IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘ග්ලයිෆොසේට් තහනම ඉවත් කර ගත් අයට ඉදිරි ආණ්ඩුවෙන් නඩු මඟට යනවා’

විනිතා එම් ගමගේ

               

ග්ලයිෆොසේට් තහනම ඉවත් කර ගැනීමට මූලික වූ නවින් දිසානායක ඇමැතිවරයා ඇතුළු සියලු දෙනාට ඉදිරි රජයක් යටතේ නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන  හිමියෝ පැවසූහ.

එම කැබිනට් පත්‍රිකාව සකස් කළ හා ඊට සහ දුන් අයට විශේෂයෙන්ම එවකට සිටි ජනාධිපති ලේකම්වරයාට ද එරෙහිව අධිකරණය ඉදිරියට යන බව ද රතන හිමියෝ කීහ.

වත්මන් රජය පවතින තුරු එවැනි කටයුත්තකට ගොස් පලක් නොවන බවත් නව රජයක් යටතේ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වන බවත් උන්වහන්සේ පැවසූහ.

වරදක් කළ ඕනෑම අයකුට දඬුවමක් තිබිය යුතු යැයි ද රතන හිමියෝ ප්‍රකාශ කළහ.

ලෝකයේ දියුණු රටවල ග්ලයිෆොසෙට්වලට එරෙහි නඩු තීන්දු දෙස බලන කළ ශ්‍රී ලංකාවේ නඩු පැවරිය හැකි සිද්ධින් විශාල ප්‍රමාණයක් පවතින බව කී උන්වහන්සේ තේ වගාව සඳහා  යැයි  පවසමින් යළි ලබාගත් ග්ලයිෆොසේට් තේ වතුවල ඉසීම කරගෙන යන වතු කම්කරුවන්ගේ ජීවිතවලට වගකියන්නේ කවුදැයි තමන් විමසන බවත් සඳහන් කළහ.

ග්ලයිෆොසේට් නිසා රෝගී බවට පත්වූ සියලු ගොවීන්ට රජය වන්දි ගෙවිය යුතු යැයි ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

වකුතඩු රෝගීන්ගේ කිසිම අඩුවීමක් නැතැයි පැවසූ රතන හිමියෝ මේ වනවිට වකුගඩු රෝගීන් ගණන ඉක්මවා පිළිකා රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් පවතිතැයි ද කීහ.

2005 වසරේ 5000 ක් ව පැවති වාර්ෂිකව ලියාපදිංචි වන රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට 28,000 ක් ඉක්මවා ඇතැයි පැවසූ උන්වහන්සේ රජරට වකුගඩු රෝගීන් වැඩිවීම ඉතා සුළු වශයෙන් අඩු වී ඇති බවක් පෙනී යන්නේ යැයි ද කීහ.

රතන හිමියෝ මේ අදහස් පැවැසූයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (21) පැවැති වස විස නැති හෙටක් ව්‍යාපාරයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

              



අදහස් (7)

‘ග්ලයිෆොසේට් තහනම ඉවත් කර ගත් අයට ඉදිරි ආණ්ඩුවෙන් නඩු මඟට යනවා’

sirimal Thursday, 21 March 2019 10:22 AM

ඉදිරි ආණ්ඩුව පිහිටුවන්නේ අර ඊයේ " මට විතරයි පුළුවන්, මම විතරයි මිනිස්සු ඉල්ලන්නේ" කියපු කෙනාද නැත්නම් එයාම කීව " මාමන්ඩියද" හාමුදුරුවනේ? දෙන්නම දැන් පන්සල් ගානේ යන්න පටන් අරගෙන. අනිත් කෙනාගේ වැඩ පිලිවෙලෙන් පාඩමක් ඉගෙන ගෙන වගෙයි.

:       0       0

saliya Thursday, 21 March 2019 10:46 AM

ඉදිරි රජය කුමක් දැයි තීන්දු කරන්නේ ජනතාවයි. එය කුමක් දැයි නොදැන කරන ප්‍රකාශයේ අර්ථයක් ඇත් ද?

:       99       143

sana Thursday, 21 March 2019 10:55 AM

ඒ කියන්නේ හාමුදුරුවනේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන ඔබ වහන්සේට ගැටළුවක් තියෙනවා එහෙමද?

:       4       83

JaliyaThursday, 21 March 2019 11:55 AM

පළාත් සබහ චන්දය ඉල්ලා අදිකරණයට ගිය අයට තාම උත්තතර නෑ හැබැයි ජනාධිපති වරයා ව්‍යවස්ථාව උලංගනය කෙරුව කියලා ගිය අයට ඉතා ඉක්මනින් උත්තර ලැබුනා. ජනතා ඡන්දය ඉල්ලන අයට සදාරණයක් නෑ , මෙතන උන්වහන්සේ ගේ ප්‍රකාශයට ඔබ අහන පැනයට පිළිතුරු තියනවා

:       0       0

ravi Thursday, 21 March 2019 11:56 AM

ග්ලයිෆොසෙට් අපේ රටෙන් තුරන් කරනවට අපේ උපරිම සහයෝගය .! ඒත් මුළු ලෝකයම කාලගුණ විපර්යාසයින්ට ලක්වෙමින් පවතින මේ කාලයේ .. කාලගුණ උවදුරු .. කෘමි උවදුරු .. පොලවේ සාරත්වය නැතිවීම ... වැනි ප්‍රශ්න වලටත් පිළිතුරු හොයාගන්න උත්සහා කරනවානම් අපි මේ ග්ලෛෆොසෙට් ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ නේද.

:       0       0

Saththaya Friday, 22 March 2019 02:04 AM

ඒ වාගේම ගොනු කර තිබෙන දුෂණ වංචා නඩු ගොන්නත් , ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ඉදිරි ආණ්ඩුවෙන් . මේ පාර ඔබ වහන්සේගේත් මුලික පොරොන්දුව වුයේ, දුෂිතයන්ට තරාතිරම නොබලා දඩුවම් දෙන වගයි . බුදු සරණයි !

:       0       0

Chanak Los angeles Friday, 22 March 2019 04:45 AM

බුද්ධ පුත්‍රයෙක් ඇයි මේ පුහුදුන් සමාජයට රිංගලා ගැටි ගැටී ඉන්නේ

:       0       13

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 649 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 179 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 540 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1805 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site