IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගලක් කඩා වැටී ශ්‍රී පාද වන්දනාකරුවන් තිදෙනෙකුට තුවාල

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
නල්තතන්නිය - ශ්‍රීපාද මාර්ගයෙන් මහගිරිදඹ ප්‍රදේශයේදී ගලක් කඩා වැටීමෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
 
ඊයේ (27) සන්ධ්‍යාවේ දී සිරි පා වන්දනා කරමින් සිටිය දී ඔවුන් මෙම අනතුරට ලක්වී ඇත.
 
මෙසේ තුවාල ලබා ඇත්තේ තංගල්ල හා ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. 
 
අනතුර සිදුවන අවස්ථාවේ වර්ෂාව පැවති බවත්, විශාල ශබ්දයක් සමඟ ගල පහළට කඩා වැටුණු බවත් ඔවුහු පවසති.
 
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බව දික්ඔය රෝහල් ආරංචි මාර්ග පවසයි. 



අදහස් (6)

ගලක් කඩා වැටී ශ්‍රී පාද වන්දනාකරුවන් තිදෙනෙකුට තුවාල

ශාන් Friday, 28 December 2018 06:33 AM

සිරීපාදයේ බල මහිමය....

:       1152       310

Vipula Friday, 28 December 2018 10:24 AM

ශාන්, ඒ බැතිමතුන්ගේ පින් මහිමය වෙන්න බැරිද?

:       210       23

perera Friday, 28 December 2018 12:41 PM

මේක සිරීපාදේ ගිය බැතිමතුන්ගේ ප්‍රශ්නයක්වත්, සිරීපාදේ බලමහිමයේ වරදක්වත් නොවේ. මේක සොබාදහමේ ක්‍රියාකාරකමක්... මෝඩ විදිහට මේක බලන්න එපා අනතුරට මුහුණදුන් අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න...

:       0       584

lankasri Friday, 28 December 2018 08:51 PM

මෙය තමන් කළ අකුසල කර්මයක් ඵලදීමකි. නමුත් මෙවැනි අවස්ථාවක චුතියක් සිදු වුනි නම් බොහෝ විට උපත දිව්‍යලෝකයක වේ. චුති සිතට නැගුණු අවසන් සිතුවිල්ල බුදුන් වැඳ පුදා ගැනීමේ ප්‍රසාද සිත නිසා...

:       0       0

Sathyayaa Friday, 28 December 2018 11:59 PM

බොරුව, වංචාව, දූෂණය ඉවසන්න බැරුව දෙවියොත් කෝපවෙලා. දන්නා කාලයක මෙවැනි දෙයක් සිදුවෙලා නැහැ. මෙතන නාය යන්න හේතුවක් නැති වුනත්, ගිය ආණ්ඩු කාලේ අනවශ්‍ය මහා බරැති කළු ගල් පහන් කඳු මුදුනට බාන්න හෙළිකොප්ටර් යොදා ගැනීමත්, ඒ නිසා ඇතිවන දෙදරීම හා වායු කම්පනය නිසා ඉරිතලා ගොස් තිබූ ගල් කුළුවලින් කොටස් පුපුරා පහතට වැටෙන්න ඉඩ නැත්තෙත් නැහැ. දේශපාලුවන් අත ගහපු තැන කඳුත් ඉවරයි. රටත් ඉවරයි...!

:       0       13

Dileepa Saturday, 29 December 2018 03:11 AM

දෙවියො බිසී වෙන්න ඇති.

:       16       102

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 118 0

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 75 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 104 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 421 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 149 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 475 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site