IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ගුවන් හමුදා බස් රථයකට රත්ගමදී ගල් ප්‍රහාරයක්

(සුමතිපාල දීයගහගේ සහ උණවටුන ඩී.ජී. සුගතපාල)
 
රත්ගමදී පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කළේයයි කියන සිද්ධියට විරෝධය පල කරමින් පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ රත්ගම හන්දියේ  විරෝධතාවයක් පැවැත්වෙන ස්ථානය අසලින් ගමන් කළ ගුවන් හමුදා බස් රථයකට විරෝධතාකරුවන් එල්ල කළ ගල් ප්‍රහාරයක් වැදි ගුවන් හමුදා සෙබළෙකු සහ සෙබළියක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
 
මෙම විරෝධතාකරුවන් උදේ සිට රත්ගම හන්දියේදී ගාල්ල - කොළඹ මහා මාර්ගය සහ දුම්රිය මාර්ගය අවහිර කරමින් සිටිම නිසා මහා මාර්ගයේ රථවාහන ධාවනයට මෙන්ම දුම්රිය ධාවනයටද බාධා එල්ලවී ඇත.
මේ අතර විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට මීටර් 200ක් පමණ දුරින් මේ වනවිට විශේෂ කාර්ය බලකායේ කැරළි මර්ධන කණ්ඩායමක්ද රැඳීසිටියි.



අදහස් (14)

ගුවන් හමුදා බස් රථයකට රත්ගමදී ගල් ප්‍රහාරයක්

Raveendra Saturday, 23 February 2019 11:01 AM

තමන්ට වූ අසාධාරණය වෙනුවෙන් සටන් කිරීම අප අගය කරන්නෙමු. නමුත් රජයේ දේපළ, රජයේ නිලධාරීන්ට මෙන්ම කිසිඳු කෙනෙකුට හිංසා වෙන අන්දමින් හැසිරෙන "උරගයන්ගේ ක්‍රියාවන් " අප කිසිසේත්ම අගය නොකරන්නෙමු. අප කිසිවෙකුට තව කෙනෙකුට හානියක් වෙන ආකාරයට හැසිරීමට කිසිඳු අයිතියක් නැති බැවින් මෙම ජඩ ක්‍රියාව කළ" නිවටයන්ට " උපරිම දඬුවම් දියයුතුය...

:       9       1179

de silva Saturday, 23 February 2019 11:41 AM

පාරවල් අවහිර නොකර, නිලධාරීන්ට පහර නොදී රජයේ දේපල විනාශ නොකර මාර්ගය දෙපස සිට නිහඬ විරෝධාතයක් කළානම් මෙතනින් යන වාහනවල ගමන් කරන සියලුදෙනාම මෙය දකින අතර සියලුදෙනාගේම අනුකම්පාව මොවුන්ට ලැබෙනවා. තුවාල ලබපු හමුදා සෙබළු දකින කොට රටේ මිනිසුන්ට ඇතිවෙන්නේ කේන්තියක්, ගුවන් හමුදාවට ගල් ගහපු කාලකන්නි ටික ඉස්සෙල්ලම අල්ලලා හිටින්න ඕනේ...

:       13       600

MaheeSaturday, 23 February 2019 06:57 PM

ඔබ කියන්නේ සම්පුර්ණ ඇත්ත. මිනීමරුවන් කොටසක් අල්ලාගෙන තවදුරටත් පරීක්ෂණ කෙරෙද්දී දැන් පාරවල් අවහිර කරන්නේ මොකටද? අනික කිසිම සම්බන්ධයක් නැති අහක යන ගුවන් හමුදා නිලධාරීන්ට ගල් ගහන්නේ කවුද? මුලින් තිබුන අනුකම්පාව වෙනුවට මටත් දැන් තියෙන්නේ මොවුන් ගැන පිළිකුලක්.

:       12       350

Awantha Saturday, 23 February 2019 12:09 PM

ඔය රත්ගම කියන ගමේ වැඩිපුරම ඉන්නේ නූගත්තු. මේවා කරන අහිංසක මිනිස්සු කොච්චර රස්තියාදු වෙනවද?

:       14       386

Dhammasiri himi Saturday, 23 February 2019 12:12 PM

රත්ගම දේශප්‍රේමී ජනතාවගේ නවතම රණවිරු උපහාරය... බැරිවෙලාවත් මේක වෙන කාගෙන් හරි උණානම් බලන්න තිබුණා මේ ගහපු අයම බැනර් උස්සන් පාරේ පෙලපාලි යනහැටි ‘‘ රණවිරුවන්ට පහරදීම් හෙලා දකිමු‘‘ කියලා...

:       7       614

නුවන් ෆර්නැන්ඩෝ Saturday, 23 February 2019 12:31 PM

මිනිසුන් රැකීමට බලය පවරා ඔවුන් අතට පත් කළ ගිනිඅවි වලින් රැකිය යුතු මිනිසුන් අමුඅමුවේ මරා දමන ලංකාවේ ආරක්ෂක අංශවල පුද්ගලයින්ට නිහඬ විරෝධතා පෑමෙන් පලක්නැත. ඉතිහාසය පුරාම අපි නිහඬ විරෝධතා පල කලෙමු.. ගමේ සිරිපාලගේ සිට කතුවරුන් දක්වා මේ ආරක්ෂක අංශ මගින් මරා දමන ලදී.. මේ තවත් එක් සිදුවීමකි.. හෙට මේ පුවත් ලියන මම හෝ බලන ඔබ විය හැක.. මෙය අළුගෝසුවන්ගේ දේශයම බව ලංකාවේ ආරක්ෂක අංශ මගින් දිනෙන් දින ඔප්පු කරමින් සිටී.. නිරායුධ අහිංසකයින් අසරණය..

:       358       110

DISHAN Saturday, 23 February 2019 12:34 PM

විරෝධතාවයක් පැවැත්වුවත් එය නිසියාකාරව තිබිය යුතුයි. ඔබ හට යම්කිසි අසාධාරණයක් වූවානම් එයට ගත යුත්තේ අනෙකුත් මිනිසුන් හට බාධා වනසේ උද්ඝෝෂණය කිරීම නොව ඔබගේ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින්න. මෙකී අවස්ථාවලදී අනුන්ගේ පහනින් එළිය බලන බොහෝ පිරිස් මාන බලමින් සිටින්නේ මොන යම් හෝ ආකාරයකින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ඔබ ප්‍රවේශම් වන්න. අප රට වෙනුවෙන් දිවි පුදා මහත් සේවයක් කලාවූ ගුවන් හමුදාවට කලාවූ මේ පහත් වැඩේ කරන්න ඇත්තේ මෙතන උද්ඝෝෂණය ලොකු කලබලයක් හැටියට පත් කිරීම සඳහා කවුරුන් හෝ සැලසුම් කිරීමක් විය හැකිය.

:       7       134

Ariyathilaka Saturday, 23 February 2019 01:40 PM

"ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි" (ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි.) යන පාලි පාඨය පොලිස් නිල ලාංඡනයයෙහි ඇත. පොලිස් නිල හිස් වැසුමේ මෙම දහම් පදය බැබලේ. පොලිස් නිල කබායේ බාහු යුග්මයේ ඇමිණූ ධර්ම චක්‍රය සහිත ලාංඡන දෙකකි. අපරාධ මැඩීමට සිටින පොලීසිය මෙවැනි අපරාධ කිරීම පිළිබඳව, ඇසීම කොතරම් අභාග්‍යයක්ද? එයද දහම් පාඨය සහිත ලාංඡනය හිසේ පැළඳ ධර්ම චක්‍ර සහිත ලාංජන අත් බාහුවල පැළඳගෙනය. ඇතැමෙක් මනුෂ්‍ය ඝාතන කරයි! අනීතිකව වදහිංසා කරයි! ඇතැමෙක් ඇත්ත නැත්ත කරයි! නැත්ත ඇත්ත සේ මවා පායි! කොතෙක් නම් සුරාවට ඇබ්බැහි වී ඇද්ද? බලය ඇත්තන් ඉදිරියේ හිස නමයි! බලය නැත්තන්ට කඩා පනී. බැණ අඩ ගසයි! අත් බාහු දෙකේ ධර්ම චක්‍ර සහ හිස් වැසුමේ ඇති දහම් පදය අමතක වූ සේය! මේ කියනුයේ සියලු නිලධාරින් ගැන නොව එයට සම්බන්ධ වූවන් ගැනය. පොලීසියේ ආරක්ෂාව, නීතියේ රැකවරණය ජනතාවට ඇවැසිමය. එක් කලක “ධර්මිෂ්ඨ සමාජයක්” යනුවෙන් මුද්දරයක් නිකුත් විය. ධර්ම චක්‍රයේ භාගයක් පොළොව යටය; භාගයක් පොළොව උඩය; ඒ මුද්දරය නිකුත් වූ හැටිය; වැඩ සිදුවූයේත් ඒ ලෙසය. පොලිස් නිල ලකුණෙහි දහම් පදය අඩුනැත..

:       0       215

Hafeel Saturday, 23 February 2019 02:08 PM

මේ සිද්ධිය උතුරු, නැගෙනහිර සිදුවුණානන්, ඒකාබද්ධය කියාවි ඔන්න කොටි ආයිත් නැගිටිලා කියලා....

:       256       170

smn Saturday, 23 February 2019 02:12 PM

පවුළේ සමීපතමයකුට බරපතළ අකරතැබ්බයක් වනවිට පවුළේ උදවිය කලබලවීම සාධාරණයි... නමුත් රටට පාඩු ඇති කරගෙන අනුන්ට කරදරයක් වන විදිහට හැසිරීම පිළිකුල් සහගතයි.

:       27       139

මුණසිංහ Sunday, 24 February 2019 03:32 AM

සිද්ධියට අදාල පරීක්ෂණ නිවැරදිව සිදුකරගෙන යන බව කවුරුත් දන්නවා. වැරදි කරුවනුත් ආ ගිය මුල ගිය තැනුත් මම හිතන්නේ හදුනගෙන. ඉදිරියට අපි නොහිතන අයත් සමහර විට පටලැවේවි. මේ උද්ගෝෂණය කවුරු කුමන අරමුණක් උදෙසා කලාද යන්න සැකයි. සමහර විට පරීක්ෂණ යට ගහන්න ගන්න උත්සාහයක්ද දන්නෙත් නැහැ. මීට සම්බන්ධ වුන ගමේ අය මීට වඩා බුද්ධිමත් වෙන්න ඕන.

:       1       0

Alan Sunday, 24 February 2019 04:37 AM

විඩියෝ එකේ තිබුනෙ නම් වෙන දෙයක්

:       0       29

රුවන් Sunday, 24 February 2019 05:11 AM

කෝ අපේ නීතිය සහ සාමය ඇමති?

:       101       4

banda Sunday, 24 February 2019 09:41 AM

මේ කරපු අපරාදෙට මුළු රටේම පොලිසි ඉස්සරහා‍ විරෝධතා දක්වන්න ඕනෑ...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

දියත

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 160 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 109 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 537 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 262 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 272 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1557 3

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 220 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 512 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 247 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site