(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ලංගමයට සිදුවූ පාඩුවට රුපියල් මිලියන 142 ක් අයකර දෙන මෙන් ඉල්ලා ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කොළඹ වානිජ මහාධිකරණය හමුවේ ගොනු කළ නඩුවේ වගඋත්තරකරුවන්ට දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතා ගොනු කළ අභියාචන පෙත්සම සළකා බැලීම මාර්තු 26 වැනිදා තෙක් කල්දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියම කළේය.
එම නඩුවේ වගඋත්තකරුවන් වූ අනුර ප‍්‍රියදර්ශන යාපා සහ සුසිල් පේ‍්‍රමජයන්ත යන මහත්වරුන් නිදහස් කරමින් අධිකරණ තීන්දුව ලබාදී තිබූ අතර ඊට එරෙහිව හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීවරයා පෙත්සම ගොනු කර තිබිණි.
එම පෙත්සම විජිත් මළල්ගොඩ , මුර්දු ප‍්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (25) සළකා බැලිණි.
එම ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ගාමිණි අමරසේකර මහතා මෙම නඩු විභාගයට සහභාගි වීමට අකමැත්ත පළ කිරීම නිසා පෙත්සම සළකා බැලීම මෙදිනට කල් තැබිණි.
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගාමිණී සේනරත්ගේ ඇපෑල මාර්තුවට කල්යයි
Rata Perata Saturday, 26 January 2019 08:47 AM
මේ වගේ ඒවාට අදහස් දාන්න ගොන් බමුණෝ එකෙක් වත් නෑ, ඔක්කොම ඉන්නේ නූගත් හොරු රකින්න. දැන් ඉතින් කෙනෙක් දායි මහබැංකුව ගැන, දැන්මම කියන්නේ එ්කට සම්බන්ධව නඩු තියෙනවා මිනිස්සු අත්අඩංගුවට අරගෙන තියෙනවා. එ්ත් ඇවන්ට් ගාර්ඩ්, ශ්‍රී ලන්කන්, මිහින් එයාර්, සිල් රෙදි වගේ 100ක් හොරකම් වලට කිසි නඩුවක් තිබුනේ නෑ.
පිටිගල මිලානෝ Saturday, 26 January 2019 10:02 AM
මම නිතරම මේ මෝටර් බයිසිකලයක් විතරක් තිබ්බ සහ ඥාති සහෝදරයා රජවී පසුව මහජනයා එලවනතෙක් මොහු විසින් හම්බ කරපු කොළඹ හතේ ගෙවල් දුසිම සහ අනිත් දේවල් ගැන විවිධ අවස්ථාවල පෙන්වා දුන්නා. එ්ත් මොහු තාම නිදැල්ලේ...
DilshanSaturday, 26 January 2019 01:35 PM
මෙයා සමනළ තටුවක් යටද හැංගිලා ඉන්නේ?
sandy123Saturday, 26 January 2019 12:34 PM
එ්කට තමයි කියන්නේ අන්ධ භක්තිකයෝ කියලා. ඔබ අහලා නැතිද? කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු අංගවිකල අන්ධ භක්තික ඡන්ද දායකයෝ ඉන්නකම් ඒවා එහෙම තමයි. දූෂණ විරෝධී කිව්වට තමන්ගේ එකෙක් ගෙන් (හිතා ගෙන ඉන්නවා එහෙම කියල්ල නමුත් ලැබෙන පුහුලක් නැහැ) හොරකමක්, ජඩකමක්, මිනීමැරුමක්, දූෂණයක් වුනාම සද්ද නැහැ.
sandy123Saturday, 26 January 2019 12:34 PM
එ්කට තමයි කියන්නේ අන්ධ භක්තිකයෝ කියලා. ඔබ අහලා නැතිද? කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු අංගවිකල අන්ධ භක්තික ඡන්ද දායකයෝ ඉන්නකම් ඒවා එහෙම තමයි. දූෂණ විරෝධී කිව්වට තමන්ගේ එකෙක්ගෙන් (හිතා ගෙන ඉන්නවා එහෙම කියලා නමුත් ලැබෙන පුහුලක් නැහැ) හොරකමක්, ජඩකමක්, මිනීමැරුමක්, ස්ත්‍රී දුෂණයක් වුණාම සද්ද නැහැ.
Chanak los angeles Sunday, 27 January 2019 04:48 AM
මම මේ ගැන හැම වෙලේම අහපු කෙනෙක් .. දවසක් මාද්යවේදියෙක් පැරදුන ජනපතිගෙන් අහනකොට ඔබගේ ජනපතිවරණයට ලංගමයෙන් ගත් බස්රථ වෙනුවෙන් ගෙවිය යුතු මුදල පැහැර හැරලා තිබෙන්නේ ඇයි කියා ඔහු කියපි මගෙන් අහලා වැඩක් නැහැ ගිහින් අහන්න ඒවා ගත්ත අයගෙන් කියලා ... එතකොට අපි අහන්නේ රටේ හිටපු නායකයෙක් තම ජනාධිපති කාර්ය මණ්ඩලය හරහා ජනපතිවරණය වෙනුවෙන් ගත් බස්රථ වලට ගෙවීම අනුන් පිට පටවා මග හරින්නේ කොහොමද ? මෙහෙම පොලු තැබුවාම එම ආයතනය දුවන්නේ කොහොමද කියලයි .. අපිට කනගාටු මේවගේ පොලු තියපු එවුන් නැවත ජනතාව ඉදිරියට ඇවිල්ල අනුන්ට ඇඟිලි දික් කරමින් රට කරන්න ඉල්ලන එකටයි මුන්ට රෙදි නැතුව කඩේ යන එවුනුත් ඉන්න එකටයි