IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ගම්පහ කොරෝනා රෝගීනට නිවෙසේ සිටියදීම ප්‍රතිකාර

( තිලකරත්න දිසානායක.)

කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූවද රෝග ලක්ෂණ නොපෙන්වන නිදන්ගත රෝගවලින් නොපෙලෙන රෝගීන් තම නිවෙස්වලම තබා අවශ්‍යවූවහොත් පමණක් රෝහල්ගත කිරීමේ වැඩපිළිවෙලක් ගම්පහ දිස්ත්‍රික්කයේ ආරම්භ කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කර සිටියේ, සියලුම ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම වෙනුවට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කොට ඇති බවය.

මේ යටතේ රෝග ලක්ෂණ නොපෙන්වන අවුරුදු 5 ත් 60 ත් අතර වයසේ පසුවන කොරෝනා ආසාදිතයින් සිය නිවෙස්වල වෙන් කොට තබාගත හැකිනම් පමණක් නිවැසියන්ගේ කැමැත්ත මත මෙම වැඩපිළිවෙළ සිදු කෙරෙන බවද අධ්‍යක්ෂවරයා කීය.

මෙලෙස නිවෙස්වල සිටින රෝගීන් සම්බන්ධයෙන්, ජාතික මට්ටමේ කොවිඩ් ඇමතුම් මධ්‍යස්ථානයේ පැය 24 පුරා රැදී සිටින වෛද්‍යවරුන් විසින් රෝග තත්ත්වයන් පිළිබඳව දෛනිකව දුරකථනයෙන් විමසා බැලීම සිදු කරන බවත් යම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කළහොත් වහාම ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කිරීමට පියවර ගන්නා බවත් වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැහැදිලි කළේය.

 



අදහස් (4)

ගම්පහ කොරෝනා රෝගීනට නිවෙසේ සිටියදීම ප්‍රතිකාර

Lalith M Sunday, 01 August 2021 08:15 PM

ඇයි දැන් කියවන්නේ. මීට කලිනුත් ඕකම මහ ප්‍රසිද්ධ කර පටන්ගත්තා නේද. රෝහල් ඇඳන් පිරෙනකොට නැවත මතක් වෙනව නේද.

:       0       0

kapila Sunday, 01 August 2021 08:41 PM

වෙන ඉතිං මොනවයි කියලා කරන්නද? රෝහල් වල ලෙඩ්ඩු පිරිලා. රට හොඳටම ඇරලා...

:       0       0

Mangala Sunday, 01 August 2021 11:40 PM

ඉතාමත් හොද තීරණයක්.

:       0       0

Sri Lanka Monday, 02 August 2021 03:50 PM

ඕක තමයි සෙමට බෙහෙත් කරන ක්‍රමය. බොරුවට කෝටි ගණන් මැෂින් ගෙනැල්ලා අපේ සල්ලි ඔක්කොම පිටරටට යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 229 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 173 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 827 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 228 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 703 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 153 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site