(ගාමිණි විතානගේ)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් දැනට භාවිතයේ පවතින යානා 12 ක් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විදේශ රටවලට යැවීමට ගුවන් හමුදාව පියවර ගෙන ඇත.
ඩොලර් මිලියන 49 ක් වැයවන මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහිදී දැනටමත් භාවිතයේ ඇති කෆිර් යානා 5ක් අළුත්වැඩියා කටයුතු සඳහා ඊශ්‍රායලයට යැවීමට තීරණය වී ඇති අතර මේ මාසය තුල එහි මූලික කටයුතු අවසන් කිරීමට ගුවන් හමුදාව කටයුතු කරමින් සිටී.
එමෙන්ම මේ වනවිටත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගනිමින් ඇති සී 130 වර්ගයේ ගුවන් යානා දෙකක් ඊශ්‍රායලයට යවා අලුත්වැඩියා කිරීමටත් සී 130 වර්ගයේම තවත් ගුවන් යානයක් පාකිස්ථානයට යවා අලුත්වැඩියා කිරීමටත් සැලසුම් කර ඇතැයි ගුවන් හමුදාව කියයි.
යුක්රේනයේ නිෂ්පාදිත ඇන්ටනොව් 32 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා තුනක් අලුත්වැඩියා කටයුතු සඳහා එරටට යැවීමට ද පියවර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
දශක 02ක් තිස්සේ භාවිතාවන එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 3 ක් ද අලුත්වැඩියා කටයුතු සඳහා ලිතුවේනියාවට යැවීමට ද තීරණය වී ඇති අතර එම් අයි 35 වර්ගයේ ප්‍රහාරක යානා දෙකක් දඑහි යැවීමට තිරණය කර ඇත.
මේ අතර චීනයෙන් වයි 12 වර්ගයේ ගුවන් යානයක් අලුතින් ගෙන එන්නට ද පුහුණු කටයුතු සඳහා තවත් කුඩා හෙලිකොප්ටර් කිහිපයක් මිලදී ගැනීමට ද ගුවන් හමුදාවේ සූදානමක් ඇතැයි පැවැසේ.
එම මිල දී ගැනීම් සඳහා මේ වනවිටත් ලංසු තබා ඇති අතර එයට ද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඌණ උපයෝජිත රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ වතු වලටත් වන සතුන් එන බැවින් එම වන සතුන් ගණන් කිරීම සඳහා සත්ව සංගණනය පැවැත්වෙන හෙට දින පාර්ලිමේන්තුවට නිවාඩු ලබා
මෙරට තේ කර්මාන්ත ශාලා 709ක් පමණ තිබුණා මේ වන විට එයින් කර්මාන්ත ශාලා 124ක් වැසී ගොස් තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත ක
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගුවන් හමුදාවේ යානා 12ක් පිළිසකර කිරීමට පියවර
Hafeel Friday, 08 January 2021 06:26 AM
එතකොට යුක්රේන්වලින් ගෙනා අර මිග් යානා ටික අලුත් වැඩියා කරන්නම බැරිතරම්ද?
චමිල ඉන්දික ජයසිංහ Friday, 08 January 2021 06:40 AM
රුපියල් කෝටි 850 කට ආසන්න මුදලක්. එක් යානයකට කෝටි 70කට වැඩියි අලුත්වැඩියාවට. එක්කෝ අලුත් යානා ගන්න ඕනි... නැත්නම්, මේ රටේ ගුවන් යානා හදන්න පටන් ගන්න ඕනෑ. ඔය ගොඩක් ඒවා යල් පැනපුවා වෙන්න පුලුවන්...
Nishantha Friday, 08 January 2021 08:03 AM
මේ සදහා මැදිහත්ව කටයුතු කරන්නේ නොනිළ වශයෙන් උදයන්ත වීරතුංගද?
sachithFriday, 08 January 2021 08:27 AM
යුක්රේනයේ ගෝඩ් ෆාදර් එයාම කියලා තිබ්බනේ.. ඇයි ඉතින් එයාම මේ වගේ ප්‍රශ්න අහන්නේ..?
රොෂාන් Friday, 08 January 2021 08:38 AM
ඇන්ටනෝව් 32 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා?
Kap Friday, 08 January 2021 11:47 AM
ජාතික ගුවන් සේවයේ ඉංජිනේරුවෝ අති දක්ෂයෝ, වෙන වර්ගවල ගුවන්යානා වුණාට විවිධ මට්ටමේ නඩත්තු කටයුතු කරන්න ඒ අයට පුළුවන්, දැනටත් සංකීර්ණ ඩී චෙක්ස් ඒ අය කරනවා. එන්ජින් overhaul ඒකට කොහොමත් නිෂ්පාදන කරන තැනින් අමතර බඩු සහ tech support ගන්න වෙනවා. ඇයි මේකට ඒ අය මැදිහත් වෙලා කරන්නේ නැත්තේ... මේ කාලේ මැදපෙරදිග ගුවන් සේවාවල වැඩ කරපු බොහෝ අය ලංකාවට අවිත් නිකන් ඉන්නවා. ඒ ශ්‍රමය භාවිතා කරන්න නැත්තේ ඇයි? කොච්චර සල්ලියක් ඉතුරු කර ගන්න පුලුවන්ද?