(ඩයනා උදයංගනී සහ එෆ්. අස්ලම්)
උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක පහකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පවුල් 13,646කට අයත් 44,959 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම පළාතේ මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව සහ යාපනය යන දිස්ත‍්‍රික්කවලට මෙම ගංවතුර තත්ත්වය බලපා ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ හේතුවෙන් පවුල් 2,661කට අයත් 8,539 දෙනෙක් පීඩාවට පත්ව ඇති අතර ඔවුන් ආරක්‍ෂිත ස්ථාන 52ක ර`දවනු ලැබ සිටින බව එම මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත‍්‍රික්කයන්ට වන අතර කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ පවුල් 9,475කට අයත්, 31,234 දෙනෙක් පීඩාවට පත්ව ඇත.
එම දිස්ත‍්‍රික්කයේ පවුල් 1,394කට අයත් 4,649 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 26ක රඳවනු ලැබ සිටිති.
මීට අමතරව මුලතිව් දිස්ත‍්‍රික්කයේ පවුල් 3,794කට අයත් 12,651 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර ඉන් පවුල් 1,240කට අයත් පුද්ගලයින් 3,805 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන 25ක ර`දවනු ලැබ සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
යාපනය දිස්ත‍්‍රික්කයේ පවුල් 273කට අයත් 708 දෙනෙක්, වව්නියාව දිස්ත‍්‍රික්කයේ පවුල් 22 කට අයත් 281 දෙනෙක්, සහ මන්නාරම දිස්ත‍්‍රික්කයේ පවුල් 27කට අයත් 85 දෙනෙක් ද ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බව එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් නිවාස 6ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 151කට අර්ධ හානි සිදුව ඇති බව ද ඔහු කීවේය.
අවතැන්වූවන්ට සහන සැලසීමේ කටයුතු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් හා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ මගපෙන්වීම යටතේ මේ වන විටත් සිදුකෙරෙන බව ආණ්ඩුකාර කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගංවතුරෙන් උතුරේ 45,000ක් පීඩාවට
Saman Sunday, 23 December 2018 11:44 AM
බයවෙන්න එපා. ඩයස්පෝරාව බලාගනියි.
Bamunuarachchi Sunday, 23 December 2018 04:02 PM
ඕවා වැස්ස කාලයට වෙනදේවල්, ප්‍රශ්නය උපකාරයක් කොරන්නත් TNA එකෙන් අවසරගන්න ඕනෙලු.
ඩීග අරුඩ්සෙල්වම් Sunday, 23 December 2018 05:28 PM
උතුරේ තත්වය පිළිබඳව මෙම පුවත්පතේ පළකිරීම් අඩුය. අප ගන්නා ඡායාරූප ඔබලාට යැවිය හැකි අතර පුවත්ද දිය හැකියි.
sarath perth Monday, 24 December 2018 08:31 AM
කරුණාකර සියලු පුවත් ඩයස් පොරව වෙත දන්වා යවන්න ඔවුන් වහාම ජිනීවාහි මානව හිමිකම් කොමසරිස්වෙත දන්වාවී . එවිට නාවික හමුදාව විරුද්ධව ක්‍රියා කල හැක.