(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව- එගොඩ උයන ප්‍රදේශයේ අත්හැර දමන ලද ලී මෝලක තිබී ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් පුළුස්සා දැමීමටත් ගත් උත්සාහයක් අද(24) අලුයම ව්‍යර්ථ වී ඇතැයි එගොඩ උයන පොලිසිය කියයි.
ලී මෝලේ ගින්නක් දුටු සිසුන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇති අතර ඔවුන් ගින්න නිවීමට පැමිණීමේදී ඒ අසළ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයට පැමිණ පලාගොස් ඇති බවද, ඒ පසුපස හඹා ගිය ලී මෝල් හිමිකරුගේ පුතුව එම මෝටර් රථ රියදුරු අනතුරකට ලක් කර ඇති බවද පොලිසිය පවසයි.
ගින්න ඇති වූයේ මළ සිරුර පුළුස්සා දැමීමට කරන ලද උත්සාහයක් නිසා බව හෙළි වී ඇතැයි පොලිසිය වැඩිදුරටත් කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ මහරගම නාවින්න පදිංචි හිටපු හමුදා සෙබළෙකු බව පොලිසිය කියයි.
ඔහු 51 හැවිරිදි දෙදරු පියෙකු බවද හෙළි වී ඇත.
ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මෝටර් රථය කහතුඩුව වෙනිවැල්කොප දෙල්ගහ ඇළට දමා තිබියදී කහතුඩුව පොලිසිය සොයා ගෙන ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඝාතනය කළ පුද්ගලයකුගේ සිරුර පුළුස්සන්න බැරිවෙයි
Senarath Thursday, 24 January 2019 08:10 AM
මොනවද මේ රටට වෙන්නේ? හැම තැනම ඝාතන, බෝම්බ සහ ආයුධ මත්වෙනවා. කුඩු කිලෝ සිය ගණන් අහුවෙන්නේ. රජයට බැරිද මේවා පාලනය කරන්න. රජය හිතන්න ඕනේ රටේ අහිංසක සාමාන්‍ය ජනතාව ගැන. මෙහෙම ගියොත් ඉන්න උගත්තු ටිකත් රට දමලා යනවා. මොන ආයෝජකයද මෙහෙම වෙනකොට මේ රටට එන්නේ?
perera Thursday, 24 January 2019 01:01 PM
ඔච්චර නටන්න දෙයක් නෑ මහත්තයෝ... ලංකාවේ චිරාත් කාලයක ඉඳන් අවුරුද්දකට මිනී මැරුම් 3000 ක් විතර වුණා.. (යුද්ධය නැතිව, සිවිල් වැසියන් අතර මරා ගැනීම්)... දැන් අඩුයි. මගේ මතකේ හැටියට ගිය අවුරුද්දේ 1000 ක් විතර, ඒ කියන්නේ දවසකට තුනක්... මේවා ඔක්කොම වාර්තා කරන්න ගත්තොත් වෙනම පත්තරයක් ගහන්න පුළුවන්. චීවරධාරියොත් මිනී මරනවා. ඔබතුමා බණ කතා කරනවා. ආණ්ඩුව ඕවා පාලනය කරන්නේ හැම ගෙදරටම පොලිසිය ගානේ දාලද?
rocky Friday, 25 January 2019 12:27 PM
සෙනරත් මහත්තයෝ, රජයට කරන්න පුළුවන් කමක් නැහැ රටේ මිනිසුන් කරන අපරාධ නතර කරන්න. අපරාධකරුවන් අල්ලලා නඩුපවරන්න දඬුවම් කරන්න පුළුවනි. අපේ ජන සමාජය හොඳටම පිරිහිලා. ආණ්ඩුත් එහෙමයි. ඔක්කොම යන්නේ මහා ලොකු ප්‍රපාතයකට. ඔහේ කියන විදිහට නම් හැම ගෙදරකම පොලිස් ස්ථානයක් දමන්න සිද්ධ වේවි!