(ප‍්‍රදීප් කුමාර)
මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයට ඉකුත් 14 වන දින පිරිසක් විසින් බලහත්කාරයෙන් කොවිලක් ඉදි කිරීමට මුල් ගලක් තැබීමෙන් අනතුරුව එම විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර කිත්ති හිමියන් හා එම පිරිස අතර උණුසුම් තත්වයක් ඇති විය ඒ සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය සාමය කඩවීම යටතේ මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයේ දෙපාර්ශ්වයටම නඩු පවරන ලදී.
ඒ අනුව නඩුව අද (24) මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අතර එහිදී විහාරාධිපති හිමියන්ගේ පාර්ශ්වය එම විහාරස්ථානය පුරාවිද්‍යා භූමියක් වශයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.
එම කරුණු සැලකිල්ලට ගනිමින් විහාරභූමියේ ලබන පෙබරවාරි 12 වැනිදා දක්වා කිසිඳු ඉදිකිරීමක් නොකරන ලෙසටත් එදිනට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාට වාර්ථාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් මුලතිව් මහේස්ත‍්‍රාත් එස් .ලෙනින් කුමාර් මහතා නියෝග කළේය.
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගුරුකන්ද විහාරභූමියේ ඉදිකිරීම් නොකරන ලෙස නියෝගයක්
[email protected] Thursday, 24 January 2019 06:36 PM
පුදුම සාමය කඩවීමක් ගැන තමා පොලිසිය උසාවියට කරුනු වාර්තා කරලා තියන්නේ.. අපේ වත්තේ කවුරු හරි බලෙන් ගෙයක් හදන්න හදනකොට, අපි විරෝධය දැක්වුවොත් පොලිසිය සාමය කඩවීම යටතේ වත්තෙ අයිති කාරයාවයි, බලෙන් ගෙයක් හදන්න ආපු අයවයි දෙගොල්ලොම උසාවියට දැම්මා වගේ වැඩක් මේක.
Indhika Friday, 25 January 2019 01:00 AM
මට තේරුම් ගන්න බැරි කාරණා දෙකක් තියෙනවා. 1) පන්සලට ඇවිල්ල කෑ ගහල පාර්ට් දැම්මම ඇයි පන්සලේ හාමුදුරුවන්ට විරුද්දව නඩු දාන්නේ? 2) වෙන කෙනෙක්ගේ ඉඩමක බලෙන් ගොඩ නැගිල්ලක් හදන්න යද්දී ඉඩම පුරාවිද්‍යා ද නැද්ද කියන එක අදාළ නැතිව ගොඩනැගිල්ල හදන එක නීති විරෝදියි නේද? ඇයි 12වෙනිද වෙනකම් විතරක් තහනම? අන්තිමට ඔතන වෙන්නේ, කොහොම හරි ඔය කෝවිල හැදෙන එකයි.
Bamunuarachchi Friday, 25 January 2019 02:17 AM
ආගමික ස්ථානයක් තුල තවත් ආගමික ස්ථානයක් ඉඳිකිරීමට යාම සමපූර්ණයෙන් තහනම් කරනවා වෙනුවට දින ගණනක් නියම කොට ඒ කාලය තුල ඉඳිකිරීම් කරන්න එපා කියන්නේ ඒ කාලයෙන් පස්සේ ඉන්ද්දීකිරීම් කරන්න පුළුවන් කියන එකද? එහෙමනම් සිංහල බෞද්ද අපිට වැල්ලවත්තේ කෝවිලක් තුල පන්සලක් ඉඳිකිරීමට පුළුවනි නේද? මේ අවුරුදු 4 සිංහල බෞද්දයා බලු කරලා තිබෙන හැටි. කිසි දෙසපාලුවේ ඔය ගැන කතා කොරන්නේ නැහැ නේද?
NuwanFriday, 25 January 2019 08:16 AM
ඔය සංහිඳියාව කියලා එකක් මේ ආණ්ඩුවෙන් ගෙනාවේ සිංහල අපිව බෙලහීන කරලා සුළු ජාති රජ කරවන්න. මේවට වගකියන්න ඕන හැම දේශපාලකයාටම හෙන ගහන්න ඕනෑ...
sumu Friday, 25 January 2019 02:42 AM
මේවා දකිනකොට තමය් ඇගෙ මලු නටන්නේ සිංහලයට ගිය කලක්
DarshanaFriday, 25 January 2019 10:53 AM
සහතික ඇත්ත... කියවලා ගස්සවගන්න වගෙයි වුවමනාව ....
Vipula Friday, 25 January 2019 03:19 AM
ඉන්ධික මහත්මය ඔබගේ අදහස සමග 100% එකගයි ....
Lal Friday, 25 January 2019 04:07 AM
නැවත එජාප රජයක් බිහිඋනොත් සිංහළ බෞද්ධයට වෙන්නේ පොලොවේ පස්කන්නයි.
dhamneth Friday, 25 January 2019 07:06 AM
ලෝකේ මොන රටේ වුවත් පවතින ආගමික, සිද්ධස්ථානයක් අස්සේ වෙනත් ආගමික සිද්ධස්ථානයක් ඉදිකරන්න හදනවා නම් එයින් පෙනීයන්නේ අන්තවාදීන් ගැටුමක් ඇතිකරන්න උත්සාහකරන බවයි. මුලතිව් දිස්ත්‍රික්කයේ ඕනෑතරම් ඉඩම් තියනවා. එකක් අස්සේ එකක් ඉදිනොකළාට... අනික දැන් ලෝකයේ කිසිම ආගමක් අදහන්නේ නැති ජනතාව සීඝ්‍රයෙන් වැඩිවෙනවා එම ආගම් අදහන්නේ නැති ජනතාව ලෝකේ කිසිම රටක ආගමික ප්‍රශ්න ඇතිකරන්නේ නැතිව හොඳින් ජීවත්වෙනවා. හොඳ හැදියාවක්, හොඳ හැසිරීම් රටාවක් තිබෙනවා අද බොහෝමයක් ආගමික නායකයින් තමන්ගේ සුඛවිහරණය සඳහා ආගම් යොදාගන්නවා.. ඒ ඇත්තන්ට ආගම් තමා වෙනුවෙන් මිසක් ශ්‍රාවකයන් වෙනුවෙන් නොවෙයි..