(දයාරත්න ඇඹෝගම)
විලච්චිය ඇත්දල්කල්ල රාහුල විද්‍යාලයේ ගුරුවරියකගේ කනට පහරදී බරපතල තුවාල කර පලාගොස් ඇතැයි කියන එම ප්‍රදේශයේම පාසලක සේවය කරන ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි විලච්චිය පොලිසිය කියයි.
ගුරැවරිය මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
පහර කෑමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ විලච්චිය ඇත්දල්කල්ල රාහුල විද්‍යාලයේ ගීතා රංගනී පොන්සේකා නැමැති 53 හැවිරිදි ගුරුවරියකි.
විලච්චිය සිද්ධාර්ථ විද්‍යාලයේ පාසල් කිහිපයක් අතර පැවැති ක්‍රීඩාතරගය අතරතුරදී සාලියමාලා පාසලේ ක්‍රීඩා ගුරුවරයෙකු විසින් මෙම ගුරුවරියට පහරදි ඇතැයි මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන විලච්චිය පොලිසිය කියයි.
තමාට පහර දුන් ගුරුවරයා තමා ක්‍රීඩාපිටියේ සිටිනවාට වැඩි කැමැත්තක් දැක්වූයේ නැති බවත්, ක්‍රීඩාපිටියෙන් ඉවත්වන්නැයි බලපෑම් කළ බවත්, එයට තමන් එකඟ නොවූ නිසා පහර දුන් බවත් ගුරුවරිය පැවසුවාය.
සැකකාර ගුරැවරයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බවත් විලච්චිය පොලිසිය පවසයි.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගුරුවරියගේ කන පැලූ ගුරුවරයා සොයා පරීක්ෂණ
prabha Friday, 01 March 2019 08:58 AM
ඔය චන්ඩියාගේ නම ගම වතගොත කෝ.................
polishpathi Friday, 01 March 2019 09:49 AM
ඔය චණ්ඩියා උස්සල පොළොවේ ගහනවා
Kamal Friday, 01 March 2019 10:36 AM
හදාගන්නනේ ගහන්න ඇත්තේ. අපේ කාලේ නම් පොලිසි ගියේ නැහැ ඕවට...
Sumith Saturday, 02 March 2019 12:16 AM
වැරදිලා ගැහුවද දන්නේ නැහැ...
hemaka Saturday, 02 March 2019 09:40 AM
ලංකාවේ ගුරු වෘත්තියට ගිය කලක්... ඉස්සර දෙවිවරු හා සමාන වූ ගුරුවරු දැන් කොහෙද? 77න් පසු සැබෑ මනුෂ්‍ය ගුණාංග නැති වූ බවටත්, තවදුරටත් නැති වෙන බවත් මෙවන් සිදුවීම්වලින් මනාව පැහැදිලි නොවන්නේද?