
කොල්ලූපිටිය ගාලු මෝදර හෝටලය ඉදිරිපිටදී අද (26) දහවල් පුද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගිය බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ පනහක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් ලබාගෙන වංචා කළේ යැයි කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි පියුමාලී නැමැත්ත
ලොව වයස්ගතම ගී ගායන කණ්ඩායමට හිමි ලෝක වාර්තාව ’’ප්‍රයිම් ටයිමර්ස්’’ නම් ගායන කණ්ඩායම පසුගියදා හිමිකර ගත්තේය. ’’ප්‍රයිම් ටයිමර්ස්’’ ගායන කණ්ඩායමේ සා
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන ආවේය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
‘ගෝඨාභයගේ ක්‍රියාවෙන් මහින්ද යළිත් විදුලි පුටුවට යාමේ අවදානමක්’