IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ග්‍රාමීය කාන්තාවන් ලබාගෙන ඇති ණය කපාහැරීමේ වැඩපිළිවෙළක්

(කුෂාන් ජයවර්ධන)
 
ග්‍රාමීය කාන්තාවන් ලබාගෙන ඇති කුඩා ණය කපාහැරීම මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවත් ගමේ ආර්ථීකය ශක්තිමත් කරමින් වෙහෙර විහාර සංවර්ධනයට විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැකිරාවේදී පැවැසීය.
 
කැකිරාව ඇලගමුව ශ්‍රී දේවතිස්ස විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා අභීනවයෙන් ඉදිකෙරුණ රන්වැට විවෘත කිරීම හා විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත නව දෙමහල් දහම්පාසැල් ගොඩනැගිල්ලට මුල් ගල තැබීම අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අද සිදු කෙරිණ. 
 
ඒ වෙනුවෙන් පැවැති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වමින් මෙසේ කීය.    
 
 ‘‘කුඩා ණයගත්ත කාන්තාවන්ගේ එම ණය අවලංගු කරන්න අපි ක්‍රියාකරගෙන යනවා. හැම අතින්ම ණය බර අඩු කරලා අතේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි කරලා ගම දියුණු කරන්නයි අපි මේ වැඩසටහන් ඉදිරියට ගෙනියන්නේ.
 
මේ රටේ ජනතාවටත් අමාරුකාලයක් තිබුණා. දුක් විඳපු කාලයක් තිබුණා. අපේ ණය බර වැඩි වෙලා අපිට දුක් විඳින්න වුණා.ඒක අපි පිළිගන්නවා. ඒ එක්කම මේ වැඩසටහන් යටතේ දැන් ආයෙමත් අපේ දියුණුව ඇති කරගන්න පු`ථවන් තත්ත්වයකට පත්වෙලා ඒ එක්කම කෘෂිකර්මාන්තය දියුණු කරන්න මීට වඩා හොඳ මිලක් ලබලා දෙන්න කටයුතු කරනවා අපි බලා පොරොත්තු වෙනවා මේ කන්නයේ වී වලට හොඳ මිලක් ලබලා දෙන්න. ඒ ගැන තමයි දැන් ක්‍රීයාකරගෙන යන්නේ. 
 
ගම්පෙරළිය වැඩසටහන යටතේ අපි දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයකටම රුපියල් මිලියන 300ක් ලබා දෙනවා. දැනට මිලියන 200ක් දීලා තියෙනවා. ගම්පෙරළිය කියන්නේ ගමට ගෙනල්ලා මුදල් දාන එක. 
 
ගමට මිලියන දෙතුන් සියයක් වියදම් කළාම කාටද ඒ මුදල් හම්බ වෙන්නේ? මේ ප්‍රදේශයේ ඉන්න අයට. අවුරුදු දෙකක්තුනක් ගමේ අය නියඟය නිසා පසුබෑවා. දැන් එතැනින්න ගොඩ එන්න අත දෙන වැඩසටහන් අපි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේ වගේ වැඩසටහන් ගණනාවකින් අපි මුදල් දෙනවා. 
 
තවත් මුදල් ලබා දෙන වැඩ සටහන් දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. ගමේ අයට ව්‍යාපාරයක් කරන්න ඕනෙනම් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අපි පහසු ක්‍රමයකට ණය මුදල් ලබා දෙනවා. මේ හැට එකෙන්ම අපි බලන්නේ විශේෂයෙන්ම ගමේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි කරන්න."



අදහස් (8)

ග්‍රාමීය කාන්තාවන් ලබාගෙන ඇති ණය කපාහැරීමේ වැඩපිළිවෙළක්

Amila Tuesday, 19 March 2019 04:48 AM

හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මයිකො ක්‍රෙඩිට් ආයතන ණය දීලා තියෙනවා. අනික අපේ මිනිස්සු ණය ගන්න පහසු වුණහම තමයි මේවා අරන් හිර වෙන්නේ. ගන්න ක්‍රම වේදය අමාරු කරන්න

:       5       3

දයානන්ද Tuesday, 19 March 2019 05:08 AM

ඩඩ්ලි සිරිසේන මහත්තයට තමයි මේක මුලින්ම පෙනුනෙ. එතුමාට මගේ ගෞරවය.

:       15       55

Nissanka Tuesday, 19 March 2019 05:25 AM

ඉතාම හොඳ වැඩක්. ඒත් මේ ආණ්ඩුව ඉඳහිට හරි කරන හොඳ වැඩක්වත් ජනතාව අතරට යන්නේ නෑනේ. මොන දේ කළත් වැඩක් නෑ ජනතාවගේ ප්‍රසාදය දිනාගන්න ප්‍රචාරක මාධ්‍ය හරහා වැඩපිලිවෙලක් පටන් ගත්තේ නැත්නම්. පොහොට්ටුවේ ප්‍රචාරක කටයුතු තමා සියලුම මාධ්‍ය හරහා සිදු වන්නේ.

:       111       56

pradeep Tuesday, 19 March 2019 07:40 AM

මේවා ඔක්කොම බොරු .... හිතුවද මේ පාර

:       46       100

කැලුම් Tuesday, 19 March 2019 09:15 AM

මේ සඳහා ඇති අයදුම්පතේ තමන් උපන් නගරය පිරවීමට තිබිය හැකිය. එවිට කිසිදු කාන්තාවක් ගමක ඉපදී නොමැති බවත් සියලුදෙනාම නගරයක ඉපදී ඇතිබවත් තීරණය කරනු ඇත.

:       1       11

Rohana Tuesday, 19 March 2019 11:37 AM

මේවා ඡන්ද වැඩ. දුක හිතිලා නහය කපා හරිනවා නොවෙයි.

:       2       2

casmir Tuesday, 19 March 2019 12:02 PM

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට මිනිස්සු යන්ඩ හේතු දෙකක තියනවා. ගිනි පොලියට ගමේ IRC කාරයාගෙන් ණය ගන්න ගෙවල් උකස් කරන්න ඕනෑ.. බැංකුවලින් කවදාවත් ඇප නැතුව සල්ලි දෙන්නේ නැහැ. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වලින් ගොඩ ගිය ගොඩක් පවුල් ඉන්නවා. ගොඩක් ආයතන හරි මග පෙන්වීම් කරනවා. මෙතන හල්මෆියා කාරයාගේ හොඳ කියපු මනුස්සයා ටිකක් හොයලා බලන්න ඔය මනුස්සයා රටට කරන විනාශය... තනිකරම මිනිස්සුන්ට වස කවන්නේ. මේ මනුස්සයා අයියාගේ කළු සල්ලි සුදු කරනවා...

:       0       0

Bamunuarachchi Tuesday, 19 March 2019 01:42 PM

කාගේ සල්ලිද මෙහෙම විනාස කොරන්නේ. මේ මහජන මුදල්. බැංකුවලින් මේ මිනිසුන්ට ණය දුන්නේ නුඹලාගේ කීමට සහ ඇප වීමට. ණය කපා හැරීමෙන් පාඩුව ජනතාවට දමන්න එපා. මෙත් මහජන මුදල් අවබාවිත කිරීමක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 609 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 496 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1728 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site