IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ගෑස්වලට අතුරු නියෝගයක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියමිත ප්‍රමිතීන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් ඉදිරියට වෙළඳපොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද (17)  ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කළේය.

තවද දැනට වෙළෙඳපොලේ මුදාහැර ඇති භාවිතා නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසත් අභියාචනාධිකරණය තවත් නියෝගයක් නිකුත් කර ඇත.

එමෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංයුතිය එහි ප්‍රදර්ශනය කරන ලෙසද අධිකරණ විසින් අදාළ සමාගම්වලට නියම කරනු ලැබීය.

ගෑස් කාන්දුවීම් හේතුවෙන් ඇති වූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කරන ලදී.

රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ  විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කර ඇත.

දැනට පාරිභෝගිකයින් සතුව තිබෙන අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවා ඒ සඳහා යම් මුදලක් ගෙවීමක් කරන ලෙසට අදාළ සමාගම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබු අතර මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ ලෙස ද අධිකරණය විසින් පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර ඇත.

අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට තීන්දු  කළ අධිකරණය එය ජනවාරි මස 26 වනදා කැඳවන ලෙසත් නියෝග කර ඇත.

නඩු තීන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සංයුතිය තීරණය කිරීම සඳහා විශේෂ රැස්වීමක් ලබන විසි වනදා පැවැත්වීමට නියමිතව තිබුණ ද එම රැස්වීම හදිසියේ ඊයේ (16) දින පැවතුණු බව සඳහන් කලේය.

එම රැස්වීමේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු "ප්‍රොපේන්" සංයුතිය සියයට 30 ක් විය යුතු බවට තීන්දු කෙරෙන බව ද රජයේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.



අදහස් (4)

ගෑස්වලට අතුරු නියෝගයක්

සඳුන් Friday, 17 December 2021 01:00 PM

රජය ජනතාවගේ වගකීම් වලින් බැහැරව හැසිරුණු අවස්ථාවක ක්‍රියාකාරීව මැදිහත්වී ජනතාව ගෑස් පිපිරීම් බියෙන් බේරා ගැනීමට පිළියම් සොයන ගරු අධිකරයණයටත්, කොඩිතුවක්කු මහතාටත් ජාතියේ ප්‍රණාමය...

:       0       13

JCN Friday, 17 December 2021 01:28 PM

නාගානන්ද කොඩිතුවක්කු..! මෙච්චරද මේ රටේ නීතිඥයින් ඉන්නේ... මේ වගේ රටටම වැදගත් දේකට නඩුවක් දාන්න වෙලාවක් තියෙන කොන්දක් තියෙන කැක්කුමක් තියෙන...

:       0       6

අසංග Friday, 17 December 2021 02:08 PM

අතුරු නියොග මදි. මොවුන්ව හිරෙ යවන්න ඕනෑ. දරුවන් හතර දෙනෙක්ට අම්මා නැතිකලාට. කාලකන්නි...!

:       0       0

Samantha Friday, 17 December 2021 05:21 PM

රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනීසිටි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට අපගේ ගෞරවය...!!!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

දියත

අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 492 0

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


‘‘ලෙඩ සතුන් මසට විකුණනවාලු‘‘
2025 මාර්තු මස 14 184 0

හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප


බටලන්ද අද පාර්ලිමේන්තුවට
2025 මාර්තු මස 14 448 5

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


මූතූර් ද්විත්ව ඝාතනයක්
2025 මාර්තු මස 14 159 0

මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .


තැනින් තැනට අදත් වැස්ස
2025 මාර්තු මස 14 93 0

බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


ප්‍රසිද්ද රැප් ගායකයෙක් ගිනි අවියක් සමග මාට්ටු
2025 මාර්තු මස 14 1653 4

ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 214 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 506 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site