IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ගුවන්තොටුපලේදී වීසා නොලැබෙන රටවල් අතරින් ඊජිප්තුව ඉවත් කරන්නැයි ඉල්ලයි

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවට සංචාරය සදහා පැමිණිවිට ගුවන්තොටුපලේදී වීසා පහසුකම් නොලැබෙන  (on arrivel visa) නොලැබෙන රටවල් 07 අතරට ඊජිප්තු අයත් වන බවත්, එය ඉවත් කර ගන්නැයි  ශ්‍රී ලංකාවේ  ඊජිප්තු තානාපති හුසේන් එල් ෂහාර්ටි මහතා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගෙන් ඉල්ලීමක් කර ඇත

ශ්‍රී ලංකාව හා ඊජිත්තුව අතර ද්විපාර්ශවික සබදතා පුළුල් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපතිවරයා සහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර සංචාරක අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී තානාපතිවරයා මෙම ඉල්ලීම කළේය.

ඊජිප්තු තානාපතිවරයාගේ එම ඉල්ලීම සම්බන්ධව ආගමන විගමන අංශවල අවධානය යොමු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊට පිළිතුරු දෙමින් ඊජිප්තු තානාපතිවරයා හමුවේ කීවේය.

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබද සිය ප්‍රසාදය පළ කළ ඊජිප්තු තානාපතිවරයා මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහා ඊජිප්තු රජය සිය පූර්ණ සහාය පළ කරන බව ද පැවසීය.

දෙරට අතර අත්සන් තබා ඇති සංචාරක අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව හා ඊජිත්තුව අතර සංචාරක සහයෝගීතාව වර්ධනය සදහා ඒකාබද්ධ කමිටුවක් ඉදිරියේදී පිහිටුවීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී ඊජිප්තු තානාපතිවරයා හමුවේ කියා සිටියේය.

සංඛ්‍යා ලේඛණ අනුව මෙරටට වාර්ෂිකව පැමිණෙන ඊජිප්තු සංචාරකයන් ගාණ 5000 ක් පමණ වන අතර  එය ඉහළ නැංවිම සදහා ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි ද මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

දෙරටේ සංචාරක බළධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා මේ සම්බන්ධ ඉදිරි පියවර ගැනීමට මෙම සාකච්ඡාවේ දි එකගතාවය පළ විය. දෙරට අතර විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට ද මෙහි දි තිරණය කෙරිණ.

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී කරීම් අබුලෙනින්, සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වුහ.



අදහස් (7)

ගුවන්තොටුපලේදී වීසා නොලැබෙන රටවල් අතරින් ඊජිප්තුව ඉවත් කරන්නැයි ඉල්ලයි

gamage Monday, 27 September 2021 07:34 PM

නැතිනම් හදිස්සියකට ණයක්වත් ඉල්ලගන්න බැරි වෙයි...

:       6       12

Lal Monday, 27 September 2021 09:41 PM

ඔය වැඩේ කරල දෙමු නේද?නිතරම බංගලිදේශයෙන් ණය ඉල්ලන්නත් බැහැනේ,ලැජ්ජයි නේ.

:       0       0

chandima Monday, 27 September 2021 10:14 PM

එහෙත් එහෙම කරනවනම් ඒකෙ වැරද්දක් නැහැ .මිනිහෙකුට ඒ රටට වත් යන්න පුළුවන් වෙයිනෙ

:       0       8

ජල්තර Tuesday, 28 September 2021 08:31 AM

සංචාරක වේශයෙන් මූල ධර්ම වාදීන්ද පැමිණිය හැක. වීසා නිකුත් කිරීම ලිහිල් කිරීමට පෙර කීප වාරයක් සිතා බලන්න. නැත්තං පස්සෙන් පහු ආයෙම අඬන්න වෙයි ඇමති තුමෝ.. බලාගෙනයි.. කල්පනාවෙන්.. පරිස්සමෙන්..

:       0       1

sam Tuesday, 28 September 2021 08:41 AM

ප්‍රසන්නයා සිංහලෙන් තමයි ඉතින් බොග් බොග් ගාලා කියන්න ඇත්තේ .අනේ ඉතින් ලේකම්ලගේ පිහිට තමයි .ලෝකේ හැම රටකම ඉන්න ඇමතිලා උගත් අය .හැබැයි ලංකාවේ එහෙම වෙන්නේ නෑ ......

:       0       1

fairoos Tuesday, 28 September 2021 01:07 PM

නියම සංචාරකයෝ තමයි සත පනහක් වියදම් කරන්නේ නැති ජාතියක්

:       0       0

Mahesh Tuesday, 28 September 2021 02:02 PM

අයියෝ ප්‍රසන්න ඔයා ඉල්ලුවේ නැද්ද ලංකාවේ අයටත් ඊජිත්තුව ඊ -වීසා දෙන්න කියල .රටවල් 74 කට එයාල ඊ වීසා දෙනවා අපිට දෙන්නේ නෑ

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 603 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 171 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 490 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1721 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site