(ඩයනා උදයංගනී)
මෙරට ගැබිනි මවුවරුන්ගෙන් සියයට 75කට මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය.
ගර්භනී මවුවරුන්ට කොවිඩ් එන්නත් ලබාදීමේ සතියක් මේ වන විට ක්‍රියාත්මක අතර එහිදී ද ගැබිණි මවුවරුන් බොහෝ දෙනෙක් එන්නත් ලබාගෙන ඇතැයි කී අධ්‍යක්‍ෂවරිය මෙතෙක් එන්නත් නොගත් අය සිටී නම් නම් ප්‍රදේශයේ සායනයට, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ රෝහලට ගොස් ලබාගන්නැයි තමා ඉල්ලීමක් කරන බව ද සඳහන් කළාය.
ගැබිනි මවකට කොවිඩ් ආසාදිත වුවහොත් සංකූලතාවලට ලක්වීමේ ඉඩ ඉතා වැඩි බව කී විශේෂඥ වෛද්‍යවරිය මේ වන විට මෙරට කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන්ගේ මරණ 32ක් සිදුව ඇතැයි ද කීවාය.
මෙය ඉතා භයානක තත්වයක් බව කී චිත්‍රමාලි ද සිල්වා මහත්මිය දැනටත් කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරු 900ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, ආරම්භයේ සිට මේ දක්වා මෙරටින් කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් 4,200ක් පමණ වාර්තා වී ඇති බවත් පැවසුවාය.
විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය fමේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කර්මාන්ත සඳහා වෙන් කළ ඉඩම් කඩිනමින් නිදහස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මඩකලපුවේ පොල් පැල ලක්ෂ හතරකට ලෙඩක් වැළඳී තිබෙන බව මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා:-(ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඌණ උපයෝජිත රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ වතු වලටත් වන සතුන් එන බැවින් එම වන සතුන් ගණන් කිරීම සඳහා සත්ව සංගණනය පැවැත්වෙන හෙට දින පාර්ලිමේන්තුවට නිවාඩු ලබා
මෙරට තේ කර්මාන්ත ශාලා 709ක් පමණ තිබුණා මේ වන විට එයින් කර්මාන්ත ශාලා 124ක් වැසී ගොස් තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත ක
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගැබිනි මවුවරුන්ගෙන් සියයට 75කට කොවිඩ් මර්දන එන්නත් දී අවසන්