IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


ගෝඨාභයගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කළ රීට් අයැදුම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනයක්

(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ශ්‍රී ලංකීක පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ රීට් ඇයැදුම්පත විභාගයට ගැනීම ප්‍රතික්‍ෂෙප කරමින් අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද (13) විශේෂ අභියාචනයක් ඉදිරිපත් කළේය.

සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු බව කියන ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් මෙම විශේෂ අභියාචන පෙත්සම ගොනු කර ඇත.

එහි වගඋත්තරකරුවන් වශයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ආර්.එම්.පී.එස්.බී රත්නායක, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන , එම අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, රහස් පොලිසි අධ්‍යක්ෂ ශානි අබේසේකර එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති එල්. දිසානායක යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිසි ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා ගෙන නොමැති හෙයින් ඔහු සතුව ඇති ශ්‍රී ලාංකික විදෙස් ගමන් බලපත්‍රය, ජාතික හැදුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතිකය අවලංගු කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට තිබු බව සඳහන් කරන පෙත්සම්කරුවෝ එම පෙත්සම සළකා බැලු අභියාචනාධිකරණය එය විභාගයට ගැනීම ප්‍රතික්‍ෂෙප කළ බවද සඳහන් කොට ඇත.

තම පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්‍ෂෙප කිරීම නීතීයට පටහැනි බව පවසන පෙත්සම්කරුවෝ ඉන් අගතියට පත්වීම නිසා මෙම විශේෂ අභියාචනය ඉදිරිපත් කළ බවද එබැවින් සිය පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්‍ෂෙප කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ  නියෝගය බලරහිත කරනැනැයි ඉල්ලා සිටිති.

තමන් ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්‍ෂෙප කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ  නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ තමන් ඉල්ලා ඇති සහනයන් ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිටිති.

 

 

 

 

 

 

 

 

 



අදහස් (19)

ගෝඨාභයගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කළ රීට් අයැදුම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනයක්

Cisco Wednesday, 13 November 2019 01:25 PM

මහජනයාගේ නැති කැමැත්ත මේ අයගේ අපේක්ෂකයාට නඩු දැම්මා කියලා නම් වැඩි වෙන්නේ නැහැ.

:       114       171

රත්න Wednesday, 13 November 2019 01:37 PM

පව් මේ දෙන්නා හට සහනයක් ලබාදිය යුතුයි. මොකද ඔවුන් ඉතා අසහනයකින් ඉන්න බව පේනවා...

:       127       2095

සමන්ත Wednesday, 13 November 2019 02:22 PM

ඔය කියන්නේ මේ දෙන්නා මරන්න ඕනේ කියලද? තමන්ගේ මතයට වෙනත් මිනිස්සු එන්නේ නැති වුණාම මරණ එකද ප්‍රතිපත්තිය? මේ රටේ සෑම පුරවැසියෙකුටම තමන්ට අසාධාරණයක් වුනා යයි හැඟුන විටෙක අධිකරණයට යන්න අයිතියක් තියෙනවා. ඒ අයිතිය අනුව ඒ අදාළ අය කළ යුත්තේ තමන් නිවැරදි බව පෙන්වන එක මිසක් ඒ මිනිස්සු මරණ එක නෙමෙයි. වනචාරි ගෝත්‍රික සමාජයක් නම් ඔය කියන දේ හරි. එ්ත් වෙන මොනවා හිතන්නද මිත්‍රයා? කොහොමත් අපි ඉන්නේ අවධියෙන් බව මතක තියාගත්තොත් හොඳයි.

:       2149       1018

MaheeWednesday, 13 November 2019 03:52 PM

සමන්ත ඔබ ඉතාම නිවැරදියි. මේ කොමෙන්ට්ස් දාන සමහරු හිතන්නේ වැරදිබව පෙනීයන දෙයක්... නීතිය ඉදිරියේ අභියෝහයට ලක් කිරීම දඬුවම් දිය යුතු වරදක් බවයි. එදා අලි සබ්රි නීතිඥවරයා මාධ්‍යයට පෙන්නපු ලියවිල්ල බොරුබව බොහෝදෙනෙක් හේතු සහිතව කියා සිටියා. ඒක අභියෝග කරන්න තිබෙන සුදුසුම තැන අධිකරණය නොවේද? නීතියේ ආධිපත්‍යය රැක ගත යුතුයි කියන මිනිස්සු මොකද අධිකරණයට යන මිනිස්සුන්ට දඬුවම් කලයුතුයි කියන්නේ? පක්ෂ පාට නිසා ඇස් අන්ධවෙලා...

:       1462       414

davidWednesday, 13 November 2019 05:56 PM

සමන්ත, මහී ඔය දෙන්න තරම් වහල්ලු තවත් නැහැ. උපන්දා ඉඳල එකම පක්ෂය බදාගෙන ඉන්නවා.

:       2       163

MaheeThursday, 14 November 2019 03:38 AM

ඩේවිඩ්, මේ ප්‍රවෘත්තියේ කිසිම තැනක වෙනත් අපේක්ෂකයෙකු ගැන සඳහන් වෙනවද? ගෝටා වෙනුවට වෙනත් කෙනෙකුට බලය ලබාදෙන්න ඉල්ලෙමක් තියෙනවද? නැහැ නේද? තේනුවර සහ වියන්ගොඩ නඩු දාල තියෙන්නේ වෙනත් අපේක්ෂකයෙකු ප්‍රොමෝට් කරන්න නොව එක අපේක්ෂකයෙක් රට රවට්ටන එක වළක්වන්නය කියන එක ඔබේ වහල් මනසට වටහාගන්න අමාරුයි නේද?අධිකරණයේදී මේ පෙත්සම ඔප්පු කරගන්න බැරිවුනොත් ගෝඨා නිවැරදි මව තහවුරු වෙනවා නේද? එහෙම වුනොත් හොනදයිනේ. අපටත් ඕන කවුද හරි කියල දැනගන්න විතරයි. ඇයි ඔබ ඒකට අකමැතිද? නැහැ ඔබ බයයි, ඔබේ වහල්කම නිසා ඔබ බයයි මේ පෙත්සම දිනයි කියල. මටනම් ඔය කිසිම අපේක්ෂකයෙක් වැදගත් නැහැ.

:       0       0

SankaThursday, 14 November 2019 04:03 AM

අපි දෙන්න හිටියේ... එත් අපිටත් දැන් හරි ප්‍රශ්නයක්.

:       0       0

Rasika Pradeep Wednesday, 13 November 2019 01:46 PM

ඡන්ද ප්‍රතිඵලය කට්ටියට පැහැදිලිවෙලා වගේ... මේ අයගේ ගාය ස්වභාවධර්මය විසින් හොඳකරලා දෙයි.. NGO සල්ලිවලට කඩේයන අය දැන් අායෙත් කුලප්පු වෙලා. තව දවස් තුනයි ඉවසන්න තියෙන්නේ ලොක්කා... එතකොට ඔය ගායවල් ඔක්කොම හොඳ වෙයි.

:       676       2337

රජින්ද Wednesday, 13 November 2019 02:14 PM

සමාජයේ පැවැත්මට හා සත්‍ය යටපත් කර අසත්‍යම වපුරන සිවිල් නියෝජිතයින්ව වහාම අධිකරණය හමුවට ගෙන්විය යුතුයි. මෙවැනි තමන්ගේ අපේක්‍ෂකයා වෙනුවෙන් රටක මහජනතාව මුලා කිරීම ද්වේශ සහගත බවයි මාගේ වැටහීම. ගෝඨා වහාම සිවිල් සමාජයේ සිටිනා මෙවැනි අසත්පුරුෂයින් සහ දේශපාලනයේ දී සිටිනා දුෂිතයින් සියළුදෙනාටම දැඩි දඬුවම් පැනවිය යුතුයි. එසේ නොවී අප වැනි රාජ්‍යන්ට අනාගතයක්, පැවැත්මක් නම් ඇත්තේම නැත.

:       438       1149

Mahee Wednesday, 13 November 2019 02:50 PM

සමහර වහලුන්ගේ කොමෙන්ට්ස් බලනකොට පෙනෙන්නේ ඔවුන්ට අවශ්‍ය රටේ නීතිය හෝ මැතිවරණ නීතිය බල ගැන්වීම නොව, මොන ක්‍රමයකින් හෝ ගෝඨාභය හරි යයි කියාපෑම පමණයි. අඩු වශයෙන් ඇමෙරිකාව තියා කිසිම රටක් "CANCEL" කියලා කියන්නේ නැති බවත් ඇමෙරිකානු ඉංග්‍රීසි වචනය 'CANCELED " නිසා ඉන් සැකයක් උපදින බවත් බොහෝ විද්වතුන් කියා තිබුණා. ඇයි අධිකරණයට ඔය තරම් බය? හැබැයි, අර රන්ජන් කියපු වර්ගයේ විනිසුරුවන්ගෙන් නම් බලාපොරොත්තු විය හැකි දෙයක් නෑ...

:       1364       570

sirisenaWednesday, 13 November 2019 04:50 PM

ඇත්ත අපේ පාක්ෂිකයන්ට නීතිය නැව්වත් එකයි කැඩුවත් එකයි හැදුවත් එකයි.

:       0       60

Dhanuka Wednesday, 13 November 2019 04:05 PM

ලේඛන නිසියාකාරව ඉදිරිපත් වී ඇතිබව මැතිවරණ කොමසාරිස්තුමා පිළිගෙන තිබෙනවා. මේ විකාර වැඩ තුළින් වෙන්නේ තමන්ගේ අපේක්ෂකයාගේ පරාජය තහවුරු කිරීමයි..

:       170       912

Gamarala Wednesday, 13 November 2019 04:19 PM

ගෝඨාභය රාජපක්ෂ යනු "රාජපක්ෂ යුවලට දාව ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේහයේ උපන් සිංහල පවුලක යුග පුරුෂයෙක්" බව ලංකාව ඇතුළු මුළු ලෝකයම දන්නා සත්‍යකි. එය වෙනස් කළ නොහැකියි. තම හිතේ පවත්නා දැඩි වයිරය, ඉර්ෂ්‍යාව, හා කෝපය දරා ගත නොහැකිව මානසික වියරුවෙන් දඟලන්නවුන් ගැන අනුකම්පා කරමු. දේවදත්තයගේ පරපුරෙන් පැවැත එන්නවුන් තවමත් ලෝකයේ ඇත. කියන්න ඇත්තේ අපේ රාහුල හාමුදුරුවෝ එකල කියන ලද "අහෝ මූසිල නොදිටි මොක්පුර" කියායි.

:       138       616

modaya Wednesday, 13 November 2019 04:27 PM

මින් ඉදිරියට ලංකාවෙන් අහලා පිටරට පුරවැසිභාවය ගත යුතුයි කියලා නීතියක් පැනවිය යුතුයි. 1948 දී නිදහස අප ලබා නොගත්තානම් අපි තවමත් බ්‍රිතාන්‍ය ජාතිකයින්. එහෙත් 1948 පෙබරවාරි 04 ට පෙර උපන් අද ජිවතුන් අතර සිටින සියලුම දෙනා එංගලන්තයේ පුරවැසි භාවය තියන අය වේ.

:       5       46

edwin Wednesday, 13 November 2019 05:54 PM

මේ ගමරාල නම් අර ගෝත්‍රික වහල් මානසිකත්වය ඇති කවටයෙක්ම තමයි.

:       37       0

Gamarala Thursday, 14 November 2019 04:46 AM

මා නම් උප්පතියෙන්ම සිංහල ගෝත්‍රිකයෙක් තමා. කවුරු මොනවා කිව්වුවත් විජය කුමාරයාගෙන් පැවත එන හොඳ සිංහලයෙක් තමයි. මේවගේ තුච්ච අදහස් දක්වන්න පුළුවන් වෙලා තියෙන්නේ ගෝඨාභය නිසා බව අමතක කරන්න එපා. 2009 මැයිමාසයට පෙර මහා මග සුළු දිය වගුරවමින් ගියේ ඔබල වැනි අය තමා!

:       6       3

Chanak los angeles Wednesday, 13 November 2019 11:06 PM

පළමුවම මේ ඉදිරිපත් කරන ලේඛන වල නොගැලපෙන වැරදි එමටයි. කෙසේ හෝ මෙම ලේඛන වල සත්‍ය අසත්‍යභාවය සහතික කෙරෙන්නේ uscis එකෙන්. මේ සඳහා කිසිම 3 වන පාර්ශවයකට ඒ සඳහා මැදිහත් වීමෙන් එය ලබාගත නොහැකියි. එහෙනම් කල යුත්තේ මෙය ලබා ගැනීමට අධිකරණ ක්‍රියාවලියකට යොමු වී ඒ තුලින් එම ලේකනයේ සනාථ භාවය සඳහා uscis වෙතින් ඉල්ලුම් කිරීමය. මෙය රාජ්‍ය කටයුත්තක් නිසා ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට රටේ අධිකරණයට නෛතික බලය හිමිය. මොනවා කරන්නත් ගෝඨා දිනන්න එපාය. ඒක නිසා කලබල නොවිය යුතුයි. අවශ්‍යතාවය මතුවුනොත් නිසි වෙලාවට නිසි ලෙස මොවුන් විසින් මේ පෙන්වන ලේඛනය ව්‍යාජද නැද්ද කියලා අපි ඔප්පු කර පෙන්වන්නම්. හදීසියේ හෝ ගෝඨා දිනුවොත් ඔහුට විරුද්ධව අධිකරණයේ ගොනු කෙරෙන ඡන්ද පෙත්සම වෙනුවෙන් ඔහුගේ නීතිවේදීන් විසින් පෙන්න පෙන්නා හංගන ලේඛන උසාවියට ඉදිරිපත් කල යුතුමනේ..

:       102       174

gmaralaThursday, 14 November 2019 08:58 AM

ඇයි ඔච්චර පරල වෙලා දඟලන්නේ? කවුරු මොනවා කිවුවත් ගෝටභය ලංකාවේ උපන්න සිංහලයෙක් නොවෙයි කියන්නද? එතුමා හොඳ සිංහල ජාතික වීරයෙක්. ඔය වගේම තමා ඇමෙරිකාවේ බැරක් ඔබාමා ජනාධිපතිවරණයට තරඟ කරන වෙලාවේ මහපාරේ ලියපු දේවල් අපමණයි. එත් එතුමා දිනුව මෙන්ම ලොව ජනප්‍රියම පුද්ගලයත් උනා.

:       0       0

rana Thursday, 14 November 2019 03:48 AM

අපේ බලාපොරොත්තුව නිතිය තුලින් සාමය නම් ?? ඒ දේ කලුතු කෙනා මුල සිටම රටේ උත්තර ලියවිල්ලට පටහැනිව යා නම් ?? මේ ලියන ගොඩක් මොනාද බලාපොරොත්තු වෙන්නේ ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අස්වැසුම ප්‍රතිලාභ වැඩි කිරීමට මුදල් සභාවේ අනුමැතිය
2025 ජනවාරි මස 15 34 0

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා දෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.


ගංවතුර හානියේ වන්දිය ඉක්මනට දෙන්න යයි
2025 ජනවාරි මස 15 64 0

2024 නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් හානියට පත් වගාවන්හි හානි පරීක්ෂාවන් අවසන්ව ඇති දිස්ත්‍රික්ක වල වන්දි මුදල් කඩිනමින් නිදහස් කරන බව කෘෂිකා


ජනපති-චීන ජනපති හමුව ඇරැඹෙයි
2025 ජනවාරි මස 15 329 1

ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව මේ මොහොතේ පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි


වරායේ කෝටි 26ක පාඩුවක් ගැන වරාය ඇමතිට-බිමල්ට පැමිණිල්ලක්
2025 ජනවාරි මස 15 941 1

වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අ



අපි ට්‍රම්ප් මරන්න හැදුවේ නෑ - ඉරානය
2025 ජනවාරි මස 15 1032 0

තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 245 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 556 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 307 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site