(ඩී.ජී.සුගතපාල)
කොරෝනා ආසාදිතයන්ගේ පී.සී.ආර්.පරික්ෂණ වාර්තා ලබාගැනීමට ඇති ප්‍රමාදය,ඒ සදහා ඉහළ නිලධාරින්ගෙන් නිසියාකාරව සහයෝගය නොලැබීම, ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ගාල්ල ගාල්ල දිස්ත්‍රික්කයේ සේවයේ යෙදී සිටින සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් අද(12) සංකේත වැඩවර්ජනයට පෙළඹුන බවද එම සංගමය පවසයි.
ඒ අනුව මේ වනවිට සේවයේ යෙදී සිටින ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් 118 ක් අසනීප නිවාඩු දමා රාජකාරිවලින් බැහැරව සිටින බව එම සංගමය කියයි.
දිවා රෑ නොබලා මේ දිනවල රාජකාරී කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට කිසිදු වාහන පහසුකමක් නොසැලසීම,සැප්තැම්බර් මාසයේ සිට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනා නොලැබීම වැනි හේතුන් කිහිපයක් මෙම සංකේත වැඩවර්ජනයට හේතුව බව ද එම සංගමය පවසයි.
කොරෝනා මරණ සම්බන්ධයෙන් කරන රාජකාරි කටයුතු හැර අනෙක් සියළු රාජකාරීවලින් ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වැළකී සිටින බවද එම සංගමය පවසයි.
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගාල්ලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වරති
Raveendra Wednesday, 12 May 2021 12:51 PM
අනේ මන්දා රැවුල ගිනිගත්ත වෙලාවේ මේ හාදයොත් රතිඤ්ඤා නැකතට පත්තු කරන්න එනවද මන්ද....
mihira Wednesday, 12 May 2021 01:34 PM
මේ අයගේ ඉල්ලීම් කිසිම අසාධාරණයක් නෑ. අනිවාර්යයෙන් දෙන්න ඕනේ. නැතිනම් මෙතුමන්ලාගේ ජීවිත අනතුරේ.
රනසිංහ Wednesday, 12 May 2021 06:35 PM
කුහක දේශපාලන පක්ෂයක් තමන්ට බලය ඇති සෑම තැනකම මේ වැඩේ අවුස්සන බව එම උදචියගේ සමාජ ජාලා නිරීක්ෂණය කල විට පෙනී යයි...