(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පිටවූ සුන්බුන් හා හා අපද්‍රව්‍ය ටොන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් ගුවන් හමුදා සාමාජිකයන් විසින් සොයා ගෙන අදාළ අංශවලට භාර දෙනු ලැබ ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසයි .
මීගමුව දුම්ගාල්පිටිය වෙරළ තීරයට සහ දෙහිවල ගල්කිස්ස මුහුදු තීරයේ ගොඩගසන ලද සුන්බුන් එකතු කිරීම සඳහා කටුනායක සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරුවල සාමාජිකයන් එක්දහස් පන් සිය පනහකට ආසන්න පිරිසක් පසුගිය 27 වැනිදා සිට ජුනි මස 2වැනිදා දක්වාවූ කාලයේදී යොදවනු ලැබූ බවද ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.
මෙයට අමතරව උස්වැටකෙයියාව සිට මීගමුව දක්වා වූ වෙරළ තීරයට ගොඩ ගසන ලද නෞකාව පිලිස්සුණු බහලුම් සහ සුන්බුන් පිළිබඳව ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා පසුගිය 26 වෙනිදා පුළුල් නිරීක්ෂණයක් කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි .
මේ අතර ගුවන් හමුදාවේ බෙල් 212වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් නැවේ ගින්න මතට ගිනි නිවීමේ වියළි රසායනික ද්‍රව්‍ය පවුඩර් කිලෝග්‍රෑම් 1830ක් හෙළන ලද බවත් මේ සඳහා එම හෙලිකොප්ටර් යානය ගුවන් ගමන් වාර දහනමයක් ක්‍රියාත්මක කර ඇති බවත් ගුවන් හමුදා ප්‍රධානීහු පවසති.
මෙයට අමතරව බීච් ක්‍රාෆ්ට් බී200වර්ගයේ ගුවන් යානාවක් ආධාරයෙන් ගින්න නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක් කරමින් එහි තොරතුරු සමුද්‍රීය පරිසර පරීක්ෂණ අධිකාරියටත් නාවික හමුදාව ඇතුළු අදාළ අංශවලටත් ලබාදීමට පියවර ගත් බව ගුවන් හමුදා මූලස්ථානය පවසයි.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගිනිගත් නෞකාවෙ සුන්බුන් ටොන් 300 අහුලයි
chandima Friday, 04 June 2021 02:43 PM
කවුද මේ වගේ වෙලාවක ගණන් මිනුම් කියන්නේ..? ඒක හතෙන් වැඩි කරලා ඒ වන්දි ඉල්ලනවා මිසක්.. උපන්ගෙයි මෝඩයින් ටිකක්නේ... වෙන මොනවා කියන්නද?
Rata Perata Friday, 04 June 2021 03:24 PM
වන්දි ගන්නනේ ඕක ගෙන්නුවේ කියන්නේ.. ඔය සුන්බුන් මැදමූලනටම ගිහින් දාන්න.
Kumara Friday, 04 June 2021 06:14 PM
බඩගෝස්තර 227ටම දුන්නා නම් තමයි හොඳ...
janahitha Saturday, 05 June 2021 03:48 AM
මේකට වගකිව යුතු වරායේ දූෂිත නිලධාරීන්, රහස් පොලීසිය යොදා දඬුවම් කළ යුතුය.