(තිළිණි ද සිල්වා)
රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ජනාධිපති කොමිසමට ගොනු කළ පැමිණිල්ලට අදාළව සාක්කි ලබා දීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක සහ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට ජූලි 11 වැනිදා එම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් අද ( 27) සිතාසි නිකුත් කරනු ලැබ ඇත.
වත්මන් රජයේ ආයතන වල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් මෙම සිතාසි නිකුත් කරන ලදී.
අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ගොනු කළ එම පැමිණිල්ල අද එම කොමිසම හමුවේ කැඳවූ අතර එහිදී කෙටි සාක්කියක් ලබා දීම සඳහා තීනියාවල පාලිත හිමියෝ එම කොමිසම හමුවේ පෙනී සිටියහ.
එහිදී සාක්කි දුන් පාලිත හිමියන් කියා සිටියේ රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා රජයේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගනිමින් සිදු කළ ආකරය ගැන තමන්ට වඩා වැඩිදුර තොරතුරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා දන්නා බවය.
ගම්මන්පිල මහතා සතුව ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තා පවතින්නේ යැයිද උන්වහන්සේ කොමිසම හමුවේ පවසා ඇත.
එම කරුණු සැලකිල්ලට ගත් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොමිසමේ පොලිස් ඒකකයට ජූලි 04 වැනිදා පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසත්, සාක්කි ලබා දීමට ලබන ජූලි 11 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසත් දන්වමින් සිතාසි නිකුත් කරන ලදී.
විදේශීය රටවලින් මුස්ලිම් ජනතාව ගෙන්වා මුස්ලිම් ග‍්‍රාමනිලධාරීන් ලවා ව්‍යාජ උප්පැන්න සහතික සකස් කර ඒවා ඡන්ද නාමලේඛන වලට ඇතුළත් කර ඇතැයි කියමින් හා ඔහු සතුව මන්නාරමේ ඉඩම් අක්කර 3000ක් පවතින බවට වත්කම් බැරකම් ප‍්‍රකාශ වලින් හෙළි වීම සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසම හරහා නිසි පරීක්ෂණ පවත්වන්නැයි ඉල්ලා පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පැවැත්වීම එම පැමිණිල්ල ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලය මීට පෙර තීරණය කෙරිණි.
තවද මහ පරිමාණ ජාතික ව්‍යවසනයකට මුල් වූ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර අවිශ්වාසය ගොඩ නැගීමට අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සහ නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා කටයුතු කර ඇතැයිද තීනියාවල පාලිත හිමියන් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් විණි.
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගම්මන්පිලට ජූලි 11 ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි
Chanak los angeles Friday, 28 June 2019 01:54 AM
ඒ වගේම රාජපක්ෂලා මරාගෙන මැරුණු මුස්ලිම් අන්තවාදීන් සමග තිබුණු සම්බන්ධයත් මොහුගෙන් හෙලිකරගන්න කියා මම යෝජනා කර සිටිනවා .. මන්ද මොහු කට ඇරියොත් කියන්නෙම මොහු තරම් දන්නා කෙනෙක් නැහැ කියලනේ... ඒවාට මිසි පිළිතුරු නොදී රාජපක්ෂලාව සුද්ද කරමින් පිළිතුරු දුනහොත් එහෙනම් රිෂාඩ්ලා ගැන නගන චෝදනාත් මොහු කියන්නේ බොරු බව සලකන්න ..
ravi Friday, 28 June 2019 07:46 AM
ජාතික ඇඳුමක් ඇඳගෙන හැමදාම.. පාර්ලිමේන්තු යන" හාමුදුරුවෝ " නේද මේ..?