IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගෝඨාභය-රනිල් විනාඩි 40ක සාකච්ඡාවක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ උග්‍ර තත්ත්වයට පත්ව තිබෙන කොරෝනා වසංගතයට අදාලව ගත යුතු පියවර ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(17) පෙරවරුවේ පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොරෝනා වසංගතය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පෙරදා(16) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වූ දුරකථන සංවාදයේ  ප්‍රතිඵලයක් ලෙස මෙම  සාකච්ඡාව සිදු කෙරිණි.

ජනපති සහ එජාප නායකයා අතර පමණක් පැවැත්වූ  සාකච්ඡාව කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී විනාඩි 40 ක පමණ කාලයක් පවත්වා තිබේ.
කොරෝනා වසංගතය පිටුදැකීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනා  මාලාව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජනාධිපතිවරයාට පවසා තිබේ. 


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද(17) කොළඹදී සිදුකෙරේ.

මෙම හමුව සිදු වන්නේ රටේ වත්මන් කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් ඊයේ කළ සංවාදයකට පසුවය.

එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා ගේ පියාගේ අවමඟුලට සහභාගීවීමට රනිල් වික්‍රමසිංහ මහතා අද උදේ කොළඹින් බැහැර ගොස් සිටින අතර යළි කොළඹට පැමිණි වහාම මෙම හමුව සිදු වීමට නියමිත බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (19)

ගෝඨාභය-රනිල් විනාඩි 40ක සාකච්ඡාවක්

p.d goonawardena Tuesday, 17 August 2021 11:13 AM

ජනාධිපතිටත් සබ්ජෙක්ට් එක පුරුදු කරන්නද කොහෙද යන්නේ...

:       39       37

ගමරාළTuesday, 17 August 2021 03:13 PM

1970 ත් 1977 අතර කාලයේ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මැතිතුමා මුදල් ඇමතිකම කලා.ඒකාලයේ වරායට පැමිණි තෙල් නැවක් බාන්න බැරුව ගියේ ගබඩාවල ඉඩකඩ නොතිබුණු නිසා මුදල්ඇමතිතුමන් උපදෙසක් ඉල්ලුවෙ විපක්ෂ නායක ජේ.ආර්.ගෙන්. දැන් කාලේ උගතුන් වගේ ඒකාලෙ උගතුන් පක්ෂය කරතියාගෙන කටයුතු කලේ නැහැ.ප්‍රශ්න විසදන්න පක්ෂ භේද තියාගෙන බැහැ.මේ දෙදෙනා කර ඇත්තෙ හරිම දෙයයි

:       1       18

marikkar Tuesday, 17 August 2021 12:04 PM

අග්‍රාමාත්‍යවරයා ද වෙනස් කිරීමේ ඉඟියක් විය හැකිය. අගමැති මහින්ද සමඟ සම්බන්ධතාවය නරක අතට හැරෙමින් පවතින බව දැනගන්නට ඇත. කපටි රනිල් ඕනෑම විස්මිත පියවරක් ගත හැකිය.

:       34       33

Chandima Tuesday, 17 August 2021 12:31 PM

කරන්න දෙයක් නැතිනම් විපක්ෂයට උනත් දීලා බලමු .වෙන මොනවා කරන්නද ?කවුද දන්නේ අපලේ ඉවරද කියලා

:       8       35

CHANDIMATuesday, 17 August 2021 08:18 PM

හැබැයි කතාකරද්දී පරිස්සමෙන්. වචනයක්වත් වරද්දා ගන්න එපා...

:       3       41

ගමේවෙදාWednesday, 18 August 2021 06:49 AM

දැන් කාලේ කොම්පෝස්ට් පොහොර හදන්න ගත්තත්, කීර කොටුවලට ගත්තත් ප්‍රයෝජනයට නොගත් අතීතයේ කියමනක් තියෙනවා කුකුළ් බෙටිත් බෙහෙතට ඕනෑවෙනවා කියලා...

:       0       1

sameera Tuesday, 17 August 2021 12:33 PM

රනිල්ද කපටි, රනිල්ව එක රැයෙන් එලියට ඇදල දාල අගමැති උනු රාජපක්ශලාද​?

:       67       56

Sunil Tuesday, 17 August 2021 12:42 PM

කාලය නාස්ති වීමක් විතරයි වෙන්නේ

:       8       20

sachith Tuesday, 17 August 2021 01:05 PM

දැන් නම් බැඳුම්කර හොරුන්ට ලේසි වෙන් නෑ .හෙට අනිද්දාම හිරේ දාලා වංචා කරපු මුදල් ආපහු ගනී

:       5       34

kapila Tuesday, 17 August 2021 01:08 PM

IMF එකෙන් ණය ගන්න විදිහ කියල දෙන්නයි යන්නේ.

:       4       23

සිල්වා Tuesday, 17 August 2021 01:44 PM

හැබැයි දැන් සියළු වැරදි රනිල් කරපිට.

:       3       14

siri Tuesday, 17 August 2021 02:08 PM

කතා බස් කලේ නඩුහබ ගැන, නැත්නම් ජාතික ආණ්ඩුවක් ගැන නොවේ එහෙනම්...

:       0       4

janahitha Tuesday, 17 August 2021 03:08 PM

උවදුරක් ඇති වුනාම ඔක්කොම එකතුවෙලා මුහුණ දෙන්න ඔනි

:       1       6

Nandalal DE SILVA - FRANCE Tuesday, 17 August 2021 04:44 PM

ඔය කියන කොරෝනා සාකච්ඡා පටන් ගන්න තිබුණේ වසංගතය පටන්ගත් සතියේ නොවේද? දහස් ගණනක් මියගොස්, රෝහල්වල මළසිරුරු කඳු ගොඩගැසෙන විටද ගෝඨාට රනිල් මතක් වුණේ... සර්ට බැරිවුණා.. හමුදාවට බැරිවුණා. ඇමැතිවරිය දොට්ට දැම්මා... කොරෝනා දෙවියන්ට බාරකරපු එක්කෙනා ඇමැතිකමට දමලා.. රනිල් එක්ක බොරු ටෝක් දමනවා. මෙහෙමත් ලොක්කෙක්...

:       3       17

saliya Tuesday, 17 August 2021 05:59 PM

රජයේ පාර්ශවාකාර පක්ෂ, පසුපෙළ මන්ත්‍රීන්ට බැරිද දැන්වත් ඉදිරියට එන්න...? තමන්ගේ මතය ඉදිරිපත් කරන්න. වැඩ කළ හැකි කවුරුවත් නැද්ද?

:       1       8

Chandima Wednesday, 18 August 2021 08:22 AM

ඔය සාකච්ඡාවලට පුතාණෝ ගෙවාගන්නේ නැතිද?

:       0       2

Perera Wednesday, 18 August 2021 11:31 AM

අර මොල 07 බැසිල් ගොඩ එන්න ‘‘අදහස්‘‘ මොකුත් දීලා නැද්ද?

:       1       5

ganegodaWednesday, 18 August 2021 02:04 PM

මොල 07ක් කෙසේවෙතත්, එක වේලකට හාල්සේරු එකහමාරක බත් ගිලිනවලු. කාලකණ්ණි..!!! 

:       1       2

ගජමැන්Wednesday, 18 August 2021 02:49 PM

ඒක කිලෝවක් රුපියල් 3000 කට වැඩියිලු...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 324 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 107 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 54 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 75 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 658 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 825 0

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site