IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ගුරුවරු - විදුහල්පතිවරු රථ පෙළපාළියකින් හෙට කොළඹ එති

(රංජන් කස්තුරි)

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ප්‍රදේශ හතරකින් කොළඹට රථ පෙළපාලියකින් පැමිණෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියයි.

මීගවුව පාරේ නවලෝක ක්‍රිඩාංගනය අසලින්, නුවර පාරේ කඩවත අධිවේගී පිවිසුම අලසින්, හයිලෙවල් පාරේ පන්නිපිටි ධර්මපාල විදුහල අසලින්  සහ ගාලු පාරේ මොරටුව නගරයෙන් එම රථ පෙළපාළි ආරම්භ කරන බව  ද එම සමිති සන්ධානය සඳහන් කරයි.

රථ පෙළපාළිය අද පෙරවරු 10 ට ආරම්භ කෙරෙන අතර දහවල් 12ට පමණ කොළඹට පැමිණ ජනාධිපති කාර්යාලය දක්වා ගමන් කරන බව ද ගුරු විදුහල්පති  වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයෝ පවසති.



අදහස් (21)

ගුරුවරු - විදුහල්පතිවරු රථ පෙළපාළියකින් හෙට කොළඹ එති

narada Tuesday, 03 August 2021 08:04 PM

ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේක නම් කරන්න එපා... කියලයි.

:       651       1221

senaTuesday, 03 August 2021 09:00 PM

අවසානයක් නොමැති පෙළපාළි සහ උද්ඝෝෂණ නිසා වැටුප් වැඩිවීමක් කෙසේ වෙතත් පෙළපාලිවල ප්‍රතිඵලයක් ලෙස කොරෝනා වැඩිවීමක් සහ මරණ වැඩිවීම සීඝ්‍රයෙන් ඉහළ යාමේ හැකියාවක් පවතියි...

:       1       0

RaveendraWednesday, 04 August 2021 06:05 AM

එකඑකාගේ අතකොලු... එක එකාගේ පඹයින් වුණාම ගෞරවාන්විත රැකියාවේ ගෞරවය ගැන හිතන්න මොලේ පෑදෙන්නේ නැහැ.. කිසිදා බලය ලබාගැනුමට නොහැකි එක ගොන් පක්ෂවල සාමාජිකයින් වෘත්තීය සමිතිවල නායකයින් ලෙස පත්කර ගත්තාම ඔහොම තමයි.

:       1       0

pradeepa Tuesday, 03 August 2021 08:15 PM

හෙට ටිකක් ආණ්ඩුව සැරට ඉඳියි... හැමදාම බැහැනේ බලාගෙන ඉන්න.

:       12       161

gamunu Tuesday, 03 August 2021 08:20 PM

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පාලනයකින් තොරව පැතිර යන්නා වූ අවස්ථාවක, වෛද්‍ය උපදෙස්, සංචරණ සීමාවන් නොතකා, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් නීතියට අවනත නොවී කරගෙන යන්නා වූ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ආණ්ඩුවට බලකරමින් කරන්නා වූ උද්ඝෝෂණ සහ රථ පෙළපාලි නිසා අවසානයේ සිදුවන්නේ සීඝ්‍රලෙස කොරෝනා වැඩිවීමක් සහ විශාල වශයෙන් මරණ වැඩිවීමක් හැර වැටුප් වැඩිවීමක් නොවන බව අවබෝද කරගන්න. වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින්, නායකයින් රටේ ජනතාවගේ සෞඛ්‍යය පිළිබඳව කිසිඳු තැකීමක් නොකර කරන්නා වූ මෙවැනි අත්තනෝමතික ක්‍රියාවන් නිසා මේ අවස්ථවේ නීතිය මැදිහත් වීමක් ජනතාව බලාපොරොත්තු වේ. පළමුව වෛරසය පාලනය කොට දෙවනුව වැටුප් වැඩිකිරීම් පිළිබඳව සලකා බැලීමට වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන්, නායකයන් සූදානම් නොමැතිනම් කඩාකප්පල් කාරී උද්ඝෝෂණ නැවතීමට නීතිය මැදිහත් වනු ඇත. කොරෝනා වෛරසය (ඩෙල්ටා) සීඝ්‍රයෙන් පාලනයකින් තොරව පැතිරීයන නිසා රටතුළ විශාල මරණ වැඩිවීමක් සිදුවිය හැකි බැවින් උද්ඝෝෂණ නවතා පළමුව වෛරසය පාලනය කරන්න.

:       1       0

Chandima Tuesday, 03 August 2021 09:31 PM

මේකට සහයෝගයට පෙට්‍රල් ටිකක් වාහනවලට ලබා දෙන්නකෝ... කට්ටිය තව සතියක් දෙකක් ඔතනම සුද්ද කර කර ඉඳීවි.

:       1       0

Rohana Tuesday, 03 August 2021 10:29 PM

ආණ්ඩුව ප්‍රශ්නය විසඳන්නේ නැත්නම් මහජනතාවට අපහසු වුවත් මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත...

:       0       1

මුණසිංහ Tuesday, 03 August 2021 10:37 PM

ගුරු නෝනාවරුනි, මහත්වරුනි, රෝහල් වල ඇඳන් පිරිලා ඉවරයි. කල්පනාවෙන්... ඊට පස්සේ ආණ්ඩුවට දොස් කියන්න එපා අපිට රෝහලක් නැහැ. ඇඳකුත් නැහැ. ගුරුවරුන්ට සලකන්නේ මෙහෙමද කියලා...?

:       19       48

kumara Wednesday, 04 August 2021 12:03 AM

ගුරුවරුන්ගේ පඩිය ඉතාම අඩු එකක් බව ඇත්ත.. එ්ත් මේ භයානක අවස්ථාවේ රටේ ජනතාවගේ මරණ මතින් වැඩි කරගන්නා වේතනයේ ඇති අරුත කුමක්ද? ඔබතුමන්ලා "ගුරුවරුන්" නම් ඇයි මෙවන් වේලාවක රටත්, ජනතාවත් අපහසුතාවයට පත් කරන්නේ? කරුණාකරලා දේශපාලන ගැටවලට අසු නොවී ගරුත්වය තියාගෙන ඉන්න කියලා කරුණාවෙන් මතක් කරන්න කැමතියි. මතක තියාගන්න ඉදිරියේදී කොවිඩ්වලින් සිදුවන හැම අහිංසක මිනිසෙකුගේ මරණයන්ට ඔබත් වගකිව යුතු බව...

:       0       0

Gamini Wednesday, 04 August 2021 12:48 AM

ලංකාවේ මිනිස්සුන්ට පිස්සු කියන්නේ එකයි .වසංගතයක් වෙලාවේවත් ආත්මාර්තකාමී මිනිස්සු

:       1       0

කැට ජෙප්පා Wednesday, 04 August 2021 01:10 AM

ජවිපේ රට හැදීම

:       1       0

Namal Wednesday, 04 August 2021 01:20 AM

මොන දේ ලබා ගන්නත් රටක් තියෙන්න ඕනේ .සමහර මිනිස්සු කොච්ච‍ර අසරණ වෙළද ඉන්නේ .මේ වැඩ කරන කාලකන්නින්ට මොලේ පෑදේවා කියා ප්‍රාර්ථනා කරනවා

:       0       0

රමණී Wednesday, 04 August 2021 01:30 AM

ඇත්තෝ කති බොති ප්‍රීති වෙති, නැත්තෝ වටපිට බලති හුලං බොති කියන එකේ අන්තිම ටික හූල්ලති කියලා වෙනස් කරමුද? ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ට නොකඩවා රජයෙන් වැටුප් ලැබෙන නිසා ඔවුන්ට රථ පෙළපාලියට අවශ්‍ය කරන මුදල් තියෙනවා. ඔවුන්ගේ ක්‍රියා මාර්ග නිසා ඉගෙනුම අහිමි සමහර දරුවන්ගේ ගෙවල්වල පාපැදියක් වත් නැති අතර පෙට්‍රෝල් ඩීසල් ගහනවා තියා තුන්වේල කන්නවත් පුළුවන් කම නැති පවුල් ඉන්නවා රට පුරා කොවිඩ පැතිරෙන නිසා. ගුරු විදුහල්පති පෙළපාලියේ ප්‍රතිඵලයක් ලෙස තව ටිකක් රටේ කොරෝනා රැල්ලක් අවුලුවා දැමීම මේ පෙලපාලි සංවිධානය කරන අයගේ පැතුම වෙන්න ඇති. එදාට දුප්පතුන් නැති ලෝකයක් බිහිවෙයි දුප්පතුන් කන්න නැතුව මැරෙන නිසා. රජයෙන් පඩි ගෙන වාහනවල කොළඹ පෙලපාලි එන්න පුළුවන් ගුරු විදහල්පතිවරුන් කා බී ප්‍රීති වනු බලා මුදල් නොමැති ඔබගේ ගෝලයන් වටපිට බලලා හූල්ලමින් හුලං බීම මේ පෙලපාලි කාරයන්ගේ ප්‍රීතිය තව දුරටත් වැඩි කරනවා ඇති.

:       0       0

අප්පුවා Wednesday, 04 August 2021 02:12 AM

ඔවුන්ට කරදර කරන්න එපා. ඩෙල්ටා ටොපිකාලා ගෙදර යන්න දෙන්න...

:       0       0

Puppa Wednesday, 04 August 2021 06:13 AM

මේවා මේ විදිහට වෙන්නේ ආණ්ඩුවේ වරදින්, ගුරුවරු මේ විදිහට කවදාවත් හැසිරුණේ නැහැ. හැමදාම දේශපාලකයෝ ඔවුන් රැවැට්ටුවා. කම්කරුවෙකුටත් අද දවසේ පඩිය රුපියල් 2000 යි.

:       0       0

chandana Wednesday, 04 August 2021 08:16 AM

සොච්චම් පඩියකින් ජීවත්වන දුප්පත් ගුරුවරු කී දෙනෙකුට වාහන තිබේදැයි දැනගැනීමේ මාහැඟි භාග්‍යය ජනතාවට ලැබෙන කදිම අවස්ථාවකි. එයින්ම මෙම උද්ඝෝෂණ වල යතාර්ථය මහජනතාවට වටහාගැනීම පහසු වනු ඇත. මහජන අවහිරතා වැළැක්වීම සඳහා රජය සෘජු පියවර ගතයුතුයි. මෙවැනි උද්ඝෝෂණ වල නිරත වන දිනයන් වලට මහජන මුදලින් මොවුන්ට වැටුප් ගෙවීමද බරපතල වරදකි...

:       1       23

RaveendraWednesday, 04 August 2021 11:55 AM

ඇත්ත වශයෙන්ම අප කිසිවෙකු නොසිතු පැතිකඩක් ඔබගේ අදහස් වලින් මනා ලෙස පෙනෙන බව කිව යුතුමය. එමගින් අප සැමට මේම වර්ජනය පිටුපස සිටින්නේ ගුරුවරුන්ද, ගුරු හොරුන්ද නොඑසේ නම් විපක්ෂයේ තක්කඩි රැලද එසේත් නැත්නම් සමාජවාදය ගැන කෑ මොර දෙන කාලකන්නි ජෙප්පන්ද යන්න....

:       1       0

මුණසිංහ Wednesday, 04 August 2021 02:02 PM

පාසල් දවසක ඉස්කෝලේ ඇරුණාට පස්සේ එළියට යන වාහන දිහා බැලුවද?. ප්‍රයිවට් හොස්පිටල් වලින් දොස්තරලා එළියට එනවා වගේ...

:       0       0

Prase Wednesday, 04 August 2021 08:26 AM

මේක විහිළුවක් .මිනිස්සු ඉල්ලන ඉල්ලන වෙලාවට පඩි වැඩි කරලා දෙන්න ගියොත් දුප්පත් අපිට හිඟා කන්න වෙන්නේ මුන්ට පඩි දෙන්න . වැඩ කරන්න බැරි නම් අස් වෙලා යන්න ඕනේ .ඕනේ තරම් ජොබ් නැති මිනිස්සු ඉන්නවා

:       0       63

සැම් Wednesday, 04 August 2021 08:40 AM

ගුරුවරුන්ට අපේ සහාය, ජය වේවා!

:       0       20

p.d goonawardena Wednesday, 04 August 2021 08:58 AM

දැන් රථ ගාය හැදිලද ඒ පාර​...? මේ දවස්වල බිස්නස් නැති නිසා උඩින් නම් එන එකක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 646 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 178 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 533 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 134 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1795 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site