IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘ ගිනි ගත් නැවේ ආනයනකරුවන්ට අපි වන්දි ගෙවන්නේ නෑ ‘

(සුමිත් ප්‍රේමතිලක )

ඉකුත් මැයි මස අවසානයේ  එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් එහි තිබූ  දේශීය ආනයනකරුවන්ට අයත් රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුත් දේපොළ සඳහා වන්දි මුදල් ලබාදීම  රජයට අයත්  කාර්යක් නොවන බව වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (07)  පැවසීය .

ඒ මහතා මේ බව පැවසුවේ   අද පානදුර පොදු වෙළඳ වෙළඳ සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන්  මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. 

වන්දි මුදල් ලබානොදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීම  පිළිගත නොහැකි කාරණයක්. එය රජයට අයත් කාර්යයක් නොවෙයි.  නැවක ප්‍රවාහනය කරන භාණ්ඩ විනාශ වූ පසු ඒ සඳහා වගකිව යුත්තේ අදාල නැව් සමාගම . වන්දි මුදල් ලබා දිය යුත්තේ ඔවුන් රක්ෂණය කර ඇති  අදාළ රක්ෂණ සමාගමෙන් . ඒ බව අගතියට පත්  කණ්ඩායම මා  සමග සාකච්ඡා කිරීමේදී මම ඔවුන්ට දැනුම් දුන්නා .

අප වන්දී ලබාදුන්නේ  කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක වල පදිංචි අගතියට පත්  ධීවර ජනතාවටයි.‘

 



අදහස් (8)

‘ ගිනි ගත් නැවේ ආනයනකරුවන්ට අපි වන්දි ගෙවන්නේ නෑ ‘

kamal Sunday, 07 November 2021 03:00 PM

බඩු ආනයනය කෙරුවෙත් මේ රටේම මිනිස්සුමනේ... පාඩු වෙන්නෙම අපේ අයටයි. රටේ ආණ්ඩුව මේගොල්ලන්ව රක්ෂණ සමාගම් එක්ක බලාගන්න කියලා කුඩම්මාගේ සැලකිල්ල නොදක්වා රජය මගින් බලධාරියෙක් පත්කරලා රක්ෂණ සමාගම් වල වන්දි ලබාගැනීමට උදව් කරන්න පුළුවනි. නමුත් මේ ළඟදී ඡන්දයක් නැහැනේ...

:       12       34

ලක්මාල් Sunday, 07 November 2021 06:53 PM

ආනයන අපනයන වෙලදාමේදී අදාළ භාන්ඩ රක්ෂනය කිරීම අනිවාර්යය අවශ්‍යතාවක්. එතකොට යම් හානියකදී අදාළ රක්ෂන ආයතනය වන්දි මුදල් ගෙවනවා. මේ ආනයනකරුවන් හදන්නේ රජයෙනුත් වන්දි ගන්න .

:       0       0

Rexi Sunday, 07 November 2021 03:15 PM

එතකොට රටේ ජනතාවට උදව් කරන්න ඇමැතිතුමා කැමැති නැහැ නේද? හරිනම් ජනතාව වෙනුවෙන් කතා කිරීම ආණ්ඩුවක යුතුකම නොවේද රත්තරන්...?

:       9       29

රත්‍රන්හාමි Sunday, 07 November 2021 05:07 PM

භාණ්ඩ ගෙන්වීම කරලා තියෙන්නේ සජබ කට්ටියයි, ජවිපෙ කට්ටියයිලු.. ඒක නිසා ගෙවන්න බැරිලු.

:       5       22

Demuni Uduwara Sunday, 07 November 2021 05:38 PM

ආත්මාර්ථකාමී දේශපාලකයෝ බලයට එයි!

:       0       1

Abdul Sunday, 07 November 2021 06:01 PM

පිටරටවල ලංකාවේ වැඩකරන අයත් මේවයේ බඩු එව්වා. එහෙම එවන බඩු රක්ෂණය කරලා නෙමෙයි එවන්නේ... මොකද කිව්වොත් රක්ෂණයටත් වැඩි මුදලක් යන නිසා ඒවට වගකීමක් ගන්නෙත් නැහැ. නැව් සමාගම් ලොකු ආනයන කරුවන්ට නම් පාඩුවක් නැහැ. මොකද හැම එකක්ම වගේ රක්ෂණය කරලා එවන නිසා පොඩි මනුස්සයා තමයි පව්...

:       0       11

Lalith M Monday, 08 November 2021 07:05 AM

රක්ෂණය නොමැතිව බඩු ගෙන්වන අය ඒ ගැන දැනුවත්.. එය මභජන බදු මුදලින් ගෙවිය යුත්තක් නොවේ.

:       0       2

saman Sunday, 07 November 2021 07:54 PM

හැම වෙලාවේම ගන්නේ අපේ මිනිස්සුන්ගේ පැත්ත නෙවෙයි .චන්දෙ කාලෙට විතරයි ජනතාවගේ පැත්තේ ඉන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 142 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 98 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 139 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 437 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 649 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 738 3

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 772 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site