(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
භීෂණ සමයේ දී අතුරුදහන් වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඒ මහතාගේ බිරිඳ චිත‍්‍රාංගනී විජේවීර මහත්මිය ගොනු කර තිබූ අභියාචන පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප‍්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කළේය.
මෙම පෙත්සම විභාගයට ගැනීමට පදනමක් නොමැති බව සඳහන් කරමින් අධිකරණය මෙම පෙත්සම් ඉවත දමන ලදී
මෙම අභියාචන පෙත්සම සිසිර ද අබෲ , එස්.තුරේරාජා සහ ගාමිණී අමරසේකර යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම තීන්දුව ලබා දෙන ලදී.
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනක පෙරේරා මහතා කියා සිටියේ මීට පෙර මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ බවත් එය කාලවිරෝධී බව සලකා ඉවත දැමූ බවත් ය.
එම අභියාචනාධිකරණ නියෝගය බල රහිත කර මෙම පෙත්සම යළි විභාගයට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පෙත්සම්කාර චිත‍්‍රාංගනී විජේවීර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කළ බවද ඇයගේ නීතිඥවරයා සඳහන් කර සිටියේය.
එසේම හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා නිශ්චිත කාල සීමාවක් නොමැති බවත් ලතීෆ් නඩු තීන්දුව අනුව එය පැහැදිලිවම පෙන්වා දෙන බවද හෙතෙම කියා සිටියේය.
එබැවින් වසර තිහක් ගත වීමෙන් පසුව මෙම පෙත්සම ඉදිරිපත් කිරීම පිළිගත නොහැකි බව පවසමින් එය ප‍්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බවද පෙත්සම්කාර නීතීඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
සිය සේවාදායිකාවට පැවති බිය සහ ජීවිත තර්ජන හේතුවෙන් මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇය ඉදිරිපත් නොවූ බවද නීතිඥවරයා කරුණු දක්වා සිටියේය.
නීතීපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා කියා සිටියේ මෙම සිද්ධිය සිදුවී වසර 30ක් ගතවී ඇති බැවින් එම කාලය තුළ පැමිණිලිකාරිය කිසිදු පියවරක් නොගත් බවය.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීන්දුව ප‍්‍රකාශයට පත් කළ ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බැවින් එය විභාගයට නොගනම නිෂ්ප‍්‍රභ කරන ලදී.
1989 වසරේදී හමුදා අත්අඩංගුවට පත් වීමෙන් පසු තම සැමියා වන රෝහණ විජේවීර පිළිබඳ කිසිදු තොරතුරක් නොදන්නා බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරමින් හබයාස්කෝපස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කාරිය මෙම පෙත්සම ඉදිරිපත් කෙරිණි.
පෙත්සම්කාරිය වෙනුවෙන් නීතීඥ සේනක පෙරේරා මහතාද නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතාද පෙනී සිටියහ.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
චිත‍්‍රාංගනී විජේවීර ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි
beau Thursday, 16 January 2020 12:42 PM
නඩුකාරයන් බයවෙලාද? ඔක්කොම විස්තර ඉන්ටර් නෙට් එකේ තියෙනවා
ආරියපාල හේවගේ Thursday, 16 January 2020 01:52 PM
මානව හිමිකම් සංවිධාන මේ ගැන මොකද කියන්නේ...? විජේවීර සහෝදරයාට මානව හිමිකම්... හිමි සහ අයිති නැතිද?
sharm warn Friday, 17 January 2020 04:25 AM
ඉතින් එහෙනම් එයා මළේ මෙහෙමයි කියලා මරණ සහතිකයක් නිකුත් කරන්නකෝ...........