(ටී.කේ.ජී.කපිල)
පොටෑසියම් පර්ක්ලෝරයිඩ් නැමැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 25 ක් රැගෙන කටුනායක ගුවන් තොටුපළට ඇතුළුවීමට තැත් කළ ගුවන් තොටුපළ කුළී රථ රියැදුරකු සහ එම වෑන් රථය අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය කියයි.
මීගමුව , උතුරු කදිරාන , වෑබිම ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම රියැදුරුවරයා සහ වෑන් රථය ද , පුපුරන ද්‍රව්‍ය තොගය ද කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී තිබේ .
ගුවන් තොටුපළ පොලීසිය මේ වනවිට මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .
මෙම වෑන් රථයේ හිමිකරු කිඹුලපිටිය ප්‍රදේශයේ රතිඤ්ඤා නිෂ්පාදන කටයුතුවල යෙදී සිටින ව්‍යාපාරිකයෙකු බවත් , ඔහු බලපත්‍ර මත රතිඤ්ඤා නිෂ්පාදනය සදහා යොදා ගන්නා පුපුරන ද්‍රව්‍ය වර්ග තුනක් , මෙම වෑන් රථය මගින් රතිඤ්ඤා රැගෙන ආ බවතෙ එම රියදුරා පවසා ඇත.
ගුවන් තොටපොළ කුළී රථයට හිමි ගමන් වාරය ආසන්න වීම නිසා , තමන් කඩිනමින් මෙම වෑන් රථය , ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට කටයුතු කළ බවත් එහිදී අතපසුවීමකින් මෙම පොටෑසියම් පර් ක්ලෝරයිඩ් තොගය , මෙම වෑන් රථයෙන් බා ගැනීමට අමතක වී ඇති බවත්, එම රියැදුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ .
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගුවන්තොටේ කුලි වෑන් රියේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 23