IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘ගෑස්වල ප්‍රමිතිය ගැන අණ්ඩුව වගකීමෙන් කටයුතු කර නැහැ‘

(ඩයනා උදයංගනී)

ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් වර්තමාන රජය හා අදාළ ආයතන පසුගිය කාලයේ තම වගකීම ඉටුකර නැති බව නිහතමානීව පිළිගන්නා බවත්, අතීතයේදීද එම වගකීම ඉටුවී නැති බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

ගෑස් හා ඊට අදාළව භාවිතාවන උපාංගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් 1960 ගණන්වල සිටම කිසිඳු නියාමනයක් සිදුව නැතැයි කී රාජ්‍ය ඇමතිවරයා මීට පෙර ගෑස් සම්බන්ධයෙන් ඇතිවූ අනතුරුවලදී පැවති රජයන් සොයාබලා පියවර ගත්තේ නම් වර්තමානයේ මෙවැනි තත්වයක් මතුවීම වළක්වාගත හැකිව තිබිණි යැයි සඳහන් කළේය.

ගෑස් සමාගම් දෙකෙන්ම ගෑස් භාවිතා කරන්නන්ගේ රැකවරණය ගැන කිසිඳු සැලකීමක් කර නැති බව තම පෞද්ගලික මතය බවත්, එම සමාගම්වලට මේ වගකීමෙන් මිදිය නොහැකි අතර, දැනට සිදුකරන පරීක්‍ෂණවලින් අනාවරණය වන තොරතුරු අනුව අදාළ සමාගම්වලට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් යැයි ලසන්ත අලගියවන්න මහතා කීවේය.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මේ වන විට නිසි ප්‍රමිතියකින් යුත් ගෑස් සිලින්ඩර වෙළඳපලට නිකුත් කිරීම සිදුවන බව කී අලගියවන්න මහතා තවමත් පැරණි ගෑස් සිලින්ඩර භාවිතා කරන්නන් තවදුරටත් ආරක්‍ෂාකාරීව කටයුතු කරන ලෙස තමන් ඉල්ලීමක් කරන බව ද කීවේය.



අදහස් (16)

‘ගෑස්වල ප්‍රමිතිය ගැන අණ්ඩුව වගකීමෙන් කටයුතු කර නැහැ‘

Hafeel Tuesday, 07 December 2021 03:06 PM

මෙයාත් හරියට ජනාධිපති වගේ. තමාගේ නොහැකියාව, වැරැද්ද සහ අඩුපාඩු පහුගිය ආණ්ඩුවලට පටවනවා. කොහොම හරි මෙයත් පහුගිය අවුරුදු 20 ක් නොකඩවා ආණ්ඩු පක්ෂයේ නියෝජන කරනවා.

:       0       8

sena Tuesday, 07 December 2021 03:13 PM

හැමෝම වැරදි කරලා ඉස්සරත් වැරදි කර්ලා තියනවා කියලා ඇඟ බේරා ගන්නවා

:       0       7

Rakitha Tuesday, 07 December 2021 03:34 PM

බතුමා රජයේ නෙමෙයිද ?තම වගකීම හරියට ඉටු නොකර රජයට බැනලා වැඩක් නෑ .ඒකේ වගකීම් තියෙන්නේ කාටද එතකොට ?

:       0       7

nimelen Tuesday, 07 December 2021 05:43 PM

අතීතයේදී නෙමෙයිනේ... 80/20 තිබ්බ එක 50/50 කලේ.. ඔයාලගේ ආන්ඩුවෙන් නේ...අතීතෙට වැරදි කියන්නේ දැන්... අර මැරිච්ච මිනිස්සුන්ට වන්දි දීලා තව සිලින්ඩර් පුපුරන්න කලින් ආපහු ගෙන්නපල්ලා...

:       0       11

De Tuesday, 07 December 2021 06:01 PM

අනේ සර් පැහැදිලිව කියන්නකෝ.. සමාගම් 2 සර්ටත් වඩා හොඳට කළාද? හා කියන්න බලන්න මේ සමාගම් දෙකෙන් කවුද හොඳටම පාරිභෝගිතයාට කළේ?

:       0       9

NIMAL Tuesday, 07 December 2021 08:10 PM

ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් වර්තමාන රජය හා අදාළ ආයතන පසුගිය කාලයේ තම වගකීම ඉටුකර නැති බව නිහතමානීව පිළිගෙන මම ඇමති තනතුරෙන් ඉල්ලා ඇස වෙමි

:       0       14

Perera Tuesday, 07 December 2021 11:41 PM

ඕකෙදි විතරක් නෙවෙයි ,කොවිඩ් එන්නත්කරණය හැර ආණ්ඩුව මෙතෙක් කරලා තියන සෑම දෙයකදීම වගකීමකින් කටයුතු කරලා නැහැ

:       0       10

සමරේ Wednesday, 08 December 2021 03:48 AM

රජය කියලා සාමූහික වගකීම ආණ්ඩුව පිටින් දාලා කිව්වත් මේ තරම් විනාශයක් වෙන්න ඉඩ දීලා ගෑස් සමාගම් වල පැත්ත ගන්න මූලික වුණේ ලසන්ත අලගියවන්න නේද. දැන් වැරදුනාම රජය පිටින් අරිනවා. හරි විදිහට නම් ඔය රාජ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වෙනවා කියන දැනුම් දීමත් එක්ක ජනතාවගෙන් සමාව ඉල්ලීමට සුදුසු වරදක් පහුගිය කාලේ මොහු කරේ. ඇත්ත වශයෙන්ම ලිට්රෝ සමාගමට සහ රජයට වගේම විශේෂයෙන් මේ ගෑස් ඇමතිට විරුද්ධව නඩු දාන්න ඕනෑ. පාරිභෝගික සේවා පිළිබද ඇමති බැඳිලා ඉන්නේ පාරිභෝගිකයන් ගැන බලන්නත් තිබෙන ප්‍රශ්න ගැන කැබිනට් ඇමතිවරයා දැනුවත් කරන්නත්. සිදුවුණේ ඒක නොවෙයි. පාරිභෝගිකයන් ගසාකන්න සහ ජීවිත අනතුරේ හෙලීමට ඒ ඇමතිවරයා අනුබල දෙන විදිහට හැසිරීමයි. වැඩය බැරෑරුම් වුණාම තමන් වගකීම නොගෙන සමස්ත ආණ්ඩුවට එරෙහිව කතාකරනවා. වැඩේ කැතයි.

:       1       7

L G p, jathunarachchi, Wednesday, 08 December 2021 07:15 AM

ගරු ඇමතිතුමනි. දැන් ඔබට වත්මන් නරක තත්ත්වය ඉක්මනින් නිවැරදි කළ හැකිය

:       2       6

saman Wednesday, 08 December 2021 08:09 AM

වචන භාවිතයේදී හා ප්‍රායෝගික හැසිරීම තුළදී යම් ශික්ෂණයක් පෙන්වූ අමාත්‍යවරයෙකු ලෙස ලසන්ත අලගියවන්න මහතා මාගේ ගෞරවයට භාජනය වී තිබිණි. නමුත් මුල් අවස්ථාවේදී ඔහු කටයුතු කළ ආකාරය වගකීමෙන් පැනයාමක් ලෙසයි මට හැඟුනේ... නමුත් දැන් සියලු දේ නිරාවරණය වීමත් සමග නොපිළිගෙන බැරිකමට පිළිගන්නා සේ පෙනේ. තම රජයටත් බැරි වුණානම් පෙර රජයටත් බැරිවිය හැකියි. වැදගත්ම කරුණ ඔහු මේ රජයන් දෙකෙහිම සාමාජිකයෙකි. ගෑස් නොවේ බොහෝ දේවල්වලට මේ රටෙහි ප්‍රමිතියක් නොමැත...

:       3       7

Sunil Wednesday, 08 December 2021 11:54 AM

එන්නත් කිරීමේදී හැර අන් සෑම කටයුත්තකදීම රජය කටයුතු කර ඇත්තේ වගකීම් විරහිතවයි

:       1       5

fairoos Wednesday, 08 December 2021 12:20 PM

හැම අතින්ම සර් සහ සර්ගේ කණ්ඩායම අසමත්... ඒක වහල්ලුන්ට තේරෙන්න කාලයයි.

:       0       8

සුද්දාThursday, 09 December 2021 10:37 AM

මෙයා පොහොට්ටු මන්ත්‍රී කෙනෙක් නෙවෙයි. යහපාලනයේත් ඇමතිකම් කරපු මෛත්‍රිගේ ගෝලයෙක්. මේ ගොල්ලන් බලන්නේ ආපහු බලය ගන්න විතරයි. රටේ ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න අවශ්‍ය නෑ. ඒකනේ මුල ඉඳලම ගෑස් සමාගම් පැත්ත අරන් අන්තිමට අතේ කෝට් වුණාම විතරක් මුළු රජයට වගේම පරණ අයටත් වැරදි පටවන්න හදන්නේ. සුදුළූණු කේස් එකත් මෙයා වහන්න හැදුවා.

:       0       3

Malika Wednesday, 08 December 2021 02:48 PM

බඩුත් හාමුදුරුවන් ගේ, නඩුත් හාමුදුරුවනේ ගේ

:       0       6

ගමේ එකාලා Wednesday, 08 December 2021 06:33 PM

දූෂිත දේශපාලුවෝ කවුරු කවුරුත් තමුන්ගේ නොහැකියාව වහගෙන ඇඟ බේරගන්න දිව හැරෙන හැරෙන පැත්තට කතාකරනවා. අපි නොදන්නවාද මෙයාලගේ වැඩ?

:       0       5

wajira Thursday, 09 December 2021 06:47 PM

ටික කලකට පුළුවන් අය ගෑස් පාවිච්චිය නතර කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 5120 15

මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා


අපි ඔක්කොම එකම බිමක අරගලකරුවන්
2025 පෙබරවාරි මස 04 1949 14

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.


නිදහස් උළෙල ඇරැඹෙයි
2025 පෙබරවාරි මස 04 1696 4

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.


තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි
2025 පෙබරවාරි මස 03 3123 9

නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා


කෝටි ගණනක ලුණු විනාශවෙන්න ඇරලා
2025 පෙබරවාරි මස 03 3704 8

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්


කසිප්පු වලියකට තුනක් මරලා
2025 පෙබරවාරි මස 02 2695 7

වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site