ඉන්ධන මිල වැඩි කිරීම ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ආණ්ඩුවේම කොටස් වෙතින් ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව දියත් වූ ප්‍රහාරයට ත්‍රිකුණාමලය තෙල් ටැංකි නැවත රජයට පවරා ගැනීමට අමාත්‍යවරයා ගත් උත්සාහය හේතු වූයේ දැයි සැක පහළ වී තිබේ.
ඒ අනුව ඉන්ධන මිල මූලික කරගෙන ඇමතිවරයාට ඇමතිධුරයේ රැදී සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බව හඟවා ඔහුව එම ඇමතිධුරයෙන් ඉවත් කිරීමේ උත්හාසයක් මේ පිටුපට තිබෙන්නට ඉඩ ඇතැයි ඉරිදා ලංකාදීප පුවත්පතට ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති රණතුංග ලියන දේශපාලනයේ හෙට දවස විශේෂාංගයෙන් අනාවරණය කර තිබේ.
එහි මෙසේ සඳහන් වෙයි,
තෙල් මිල වැඩි කිරීමෙත් සමග පොහොට්ටුවෙන් එල්ල වූ වාග් ප්‍රහාරයත් ඒ සමග විපක්ෂය ගෙන එන විශ්වාසභංගයට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු යම් සාධනීය ප්‍රතිචාරයක් දැක්වීමත් ගම්මන්පිල ඇමතිවරයා ඛනිජ තෙල් සම්බන්ධ අමාත්‍යංශයෙන් එළවීමට දරන ප්‍රයත්නයක් ද යන්න ගැන සැක පහළ කරයි.
එයට හේතුව නම් දැනට ඉන්දියාවට බදු දී ඇති ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි සමූහය යළි රජයට පවරා ගැනීමට ගම්මන්පිල ඇමතිවරයා ඉකුත් සමයේ දැරූ ප්‍රයත්නයයි. මෙම ප්‍රයත්නයත් සමග ඉන්දියාව සහ ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් ඇතිවුණේය. ඉන්දීය විදේශ ඇමතිවරයා කඩිනමින් ලංකාවට පැමිණියේය.
මෙම තෙල් ටැංකි ආපසු ගැනීමක් ගැන මැතිවරණ ප්‍රකාශයේ සඳහන් නොවූ අතර මෙම නිසා ආණ්ඩුවේ යම් පාර්ශ්වයක් ඉන්දියාව හමුවේ අසීරුතාවයට පත්වූ බව එකල කියැවිණි. මේ නිසා එදා පටන් ඇමතිවරයාගේ තනතුර තිබුණේ යම් බලවතුන් පිරිසකගේ ක්‍රෝධයට ලක්වය.
එනිසා බොහෝ දුරට මෙම ප්‍රශ්නය අවසන් වනු ඇත්තේ ඇමතිවරයාට වෙනත් අමාත්‍යංශයක් භාරවීමෙනි. ඒ ගැන දැන ගන්නට ඉදිරි සති දෙක හොඳටම ප්‍රමාණවත්ය.^ යැයි එම විශේෂාංගයේ සටහන්වෙයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගම්මන්පිල විරෝධය, තෙල් ටැංකි ගන්න හැදුවාට රිටන් එකක්ද?
යෝගා Saturday, 19 June 2021 01:36 PM
අපේ කරුමේ ඉන්දියාව අසල්වැසියා වීමයි. කරන තරමක් කරන්නේ සතුරු කම් මයි.
Vithana Saturday, 19 June 2021 02:28 PM
කරන්න බැරි දේවල් නොකියා ඉන්න ඕනා මිනිස්සුන්ව රවටලා ඡන්දේ ගන්න.
ගයන් සුරංග Saturday, 19 June 2021 08:07 PM
තෙල් ටැංකි නැවත රජයට පවරා ගැනීමට අමාත්‍යවරයා ගත් උත්සාහය... ඒක මිනිස්සු රවට්ටන්න කියපු කතාවක්.
sampath Saturday, 19 June 2021 10:02 PM
රජය සම්පත් විකුණන්නේ නෑ කියලා හැම එකේම වගේ හැමදාම තිබුණු තෙල් ටැංකි පවරා ගැනීම කළ යුතුයි. ඒක ඊ ළඟට එන කෙනා කළත් කමක් නෑ. ඉන්න කෙනා කළත් කමක් නැහැ. ඒවා ජනතාව සතු දේපළ... කොහොමත් ඉන්දියාව අපි හැම අතින්ම දරුණු විදිහට සූරන් කනවා.. අපි බය කරන් ඉන්නයි හදන්නේ... මේකට හොඳම උත්තරේ දුන්නේ 88-89 කාලයේ මේකේ කියපු දේ මොකක් වුණත් ඉන්දියාව සම්බන්ධව සියලු දෙනා අවධියෙන් සිටීම නුවණට හුරුයි.
fairoos Sunday, 20 June 2021 12:22 PM
"තෙල් ටැංකි නැවත රජයට පවරා ගැනීමට අමාත්‍යවරයා ගත් උත්සාහය" මේවා පට්ටපල් බොරු... වහල්ලුන්ට නම් හොඳයි.
Joseph Sunday, 20 June 2021 01:09 PM
පිස්සු විකාර.... මොකද ගම්මන්පිල බලෙන් තෙල් ටැංකි ගන්නද? ...
Rata Perata Sunday, 20 June 2021 01:15 PM
ඔය කෙහෙල්මලක් නෙමෙයි තෙල්මිල වැඩිවීම ජනතාවට අමතක කරන්න දාපු සංදර්ශනයක්.