(නිමන්ති රණසිංහ)
කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයක් පවත්වා නිරෝධායන නිති උල්ලංඝණය කළ බව කියූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ රියැදුරා අන්තරාදායක ලෙස රිය පැදවීමේ චෝදනාවට රුපියල් 12,500ක දඩයක් කොළඹ අතිරේක මහෙස්්ත‍්‍රාත් ආර්. බණ්ඩාර නෙළුම්දෙණීය මහතා නියම කළේය.
අන්තරාදායක ලෙස රිය පදවා පදික මාරුවකදී අනුගමනය කළ යුතු නිසි කි‍්‍රයාමාර්ග අනුගමනය නොකිරීම හේතුවෙන් මෝටර් වාහන පනත ප‍්‍රකාරව වරදක් කළැයි කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට ගොනු කර තිබූ චෝදනාපත‍්‍රයට වරද පිළිගත් මෙම චූදිතට මහේස්ත‍්‍රාත්වරයා එලෙස දඩ නියම කළේය.
මෙලෙස දඩ නියම වූයේ කලපලූවාව රාජගිරියේ පදිංචි නිමේෂ් දිල්ෂාන් බස්නායක නමැත්තාටය.
කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයක් පවත්වා නිරෝධායන නිති උල්ලංඝණය කළ බව කියූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාව කොටුව පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය වෙත පෙනී සිටින ලෙසට නියම කර තිබූ අතර ඔහු ඉකුත් 31 වැනිදා අධිකරණයේ පෙනී සිට නැවත පිටත්ව යන අවස්ථාවේදී ඔහුගේ රියැදුරා මෙම රථවාහන වරද සිදුකර ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
චන්දිමාල් ජයසිංහගේ රියැදුරාට 12,500ක දඩයක්
arun Wednesday, 02 June 2021 07:49 AM
නඩු පිට නඩු - පෙරළි පෙරළි....
Ruhunu Wednesday, 02 June 2021 08:56 AM
වැදගැම්මකට නැති මිනිස්සු ගැන මොකට දානවද මන්දා? මේවා දාන්නත් දේවල්ද?
RaveendraWednesday, 02 June 2021 09:24 AM
සහතික ඇත්ත මළවිකාර මෝස්‌තර.., ඇඳුම් අන්දන මෙවන් කවටයින්ව මොකට මෙසේ ප්‍රසිද්ධ වෙන්න අවස්ථාව දීමත් මාධ්‍යයන්වල එක්තරා ආකාරයක ගතමනාව සොයාගැනීමක් විය හැකියි.
නුවන්Wednesday, 02 June 2021 09:48 AM
ඔබ හරි. ඕක රාත්‍රි 6.55 ප්‍රවෘත්ති වලත් යාවි ප්‍රධාන පුවතක් ලෙසින්..... ඔවුන් ට අවශ්‍ය වූයේ ප්‍රසිද්ධිය.... එපමණයි .
විජේ Wednesday, 02 June 2021 09:47 AM
මේ චන්දිමාල් ජයසිංහ කියන්නෙ තනිව විදවන ලෙඩෙක්. පව් ඉතින්,මෙයාලට අනුකම්පා කරලත් බෑ නොකරත් බෑ.......
අගුණ බණ්ඩා Wednesday, 02 June 2021 12:12 PM
මොහු මුදල් හොයන්නේ රූපලාවණ්‍ය කටයුතු වලින් නෙවෙයි. ඒක නමට දාගත්ත එකක්. හරියට අර සම්බාහන ආයතන කියලා කරගෙන යන සමහර තැන් වගේ...
fairoos Wednesday, 02 June 2021 12:28 PM
මල විකාර...!!!
චින්තක Wednesday, 02 June 2021 08:43 PM
මේ රියදුරා මසුරන් වටිනා කතාවක් කියනවා. "වාහන එලවනකොට නීති කැඩෙනවා, ඒවාට උසාවියෙන් දඩ ගහනවා, ඔයගොල්ලොත් වාහන එළවනවා ඇතිනේ, දඩ කොළ කනවත් ඇතිනේ" නියම කතාවක් මාෆියාවට...