(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරසය හේතුවෙන් මේ වන විට ගැබිනි මවුවරුන් 14 දෙනකු සහ අවුරුදු 5ට අඩු දරුවන් 13 දෙනෙක් මරණයට පත්ව ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා (මාතෘ හා ළමා සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.
කොවිඩ් පළමු රැල්ලේ සිට මේ දක්වා ගැබිනි මවුවරුන් 2,404 දෙනෙක් එම වයිරසයට ගොදුරු වී ඇතැයි ද වෛද්‍යවරිය සඳහන් කළාය.
ගැබිනි මවුවරුන්ගේ මරණ සියල්ල වාර්තා වූයේ කොවිඩ් තුන්වන රැල්ලේ දී බව ද ඇය කීවාය. විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය මේ බව පැවසුවේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අධිරුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු හා අක්මාගත රෝග, අධික ස්ථුලතාව ආදියෙන් පීඩා විඳින සහ වයස අවුරුදු 35ට වැඩි ගැබිනි මවුවරුන්ට කොවිඩ් ආසාදනය වුවහොත් සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇතැයි ද ඇය කීවාය.
කොවිඩ් හේතුවෙන් මිය ගිය මවුවරුන් ද එවැනි අය බව වෛද්‍යවරිය සඳහන් කළාය.
ගැබිනි මවුවරුන් වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කළේ ඒ හේතුවෙන් බව කී වෛද්‍යවරිය බලාපොරොත්තු වූ ගැබිනි මවුවරුන් ප්‍රමාණය එන්නත් ලබාගෙන නැතැයි ද පැවසුවාය.
යම් යම් සංකූලතා ඇති ගැබිනි මවුවරුන් එන්නත් ලබාගැනීම ඉතා වැදගත් බව ද ඇය කීවාය.
දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර
යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට
කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
“ගැබිනියන් 14ක්, අවුරුදු 5ට අඩු දරුවන් 13ක් කොවිඩ් නිසා මියගිහින්’’