IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ගුවන් හමුදාවට හෙලිකොප්ටර් යානා 4 ක් මිලට ගන්න අනුමැතිය

 

(ඩයනා උදයංගනී) 

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හෙලිකොප්ටර් යානා 4ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ජාත්‍යන්තර ලංසු කැඳවීම මගින් ගුවන් හමුදාවට භාවිතා කළ හෙලිකොප්ටර් යානා 4ක් මිලදී ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙසේ අනුමැතිය හිමිවූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව පවතින පුහුණු කිරීමේ හෙලිකොප්ටර් යානා 02 ක 1981 වර්ෂයේ නිෂ්පාදිත පැරණි තත්ත්වයේ පවතින නිසා ඒ වෙනුවට මෙම හෙලිකොප්ටර් යානා හතර යෙදවීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.        

මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකායේ රාජකාරි කටයුතුවල නිරත වන බැවින් ඔවුන්ගේ පුහුණුවීම් සඳහා මෙම හෙලිකොප්ටර් යානා  අවශ්‍යව ඇතැයි ද ඇමැතිවරයා කීවේය. 

 



අදහස් (13)

ගුවන් හමුදාවට හෙලිකොප්ටර් යානා 4 ක් මිලට ගන්න අනුමැතිය

Sachith Thursday, 09 July 2020 05:53 AM

"භාවිතා කළ හෙලිකොප්ටර් යානා", මේවා ගන්නවා කියන්නේ ඉතින් කොමිස් කුට්ටි පිටින් ගන්න පුළුවන් නිසා.

:       207       402

Nuwan Thursday, 09 July 2020 06:01 AM

අර උදයංග මතක් වුනා. එයාගෙන් ගොඩක් උදවු ගන්න පුළුවන් මේ වගේ වැඩ වලට.

:       51       379

Gamage Thursday, 09 July 2020 06:21 AM

අර මිග් යානා ඉල්ලුම් කරලා තිබුණානේ... ඒ මිග් යානා කොහේද දන්නේ නැහැනේ..

:       259       417

rana Thursday, 09 July 2020 06:23 AM

උදයංන්ගටත් මොනවා හරි දෙමුනේ? පව්නේ...! වේදිකාවටත් නැග්ගනේ නේද?

:       55       432

ජයන්ත මිලානො Thursday, 09 July 2020 07:24 AM

මේවාට විරුද්ධව මොනදේ කළත්, මොනදේ ලිව්වත් කිසිඳු ඵලයක් නැහැ. රට විනාශ මුඛයට ගියත් දූශිත පාලකයින් ඕනෑමයි කියලා පාර්ලිමේන්තු යවන්නේ රටේ දුක්විඳින්න කැමති පුරවැසියන්නේ. ඉතින් මොකද වෙන්නේ..?

:       8       165

Mahesh Thursday, 09 July 2020 07:31 AM

මිග් යානා වගේද දන්නේ නැහැ. ඔය කියන ලිපිනය ඇත්තද කියලා බලන්න. නැතිනම් ලිපිනය නැති, තැනක් නැති, අයිතිකාරයෙක් නැති අයගෙන් මිග්යානා ගත්තා වගේ තියේවි.

:       0       169

Puppa Thursday, 09 July 2020 08:34 AM

මේ අයට රවුම් ගහන්න. මිනිසුන්ට කන්න නැහැ. මේ අය හෙලිකොප්ටර් ගන්නවා. දීපල්ලකෝ ඡන්දේ...

:       0       48

Dun Thursday, 09 July 2020 08:57 AM

ඔන්න ගත්තට කමක් නෑ, හැබයි ඔය අලුත් හෙලිකොප්ටර් පවුලේ කට්ටියට එහෙ මෙහෙ යන්න දෙන්න තියාගන්න එහෙම එපා හොඳේ ගෝඨාභය මහත්තයෝ.. ඔබගේ ක්‍රමය පිළිවෙලක් තියාගෙනම ගෙනියන්න, මිනිස්සු බලන් ඉන්නවා සහ කැමති ඒවගේ නාස්තිය අවම, රට ගොඩ ගන්නා නායකත්වයක්...

:       0       138

ranaThursday, 09 July 2020 11:20 AM

චූටිම බෙබ්ලා දෙන්නට දෙකක්, අම්මලාට ඉතිරි දෙක....

:       0       14

මම Thursday, 09 July 2020 09:21 AM

කොහොමත් අගෝස්තු වලින් පස්සේ ගොඩක් අයට බිමින් ගමන් යන්න අමාරු වෙනවනේ... උඩින් යන්න මේවා ඕනෑ කරනවා.

:       0       70

ලුම්බිණි Thursday, 09 July 2020 09:36 AM

දේශපාලකයින්ගේ ගමන් වලට කොච්චර හෙලිකොප්ටර් තිබුණත් මදි නේද?

:       0       44

janahitha UAE Thursday, 09 July 2020 10:00 AM

අලුතෙන් ගන්න පුළුවන් නම් හොඳයි. නමුත් මුදල් ප්‍රශ්නයක් තියෙනවා. සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරන ලද මෙම යානා ඉතාම මිල අඩුය. ආරක්ෂාකාරී බව තහවුරු කර ඇත. එසේම කොමිස්, වට්ටම් වලින් තොර ව්‍යාපාර අප ජීවත්වන ලෝකයේ නැත. ලංකාවේ මිනිසුන් වෙනුවෙන්ම වෙනත් ග්‍රහලෝකයක ඇති කර දීමට ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිය යුතුය.

:       323       0

siri Thursday, 09 July 2020 11:35 AM

මේවා ඉතින් ප්‍රභූන්ගේ සෞඛ්‍ය විහරණය උදෙසා තමයි ඉතින්...

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 644 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 178 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 532 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 134 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1793 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site