IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


ගුවන් නියමුවා හෙට නිදහස් කරන බව ඉම්රාන් ඛාන් කියයි

‍සාමය සඳහා වන පියවරක් වශයෙන් ඉන්දීය ගුවන් හමුදා නියමුවා හෙට දිනයේදී නිදහස් කරන බව පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරතිබේ.

ඉන්දියාව හා පාකිස්ථානය අතර ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සදහා ගුවන් නියමුවා ඉන්දීය රජය වෙත භාරදීමට පාකිස්තානය සූදානම් බව පාකිස්තානු විදේශ කටයුතු අමාත්‍යංයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඉකුත් බදාදා දිනයේදී පාකිස්තාන එෆ් 16 ජෙට් යානයට ප්‍රහාරයක් එල්ල කළ ඉන්දීය මිග් 21 ගුවන් යානයේ නියමුවා මෙලෙසින් ඉන්දීය රජය භාරයට පත්කිරීමට පාකිස්තනය තීරණය කර තිබේ.‍

අගාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ තීරණයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය රජය ප්‍රකාශ කළේ ගුවන් නියමුවා සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් ගැනීම සුරක්ෂිත පියවරක් බවයි.

මෙම අවස්ථාව තානාපතිවරයකු මාර්ගයෙන්  සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව ද ඉන්දීය රජය  පවසයි.


(ඩේලි මිරර් ඇසුරිනි)

16844



අදහස් (18)

ගුවන් නියමුවා හෙට නිදහස් කරන බව ඉම්රාන් ඛාන් කියයි

de silva berlin Thursday, 28 February 2019 02:31 PM

ඉන්දියන් කාරයෝ කියන්නේ මහා උදච්ච ජාතියක් , ගුවන් නියමුවා කොන්දේසි විරහිතව නිදහස් කරනවා කියල ඉම්රාන් කිවුවහම ස්තුති කියල කියන්නේ නැතුව , අනවශ්‍ය පණ්ඩිත කතා කියනවා , මේගොල්ල තමා අපේ ගුවන් කලාපයටත් අනවසරයෙන් ඇතුල් වෙලා පරිප්පු දැම්මේ , ඉම්රාන් අසල්වැසියකු වශයෙන් මේ ගොල්ලන්ට කරුණාවන්ත වැඩිය , පාකිස්තානෙක් ඉන්න තිබුනේ අර උතුරුකොරිය නායකයා වැනි කෙනෙක් , එහෙම වුනානම් මේ ගොල්ල මෙච්චර දගලන්නේ නැහැ

:       0       15

smn Thursday, 28 February 2019 02:53 PM

න්‍යෂ්ටික බලයෙන් ඉන්දියාවට වඩා පාකිස්ථානය ඉදිරියෙන් සිටින බව දැනගන්නට තියෙනවා…. එහෙම තියෙද්දිත් ඉම්රාන් ඛාන් අගමැතිවරයා මෙම ගුවන් නියමුවා කොන්දේසි විරහිතව ඉන්දියාවට ආපසු බාර දෙන්න ඉදිරිපත්වීමෙන් ඔහුගේ නිහතමානිත්වයත් මනුස්සකමත් ඔප්පුවෙනවා. මෝදි අගමැතිවරයාට දුරදක්නා නුවණක් තියෙනවනම් වැඩිය දුරදිග යන්න නොදී අර්බුදය ඔතැනින්ම බේර ගත යුතුයි..

:       0       10

Mahee Thursday, 28 February 2019 05:35 PM

ඉම්රාන් ඛාන් හොඳ පියවරක් ඉස්සරහට තියන කොට ඒකටත් ඉන්දියාව අහංකාර කතාවක් කියනවා. තමන් මහා බලසම්පන්නයි කියල හිතාගෙන ඉන්න නායකයින්ගේ ඔය අහංකාර කම නිසා තමයි හැමවිටම ලෝකයටත් ජනතාවටත් විනාශය උදාවෙන්නේ. මහින්ද සාමයට අත් දෙකම දිගුකරනවා කිව්ව වෙලාවේ ප්‍රභාකරනුත් ඔය අහංකාර දේමනේ කලේ. අන්තිමට මොකද වුනේ? අනික් අතට ගත්තොත්, අහංකාර ට්‍රම්ප් ඒක පැත්තකින් තියල කිම් ජොං එක්ක සාකච්චාවට එකඟවීම නිසා ලෝකයට සැනසුම් සුසුමක් හෙලන්න ලැබුන නේද?

:       1       282

Mohomed Thursday, 28 February 2019 06:13 PM

ඉතාමත් හොද දුරදර්ශි ක්‍රියාවක්.යුද්දය කිසිවක් ලබා නොදෙයි. ඔබ‍ට ජය අගමැතිතුමනි.

:       0       153

BamunuarachchiFriday, 01 March 2019 09:51 AM

බොක්සින් ක්‍රීඩාවත් මේ වගේයිනේ ලේ වක්කෙරෙන්න ගහගෙන අතට අතදීලා ඉවතට යනවා.

:       0       1

Bamunuarachchi Thursday, 28 February 2019 08:06 PM

ඔව් ඉම්රාන් මහතා අපිට ගැහැව්වා අපි ගැහැව්වා මේ ගුවන් නියමුවා කලේ ඔහුගේ රාජකාර්ය ඔහුගෙන් පලිගැනීම ත්රුමක් නැති වැඩකි ඔහු නිදහස් කර සමාදානයකට එන්න, බැරිනම් අපිවගේ රටේ ගව්රවය පවා නොදී, යුද්දයට යන්න. අපේ ගොබ්බයො තමයි කතා කරන්න පළමුව රට ජාතිය පාවලා දෙන්නේ. නොදකින් මේ පාදඩ හැත්ත.

:       233       225

TikkaFriday, 01 March 2019 04:20 AM

අවංකවම අහන්නේ ඔබ‍ට මානසික ලෙඩක් එහෙම තියනවද?

:       78       139

MaheeFriday, 01 March 2019 06:16 AM

මටත් හිතෙනවා බමුණු හොඳ සිහියෙන් නෙමෙයි මේවා ලියන්නේ කියල.

:       0       105

BamunuarachchiFriday, 01 March 2019 09:48 AM

මානසික ලෙඩ්ඩු අනික් මිනිසුන් මානසික ලෙඩ්ඩු යයි සිතීම ලෙඩේ ස්වභාවයයි.

:       24       1

abaran Thursday, 28 February 2019 09:07 PM

අන්තවාදී ආගමික රාජ්‍යයක් වුවද ඉම්රාන් ඛාන්ගේ ක්‍රියා පිළිවෙල ඉතා අගය කල යුතුයි...

:       3       251

Bamunuarachchi Friday, 01 March 2019 04:23 AM

අපට පකිස්තානයෙන් හා ඉන්දියාවෙන් ලැබුන එකම දායාදය තමයි ඔබලාගේ කන්කළු මිහිරි සංගීතය. දැන් ඒ රටවලිනුත් ඒ සංගීතය නැතිවීගෙන යනවා. වරක් හිටපු ඉන්දියානු අගමැතිවරයෙක් අසා තිබුනා අපේ සංගීතයට මොකද උනේ කියලා

:       6       22

Raveendra Friday, 01 March 2019 04:56 AM

අප ඔබගේ ක්‍රියාව පිලිබදව සතුටු වන්නෙමු. අප විස්වාස කරනවා ඔබ ඔබේ මාතෘභූමියේ ගෞරවය මෙන්ම මාතෘභූමිය පාවනොදී (අපගේ දෙශේය පාලු කරන දේශපාලුවන් වගේ නොවී) සටනකට තවදුරටත් නොගොස් තම රටේ උන්නතිය මෙන්ම රටේ අබිමානයට කිසිදු හානියක් නොවන පරිද්දෙන් ගත් මෙම තීරණය පිලිබදව...ඔබට අප ජය ප්‍රර්ථනා කරන්නෙමු.

:       0       0

Gihan Friday, 01 March 2019 05:12 AM

මෝඩි මෝඩ වැඩ කරද්දී, ඉම්රාන් මහත්තයෙක් විදියට තීරණ අරන් තියෙනව. බොහොම සතු‍ටුයි.

:       0       0

පිටිගල මිලානෝ Friday, 01 March 2019 08:22 AM

අපිටත් අවශ්‍ය මෙවැනි වැදගත් නායකයෙක්. අායෙත් හොරු සහ මෝඩයෝ නම් එපා...

:       15       13

paala Friday, 01 March 2019 10:55 AM

කොටි පුහුණු කරේ, අපේ රටේ ප්‍රශ්නෙට අතදාලා වන කරේ අල්ලපු රටේ පරයෝ.... අපේ යුද්ධය අවුරුදු 30ක් ඇදෙන්න ප්‍රධානම හේතුව අල්ලපු රට. යාපනේ යටත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී අල්ලපු රටේ පරයෝ ඕනෑ නම් නැවක් දෙන්නම්... යටත් වෙන සොල්දාදුවෝ කොළඹට ගේන්න කියලා අහක බැලුවා... පාකිස්තානේ පැය 24 එන මල්ටි බැරල් එකක් දුන්නා...

:       0       24

BamunuarachchiFriday, 01 March 2019 02:21 PM

ඕවා පාදඩ සිංහලයින්ට මතක නැත...

:       0       11

de silva berlin Friday, 01 March 2019 01:00 PM

ජුනි මාසේ ඉන්දියාවේ ඡන්දෙ තිබෙනවා. එ්කට මෝඩි ගිනිබෝල කරකවලා, කසගහලා, බල්ටි ගහලා වැඩ පටන්ගන්න හදන්නේ... සමහර විට මේ ත්‍රස්තවාදී ප්‍රහාරය රෝ සංවිධානේම වැඩක් වෙන්න පුළුවන්..

:       0       12

de silva Friday, 01 March 2019 08:05 PM

ඉන්දියාව වගේ නොවේ අතීතයේදී පාකිස්තානේ අපිට කවදාවත් පිටුපාලා නැහැ. සාමයේ මාවතේ ගමන් කරන ඉම්රාන්ට ජයවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 68 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 186 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 748 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 776 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1033 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 239 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site