IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ශ්‍රි ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කෘෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් ඇති රටක ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපායට ගව සම්පතෙන් විශාල දායකත්වයක් ලබා දෙන බවත්, ගව ඝාතන ඉහළ යාමෙන් සාම්ප්‍රදායික ගොවිතැන් කටයුතු සඳහා  ද  එය බලපෑමක් වන බවත්  යොජනාවලියේ දක්වා ඇති අතර , ආනයනික කිරිපිටි සඳහා විදේශයට ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය අවම කර ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය වැඩි කිරීම,දේශිය කිරි කර්මාන්තය නගා සිටුවීමද මෙහි අරමුණකි.

 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ගව ඝාතනය සම්බන්ධව  රටතුළ දැනට ක්‍රියාත්මක වන 1958 අංක 29 දරණ සත්ත්ව පනත, 1893 අංක 9 දරණ ගෝ ඝාතක ආඥා පනත අදාල අනුශාංගික වෙනත් නිතී හා පළාත් පාලන අයතන විසින් සම්මතකර ඇති නිති රීතී සංශෝධනය කිරීමට හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගැනීම, ගවමස් පාරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් අවශ්‍ය මස් මාංශ  ආනයනය කිරීම හා සහන මිලකට ලබාදීමට හැකි කඩිනමින් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම, කෘෂි කාර්මික කටයුතු සඳහා යොදාගත නොහැකි වයස්ගත මට්ටමේ සිටින ගවයින් සම්බන්ධයෙන් සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම යන කරුණු වලට යටත්ව වහාම ක්‍රියාත්මකවන පරිදි  ශ්‍රී ලංකාවේ ගව ඝාතනය තහනම් කර තිබේ. 

 

 



අදහස් (30)

ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

chandima Tuesday, 29 September 2020 09:30 AM

අවිවාදයෙන් මේ තීරණය හරිම වැදගත්.

:       25       40

senaTuesday, 29 September 2020 11:11 AM

මට නම් කිසිම වැදගත්කමක් පේන්නේ නැහැ.. දැන් වැඩිවන හරකුන්ට මොකද කරන්නේ...? ඊළඟට මේ කර්මාන්තයෙන් ජීවත් වන මිනිස්සු මොකද කරන්නේ?

:       9       10

Mahesh Tuesday, 29 September 2020 09:52 AM

එක එක බාර වල ප්‍රතිඵල. අර මිනිස්සු අලි ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්නවා....

:       13       34

නිලන්ත Tuesday, 29 September 2020 09:54 AM

GR සහ MR අතර තරගය නිසා තමයි ලංකාව පිරිහෙන්නේ. කෙනෙක් හරක් මරන්න එපා කියා කැබිනට් තීරණ ගන්නවා. අනෙක් කෙනා කටින් පිටවන සියලු දේ චක්‍රලේඛ කියා රජයේ සේවකයින්ට තර්ජනය කරනවා. කවුද හරි.

:       17       41

BamunuarachchiTuesday, 29 September 2020 12:00 PM

නොදන්නා මගුල් කතා නොකර ඉන්න හලෝ.. උම්මග්ග ජාතකයේ ගිරාපෝතකයා නම් සතරකන් මන්ත්‍රණ වලට සවන් දුන්නේ ගසක් ෑඩ ඉඳගෙන මෙයා හරියට ඇඳ යට ඉඳන් අහගෙන හිටියා වගේනේ කතාව...

:       16       10

sajith Tuesday, 29 September 2020 09:55 AM

කුකුලන්ට හොඳ වැඩේ...

:       5       38

බද්රානි Tuesday, 29 September 2020 09:57 AM

එතකොට, ගවමස් පරිභෝජනය කරන අයට ආනයනය කර සහන මිලකට ලබා දීමේදී පිටරටට ඇදී යන්නේ රටේ මුදල් නොවේද?

:       10       47

අතුලTuesday, 29 September 2020 12:55 PM

"සහන මිලකට කෙසේ වෙතත්'‘ කිසියම් මිලකට ලබාදෙනවා. ඒකේ ටෙන්ඩර් එක ඇමැති කෙනෙකුට අයිති සමාගමක් මඟින් ලබාගෙන ඇත.

:       14       109

මරුසිරා Tuesday, 29 September 2020 10:15 AM

අමන තීන්දුවක්.. අනිවාර්යෙන්ම ඔය තීරණය ආණ්ඩුවට හාකුලාගන්න වෙනවා.....

:       20       26

rana Tuesday, 29 September 2020 10:34 AM

"සහන මිලට" අපි කනවා. නොකන අයත් ගෙවනවා. සාධාරණය? මෝඩ කමේ කෙලවරක් නැති, ලෝකයම හිනස්සවන අනුවණ දේ.

:       10       28

Ruhunu Tuesday, 29 September 2020 10:41 AM

ඉතාමත් යහපත් ක්‍රියාවක්...

:       23       20

bull Tuesday, 29 September 2020 10:41 AM

තමන්ට ඡන්දය දුන්, තමන්ව අදහන, තමන් කරන කියන සෑම දෙයක්ම එකසිතින් විශ්වාස කරන ජනතාවගේ ලේ නෑයන් රැකබලා ගැනීම රජතුමාගේ වගකීමකි.

:       18       32

Nandalal DE SILVA - France Tuesday, 29 September 2020 11:03 AM

අද සම්මත කරන යෝජනාවක්, හෙට කල් දැමීම හෝ ඉල්ලා අස්කරගන්න රජයකින් අපට මොනාද බලාපොරොත්තු වෙන්න පුළුවන්.?

:       4       17

nalin Tuesday, 29 September 2020 11:16 AM

ගෙදර කුකුලා මරාගෙන කෑවත්, කඩෙන් ගෙනත් කෑවත් එකම පව.. හරකත් ඒ වගේම තමයි. ඇයි පිටරටවල ඉන්න එය මැරුවාම පව් නැතිද?

:       5       12

NIHAL Tuesday, 29 September 2020 11:17 AM

මේ තීරණයෙන් බයියන්ට මානසික ත්‍රිල් එකක් ලැබෙන අතර ව්‍යාපාරිකයන් 10 දෙනෙක් සහ දේශපාලුවෝ මිලියන ගණනින් හම්බකර ගනී. කෙලවෙන්නේ ගමේ ඉන්න සුළු ව්‍යාපාරිකයන්ටයි...

:       5       14

Prabha Tuesday, 29 September 2020 11:25 AM

අන්තිමේට වෙන්නේ හොර හරක් මුදලාලිලා පොහොසත් වෙන එක විතරයි.

:       4       9

rihan Tuesday, 29 September 2020 11:30 AM

මේ ආණ්ඩුව නරක නැහැ. ගවයන්ට පවා හොඳට සලකනවා.

:       3       8

Widura Tuesday, 29 September 2020 12:01 PM

දැන් එතකොට රටින් හරක් මස් ගෙන්නන්නේ කොස් ඇට දීලද දන්නේ නැහැ නේද?

:       2       14

Gihan Tuesday, 29 September 2020 12:14 PM

මහ මෝඩ තීරණයක්. සාමාන්‍යයෙන් පිරිමි සතුන්ව තමයි ලංකාවේ ගවමස් සඳහා ඝාතනය කරන්නේ.අනෙත් එක මේකෙන් කිරි කර්මාන්තයට කිසිම විපතක් සිදුවෙන්නේ නැහැ. ඊට හපන් ගවමස් ආනයනය කරන කොට කාගේ සල්ලිද දන්නේ නැහැ පිටරට යන්නේ? දේශපාලකයෙකුගේ පුතෙක් තමයිලු ගවමස් ආනයන කන්ට්‍රැක්ට් එක ගහලා තියෙන්නේ. බොරු වැඩ මේවා. රට විනාශ වෙනවා.

:       8       16

fairoos Tuesday, 29 September 2020 12:29 PM

අන්න එහෙමයි තීරණ ගන්න ඕනේ. නියමයි..!!! 

:       7       7

SAPUMAL / සපුමල් / Sapumal. Tuesday, 29 September 2020 12:29 PM

වර්තමාන ලෝකයේ සියලු මස් මාංශයෙන් තොරව ජීවත්වීමේ මාර්ගය හොඳ බව මිනිසා ක්‍රමයෙන් අවබෝධ කරගනිමින් පසුවෙනවා. සත්ව ඝාතනයට එරෙහිව ඇතැම් රටවල උද්ඝෝෂණ පවා ඇතිවෙනවා. මේ අතින් බලනවිට බෞද්ධ වුණත් අප ඉන්නේ ඉතාමත් වනචාරි මානසික මට්ටමක බව පෙනෙනවා. කොයි සතාගේ ජීවිතයත් ඒ සතාට වටිනවා. මේක තේරුම් ගන්න බැරි ගවයන් ගව ඝාතනය කරන එක නවත්වනකොට උරණ වෙනවා. මොකද ගවමස් කෑල්ලක තිබෙන රසට වහ වැටුණු පෙරේත ගතිය ඉස්මතු වෙනවා. ඒක ඉතින් වනචාරී පුරුද්ද තමයි. ඒ වුණාට ඒක කෙලින්ම නොකියා වෙනත් පැත්තකින් තමයි එළියට එන්නේ. අනිත් අතින් බලනාවිට ගවයා පුරාණයේ සිටම අපට උපකාර වී තිබෙනවා. ගොවිතැනට මෙන්ම වාහන නොමැති කාලයේ කරත්ත වලින් බඩු බාහිරාදිය ගෙනයෑමට උරදී තිබෙනවා. අපට කිරි ටික දෙනවා. කිරි දෙන සතා මරාගෙන කෑම මහා තිරිසන් වැඩක්... මේ සතාව බැඳලා බිම දමා මස් වැද්දා බෙල්ල කපනකොට කඳුළු දෙනෙතින් ගලනවා. මේවා ගැන හිත් පිත් නැති, සංවේදී නැති වලිගය නැති මිනිස් වෙස්ගත් තිරිසනුන් දන්නේ නැහැ. ඔවුන්ට ඒ සතා විඳින වේදනාව දැනෙන්නේ නැහැ...

:       4       19

බද්රානි Tuesday, 29 September 2020 12:52 PM

ඇත්තෙන්ම, තම පරපුර ආරක්ෂා කර ගැනීම ගව පරපුරේ විශාල වගකීමක්.. බහුතරයක් වූ මේ රටේ ගවයින්ව අපි ආරක්ෂා නොකර වෙන කවුරු ආරක්ෂා කරන්නද? එක අතකට, ඌරන් හා කුකුල්ලු ආහාරයට ගන්නා දේවල්වල හැටියට අපිට කන්න ගැලපෙන්නේ ඌරු මස්ම තමයි. අනික ඉතින් ලාබයිනේ.

:       5       12

Gamini Tuesday, 29 September 2020 12:55 PM

බඩජහරියන්ට ගොඩක් රිදිලා වගේ.

:       9       9

Demuni Uduwara Tuesday, 29 September 2020 01:02 PM

මේ නිකන්ම ෂෝ එකක් විතරයි. ප්‍රායෝගික නැහැ...

:       8       13

BamunuarachchiThursday, 01 October 2020 01:52 AM

ගවමස් බෙල්ලේ එල්ලගෙන කෑවත් කමක් නැහැ, නමුත් අඩුම ගානේ අ අදසටවත් ගරු කරන්න.

:       0       0

siri Tuesday, 29 September 2020 01:57 PM

පිටරට ගවයින් මරලා මස් ගෙනාවට අවුලක් නැහැ නේද? මොකද සියලුම වර්ගයේ මස් ආනයන කොන්තරාත්තුව තරුණ ඇමැති කෙනෙකුට බාරදීලා කියලයි කියන්නේ. බලන්නකෝ වියත් වැඩපිළිවෙලේ හැටි...?

:       6       15

Perera Tuesday, 29 September 2020 05:26 PM

ඒ කියන්නේ හරක් මරලා අධිකරණය දඬුවම් දුන්නොත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න බැහැ කියන එක නෙවෙයිනේ..?

:       0       0

Kumari Tuesday, 29 September 2020 05:52 PM

පිටරටින් එන මස් කන්න ටිකක් බයයි. මොන මස් එවයිද දන්නේ නැහැ...

:       0       0

Ranjith Wednesday, 30 September 2020 01:20 AM

මස් සහ මත්පැන්වලට ගිජු වුණු වැසියන් එන්න රටක ගත් අභීත තීරණයක්.

:       1       1

chandana Wednesday, 30 September 2020 05:53 PM

අපේ බදු මුදලින් සහන මිලකට ලබාදීමට තීරණය කිරීමෙන් මෙම තීරණයේ වටිනාකම අඩුවෙලා තියෙනවා. හරියට කිරි හැලියට ගොම බින්දුවක් වැටුණා වගේ. සහනාධාරවත් දෙන්න ඕනේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න ව්‍යාජ ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 22 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 31 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 154 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 265 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 171 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 299 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site