IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගෝඨාභය ඇමරිකා යයි

(නාලක සංජීව දහනායක)

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (27) අලුයම ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්විය.

සති දෙකක සංචාරයක් සඳහා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අද අලුයම 1.20ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බව ඒ මහතාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු පැවැසීය.  

සිය පවුලේ සාමාජිකයන් සමඟ සති දෙකක කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ලබන මස 12 වැනිදා නැවතත මෙරටට පැමිණෙන බවද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.



අදහස් (37)

ගෝඨාභය ඇමරිකා යයි

Bamunu Wednesday, 27 March 2019 03:24 PM

මේ මන් හිතන්නේ ඇමෙරිකාවටත් අර එළිය දෙන්න වෙන්න ඇති.. ඔය අපේ යුද්ධය අතරමගදී හමුදාවෙන් අස්වෙලා ඇමෙරිකාවට ගියෙත් අපේ රට ගැන හිතලා වෙන්න ඇති.

:       2709       2729

chathuri Wednesday, 27 March 2019 03:30 PM

ඇමරිකාවත් ඉල්ලන්නේම ගෝඨාවද?

:       2       459

BamunuarachchiWednesday, 27 March 2019 11:30 PM

ඔව් ත්‍රස්තවාදය තුරන් කිරීමට උපදෙස් ගන්න.

:       171       152

KevattayaFriday, 29 March 2019 10:47 PM

ඔව් මහින්ද අයියයි, බැසිල් මල්ලියි නැවත බලයට ඇවිත් අලුතින් පණ දෙන ත්‍රස්තවාදය ඇමෙරිකාවටත් ප්‍රශ්නයක් වන නිසා ඒ ගැන උපදේශයක් ගන්න වෙන්න ඇති...

:       0       1

NissankaThursday, 28 March 2019 04:19 AM

අන්තිමේදී ඇමෙරිකන් පුරවසිකමත් නැහැ. ජනාධිපතිකමත් නැහැ. ලනු දුන්න මැක්කෝ ටිකට හැංගෙන්න තැන් හොයාගන්න වෙනවා.

:       135       277

BamunuarachchiThursday, 28 March 2019 08:25 AM

ඒක ඒගොල්ලෝ බලාගනී ඔහේ අනුන්ගේ සීනි කිරන්නතුව ඉන්නකෝ. බලපල්ලකො! අපියි ඒවාගැන හිතන්න ඕනේ.

:       33       5

sirimal Wednesday, 27 March 2019 03:51 PM

එක කකුලක් එහෙ... අනෙත් කකුල මෙහෙ... කෝකටත් සුදානම් සරීරේ කියල කීවලු. සමහරවිට පුරවැසි කතන්දරේ තෝරාබේරා ගන්න ගියාද කවුද දන්නේ?

:       621       769

chandimaWednesday, 27 March 2019 05:31 PM

සිරිමල් කොලුවා දන්නේ නැති වුනාට ඔය අපේ මුදුන්මල්කඩ වගේ කියන මහා බෞද්ධ විද්‍යාල සමහරක් හදලා දීලා තියෙන්නෙත් ඇමෙරිකන් කාරයෝම තමයි. ඔවුන් නොඉන්න අපට ඒ කාලේ ඉහළින්ම තිබුනේ කතෝලික පාසල්. අනුන්න්ගේ වැරදි හොයලා වැඩක් නැහැ. ඇමෙරිකන් කාරයා උගේ රටට ආදරෙන් වැඩකරලා තමුන්ගේ රට ගොඩ ගන්නවා. අපේ උන් තමන්ගේ රටට වැඩක් කරන්නේ නැතුව උන්ට බැනබැන බකන්නිලාගෙන ඉන්නවා. වරද අමෙරිකාවේද? අපේද?

:       258       636

BamunuarachchiWednesday, 27 March 2019 06:13 PM

මේගොල්ලෝ ඉස්කෝලේ ගියාද කියලා සැකයි. තම ජාතියේ ඉතිහාසයවත් දන්නේ නැහැ. පස්දුන් කෝරලේ ගැන දන්නවාද දන්නේ නැහැ.

:       121       14

සමන් ඔස්ට්‍රලියා Wednesday, 27 March 2019 08:33 PM

ඔය කියන්නේ එංගලන්තේ ගැන වෙන්න ඇති . ඕල්කොට් තුමා ඇමරිකන් උනාට , රටක් වශයෙන් ඇමරිකාවෙන් සල්ලි වියදම් කරලා නැහැ

:       0       61

sirimalThursday, 28 March 2019 10:24 AM

ඕල්කොට් තුමා සිංහල බෞද්ධන් උදෙසා දිවයින පුරාම උසස් පෙලේ පෞද්ගලික පාසල් ආරම්භ කිරීම තුලින් අපේ රටේ බෞද්ධ පුනර්ජීවනය උදෙසා දැවැන්ත සේවයක් සිදුවුන බව කවුරුත් දන්නා කරුණක්. එසේ නමුත් එතුමා අනුගමනය කල පරම විඥානාර්ථ ප්‍රතිපත්තිය පිළිබඳව අදටත් විවේචන තියෙනවා. මහාචාර්ය නලින් සිල්වා වැන්නවුන්ගේ අදහස් මෙයට උදාහරණයි. හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමා බෞද්ධාගම වැළඳගෙන ලංකාවට පැමිණ අපේ රටේ පරිහානියට යමින් පැවති බුදු දහම නගා සිටුවීමට කටයුතු කිරීමට සමාන කිරීම ඕල්කොට් තුමා අතින් සිදුඋන එම පුජනීය සේවයට කරන ඉමහත් නිගරුවක් බවයි කිව යුත්තේ.

:       0       110

chandima Wednesday, 27 March 2019 04:02 PM

අර එක්කෙනෙක් මහා ජයට රටේ යුද්ධය යද්දී, පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකුත් වෙලා, ලංකාවට ආධාර දෙන්න එපෝ එපෝ කියකියා රට ගැන හිතමින්, ලෝකේ පුරා ගියා. ඒ මදිවට, රට ගිනි ගනිද්දී විනා වාදනය කලා වගේ, ඒ රටවල් වල ගිහින් විනෝදෙට බෝට්ටු පැද පැද සොමියේ නිවාඩු ගතකරලාත් ආවා නම්, මේ මනුස්සයා පාර්ලිමේන්තුවේත් නැතිව, දැනට නිකන්ම නිකන් අපි වගේ මිනිහෙක් වෙලා ඉද්දි, සති දෙකක් අඹු දරුවෝ බලන්න ගිය එක වරදක්ද? මොකද රට කැලි කැලි කඩලා දෙන්න දඟලන කෙනෙක්ද? පක්ෂවලට විදේශ වලින් ලැබුණු ආධාර අරමුදල් කාබාසිනියා කරගෙනද? නෑනේ? අනික තමුන්ගේ අතින් ටිකට් අරන්...

:       1714       1732

BamunuarachchiWednesday, 27 March 2019 04:24 PM

චන්දිම ඔය පිළිතුර ගොබ්බයින්ටද? නියමයි.

:       630       649

MaheeWednesday, 27 March 2019 10:27 PM

ඒ පිළිතුර බමුණුට හරියටම මැච් වුනා නේද?

:       0       24

athuraThursday, 28 March 2019 04:37 AM

එක වල්ලේ පොල්.

:       0       37

Chanak Los angelesThursday, 28 March 2019 04:02 AM

චන්දිම .. ඕක තමයි යථාර්තය ඒ වුනාට ඒවා තේරුම් ගන්න බැරි අයත් ඉන්නවා .

:       83       87

chinthaka Wednesday, 27 March 2019 04:10 PM

නම කිව්වත් පණ බයක්නේ සමහර මිනිස්සුන්ට. බය වෙන්න එපා ගෝඨාට බයවෙන්නේ ත්‍රස්තවාදීන්, පාතාලයින්, කුඩුකාරයින් වගේ අයනේ... කවුරු මොනවා කිව්වත් මුළු රටම, එක පයින්ම ගෝඨාට තමයි.

:       1721       1511

MaheeWednesday, 27 March 2019 05:17 PM

ඔබ හරි, තව බය වෙන අය ඉන්නවා. ගෝඨාගේ නඩුවලින් ඉල්ලා අස්වෙන අය, මෙයාට හේත්තු වුනේ නැත්නම් තමන්ට ගැලවීමක් නැතිබව දන්නා ත්‍රී වීලර් දේශපාලුවෝ ආදී වශයෙන්...

:       159       350

BamunuarachchiWednesday, 27 March 2019 11:23 PM

මිනිස්සු ඝෝඨාභය මහතාට විරුද්ධ වෙන්නේ කිසිම සාදාරන හේතුවක් නැතිව. එවගෙම් රනිල් පක්ෂව කතා කොරන්නෙත් කිසිම සාදාරන හේතුවක් නැතිව.

:       179       147

KevattaThursday, 28 March 2019 12:46 AM

එක පයින්ම ගෝඨාට කිව්වේ ගෝඨලගේ නම හදන්න යුද්ධ කරන්න ගිහින් කකුල් අහිමි කරගෙන දැන් එක කකුලකින් පමණක් ජීවත් වෙන අපී වීර සෙබළුන් ගැන වෙන්න ඇති. ඇස් අන්ධ අයත් ලක්ෂ ගණනින් ගෝඨා පස්සේ යනවා කියා ආරංචියි එළියක් දකින්න පුළුවන් වෙයි කියල.

:       111       122

athuraThursday, 28 March 2019 04:40 AM

ඇයි චින්තක මාද්‍ය වේධින්.. කවුරු මොනවා කිව්වත් මුළු රටම නෙමෙයි. මමත් මේ රටේ හැබැයි ගෝඨාභය මටනම් එපා.

:       258       212

Chanak Los angelesThursday, 28 March 2019 05:46 AM

ඔබට වැරදිලා ..

:       2       4

gobbayek Thursday, 28 March 2019 06:19 AM

මමත් මේ රටේ ගොබ්බයෙක්. මටත් ගෝඨාභය එපා.

:       97       107

Nihal Wednesday, 27 March 2019 05:28 PM

ඔබතුමා නොහිටියා නම් තවම යුද්දේ. මන් ඒ කාලේ කොළඹට ගියේ හරිම බයකින්. දැන් පිපිරුවා.. දැන් පිපිරුවා.. හැඟීම හැම තිස්සෙම හිතට ආවා. වරක් 99.99න් බේරුනේ...

:       720       713

athuraThursday, 28 March 2019 04:36 AM

ඒ කියන්නෙ මහින්ද නෙමෙයිද යුද්දේ ඉවර කලේ.

:       14       9

Chanak Los angelesThursday, 28 March 2019 05:11 AM

අනේ ඔව් එතුමා නොහිටින්න නාගරික සංවර්දන අධිකාරියේ සල්ලි වලින් මාපිය සොහොන් ගෙවල් හදන්න වෙන්නෙත් නැහැ. එතුමා එතරම් අවංක රටට ආදරේ කෙනෙක්.

:       133       143

Anon69 Wednesday, 27 March 2019 05:46 PM

මේ කාලේ ඇමරිකා එක්සත් ජනපදය Tax ගෙවන්න ඕනේ කාලේ. අප්‍රේල්15ට පෙර. සෑම පුරවැසියෙක්ම ලංකාවේ වගේ අමෙරිකාවේ TAX සෙල්ලම් බැහැ. ඉතින් ගෝඨා ඇමෙරිකාවට ඇවිල්ලා ඒ ටික එකලස් ක‍රන වෙන්න ඇති. ගෝටා ජනාධිපති වුණාම, ඇමෙරිකාවට TAX ගෙවන ශ්‍රී ලංකා ජනාධිපති. හැබැයි ඔක්කොම ඉන්කම් ඩික්ලෙයාර් කරද දන්නේ නැහැ. මොකද ඇමෙරිකාවෙයි, ලංකාවෙයි දෙකේම ඉන්කම් ඇති. මම කියන්නේ බොරුනම් ගූග්ල් එකේ සර්ච් කරලා බලන්න.

:       1264       1284

Thilina Thursday, 28 March 2019 01:34 AM

නොදන්නා දේට කට වහගෙන ඉන්නේ නැතුව නිකන් බොරු කියවන්න එපා.. ලංකාදීප වෙබ් අඩවියේම තියෙනවා සන්ඩේ ටයිම්ස් එකේ පලවූ දේශපාලන ලිපියේ පරිවර්තනය.. බොරු නොකිය ඒක කියවන්න ..ඒකේ තියෙනවා මෙතුමා ඇමරිකාවට ගිය හේතුව

:       36       82

පත්තර කාරයෙක් Wednesday, 27 March 2019 06:50 PM

එහෙම ඉන්න. බාගෙට ඇමෙරිකන් කාරයෝ අපිට එපා. මෙරටේ මිනිස්සුන්ට මොලයක් තියෙනවානම් මෙයාව විතරක් නොවෙයි, මේ රටේ එදා මෙදා දේශපාලනයට ගෑවිච්ච එකෙකුට වත් ඡන්දෙ දෙන්නේ නැහැ. අපි අලුත්ම නායකයෙක්,අලුත්ම පක්ෂයකින් බලයට ගෙනල්ලා මේ රට ලෝකයේ ලස්සනම රට කරනවා.

:       87       134

ranjith Thursday, 28 March 2019 12:15 AM

අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ කියමින් මේ රටේ ජනතාව ගොනාට අන්දන මොවූන් එම රට වලම රිංගගෙන මේ කරන දෙබිඩි පිළිවෙත කුමක්ද ජනතාව හැම දාම ගොනාට අන්දන්න පුළුවන් කියලා හිතාගෙන ඇති.

:       11       42

Chanak Los angeles Thursday, 28 March 2019 01:49 AM

ලංකාවට ගිහින් කියයි මම පුරවැසි භාවය අයින් කර ගත්තා කියා

:       51       20

Rata Perata Thursday, 28 March 2019 02:48 AM

එහේම ඉන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

:       32       12

rocky Thursday, 28 March 2019 02:49 AM

නිහාල් හරියටම හරි. හමුදාව අත හැරලා බයේ පැනලා ගිය ගෝඨාභය මහත්තය එයාගේ අයියා ජනාධිපති වෙච්ච හැටිය ඇමරිකාවේ ඉඳලා ආපහු ඇවිල්ල තනියෙන්ම එයාගේ තුවක්කුව උස්සාගන උතුරට ගිහිල්ලා දිශුම් දිශුම් කියලා මාර ෂොට් වලින් කොටින් ඔක්කොම ඝාතනේ කොරලා ඔයාව ගලවා ගත්ත!

:       105       169

අරුන Thursday, 28 March 2019 06:31 AM

මාර දේශප්ප්‍රෙමි පව්ලේ කට්ටිය ඇමෙරිකාවේ. කකුල් දෙක දෙපැත්තේ අපේ අය ඇමරිකන් විරෝධි

:       7       114

rocky Thursday, 28 March 2019 08:58 AM

එක කකුලක් ලංකාවේ. අනිත් එක ඇමරිකාවේ.

:       0       2

anura Friday, 29 March 2019 11:18 AM

තිබෙන ප්‍රතිචාර ධන හා සෘණ උණත් ඒවායේ ප්‍රමාණය බැලුවහම පෙනෙන්නේ නම් ගෝඨාභය මහතා ජනාධිපති වරණයේ තීරණාත්මක සාධකයක් බවයි.

:       8       20

rohana kumara mendis Saturday, 30 March 2019 09:06 AM

ගෝඨාභයට ඡන්දෙ කොහොම වෙතත් මනුස්සයන්ගේ කැමැත්ත මේ කොමෙන්ට්වලින් පේනවා. ලංකාවේ මනුස්සයින්ට අතීතේ අමතක නැහැ එහෙනම්... පව් අප්පා

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 203 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 646 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 181 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 189 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 749 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 248 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site