IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක්

(රන්ජන් කස්තුරි)

චීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 500ක සංවර්ධන ණයක් ප්‍රදානය කර තිබේ.

එම ණය ගිවිසුම කොළඹ චීන තානාපති කාර්යාලයේදී අද අත්සන් තැබිණි.

සහන පොලී අනුපාතයක් යටතේ වසර 10ක කාලයකින් ගෙවා නිමකිරීමේ පදනම මත එම ණය ලබාගත් බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසයි.

එම ඩොලර් මිලියන 500 ක ණය මුදල් ඉදිරි දින කීපයතුළ ශ්‍රී ලංකාවට ලැබෙන බව ද ආටිගල මහතා කියයි.



අදහස් (17)

චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක්

Nuwan Monday, 12 April 2021 02:19 PM

මේ පාලකයෝ ලංකාව චීන කොළණියක් කරලාම තමයි පස්ස බලන්නේ. ඇයි දෙයියනේ පේන්නේ නැද්ද මොන සංවර්ධනයක්ද? අහස උසට ණය ගෙඩ ගැහිලා තවත ගන්නවා...!!! 

:       0       1

ganegoda Monday, 12 April 2021 02:27 PM

දැන් ඉන්දියාවෙනුත් ඩොලර් මිලියන 500ක් ලැබෙයිද?

:       0       1

පොලි මුදලාලි සහ දියවන්නා කම්බා හොරා Monday, 12 April 2021 02:57 PM

ණය ගත්තු ඒවාට රට හැදුවනම් මෙලහටත් රට සිංගප්පුරුවක් ,වැඩිපුරම වුණේ ණයෙන් 50%. කටත් .කොමිස්,පගා ,හොරාකෑම් වලට ගියා, බහුතර ඉතිරි හරිය කිසිම ලාභයක් නැති වැඩ වලට ගියා. රට ,ආණ්ඩුව,විපක්ෂ ය සියල්ල සිහියෙන් හිතල එකම වැඩපිළිවෙළකට ඇවිත් රටක් විදියට හැමෝම ගොඩයන වැඩපිළිවෙළක් නැතිව යන ගමන හරියට ගෙවල් උකස් තියල ඒවායින් කාලා බීලා ජොලි කරන ගෙවල් වගේ, ඉක්මණින් කාට හරි සින්න වෙනවා , අපේ රටත් ඒ තත්වෙට වැටීගෙන අන්තිම පිදුරු ගැහෙ එල්ලිලා ඉන්නේ....

:       0       0

Pradeep Monday, 12 April 2021 03:41 PM

තියන ණය ටික ගෙවා ගන්නත් බැරුව ඉන්න අතරේ තවතවත් අසීමිතව ණය නම් ගන්නවා. නමුත් එයින් මුදල් ඉපැයිය හැකි දෙයක් නම් කරන්නේ නෑ. මේ තරමට ස්වාභාවික සම්පත්වලින් අනූන වූ රටක් දියුණු කළ නොහැකි නම් මේ පාලකයින්ට වෙනත් කිසිවක් හෝ කළ නොහැකියි. අපේ රටෙන් මඳක් ඉවතට ගිහින් බලන්න ඕන අනිකුත් රටවල් තම තමන්ගේ රටවල් දියුණු කරන හැටි... මේ තරමට සම්පත් නැතුව. විදෙස් සංචාර කියලා රට රටවල් ගානේ ගිහින් මේ අය මොනවද ඒ රටවල් වලින් ගන්නේ හිඟා කන එක හැර. නිකමට බැලුවද ඒ ඒ රටවල් එයාලගේ දියුණුව වෙනුවෙන් අරන් තියන ක්‍රියාමාර්ග මොනවද කියලා...

:       0       0

විජිත් Monday, 12 April 2021 05:32 PM

ඩොලර් මිලියන 500 ක්? චීනා ගාව වැඳ වැටිලා සල්ලි ගන්නවා. ඒ කපටියා ලංකාවේ තියෙන වටිනා දේපළ ලියාගෙන මේ හොරුන්ට සල්ලි දෙනවා. සමහරවිට ඔය ඩොලර් මිලියන 500ම දෙන්නේ යූඑන් වලින් වෙන්න ඇති. හැබැයි සමහරවිට ගෙවන්න තියෙන්නේ ඩොලර් වලින් වෙන්නත් ඇති. මේ මෝඩහරක් ඕවා ගැන දන්නා අය නොවෙයි. හොරකමටම උපන් හැත්තක්... ඉතිහාසය ඕන නැහැනේ.. මේ අනාගතයේ උපදින රටේ දරුවන් ණයකාරයින් කරලා.., මේ හොරුන්ගේ දරුවන්ට, මුණුපුරන්ට හොරා කාපු සල්ලි කොහේ හරි හංගලා.. මේ නාකි සහෝදර හොරු තව අවුරුදු දෙක තුනකින් ඔක්කොම මැරිලා යාවි. මේ අයගේ වලවල් වලට හෙන ගහන්නේ නැහැ...

:       0       1

Perera Monday, 12 April 2021 07:07 PM

චීනය ලංකාව ආර්ථික වශයෙන් ආක්‍රමණය කරන ක්‍රමවේදයේ තවත් අවස්ථාවක්. ඔය ණය ලංකාවට ගෙවා ගන්න බැරි බව චීනය දන්නවා. එමගින් ආර්ථිකව ලංකාව චීනයේ පාලනයට යටත් වෙනවා.

:       0       0

Lanka Monday, 12 April 2021 07:12 PM

ඇති යාන්තම්.. ඕවා ගෙවන්න ඕනෑ නැහැ. පොල්ල තියන්න බලමු. මේකෙන්වත් අවුරුදු කමු.

:       0       0

Hafeel Tuesday, 13 April 2021 06:23 AM

මෙහෙම ගියොත් මේ රට ඉදිරියේදී ශ්‍රී චීන කියලා නම වෙනස් වෙන්නත් පුළුවන්...

:       0       0

Rata Perata Tuesday, 13 April 2021 06:55 AM

අපේ පාලකයෝ කවදා තේරුම් ගනිවිද දන්නේ නෑ. මුළු ලෝකේම දන්වා චීනය ණය උගුල් ගැන මේ අසාර්ථක පාලකයන් උණු දියේ ඉන්න කකුළුවෝ වගේ අපේ රටට ගිය කලක් අනිත් කාරණය සහන පොලිය කියන මිනිහාට පොලිය කීයද කියලා ජනතාවට කියන්න බැරිද?

:       0       0

Sene Tuesday, 13 April 2021 11:35 AM

අපිනම් ඕවා ගැන මොකුත්ම කියන්නේ නැහැ. මාධ්‍යවේදීන් 2000 කට වැඩි පිරිසක් විටින් විට චීනයට යවා මොළ සේදීමේ කටයුත්තකට සම්බන්ධ බවට සමහරු චෝදනා කරන කෙනෙක් දැන් චීන තානාපති කාර්යාලයේ බලපෑම මත ජනාධිපති මාධ්‍ය අන්ශයේ ඉහළම තනතුරකට පත්කළ බවට මැසිවිලි නඟන කට්ටියකුත් ඉන්න බවයි පෙනෙන්නේ. රුපියල් 5000න් අවුරුදු කන හැටි හොයාගන්න ක්‍රමයක් නැතුව ලතවෙන අපට ඔය ප්‍රශ්න එතරම් වැදගත් නෑ ඔන්න.

:       0       0

Kamal Koyrala Tuesday, 13 April 2021 12:45 PM

කිරි ඉතිරේවා නව වසරේ...!!! 

:       0       0

අතුල Tuesday, 13 April 2021 02:35 PM

පවුලේ සහ හිතවතුන් එක්ක බෙදා හදා ගත්තට පස්සේ, රටේ ඉන්න කෝටි 22 ජනතාව ඕක අවුරුදු 10 කින් ගෙවන්නේ නැතැයි.

:       0       0

Prasa Tuesday, 13 April 2021 05:48 PM

ඔහොම ණයට රට සංවර්ධනය කරනවට වඩා හොඳයි අනවශ්‍ය වියදම් කපා හරින එක. මේ රට දැන් සින්නක්කර ණයට විකිණෙමින් තියෙනවා. මේක සංවර්ධනයක් වෙන්නේ කොහොමද? ඇමැති, මන්ත්‍රී සෙට්එක කලින්ට වඩා නාස්ති කරකර එහෙන් ජරාව කන්න පුළුවන් ක්‍රමවලින් වැඩ කරනවා.

:       0       0

chandima Tuesday, 13 April 2021 11:51 PM

පොලියත් එක්කලා ණයක් දුන්නාම ඒකට ප්‍රදානයක් කියන්නේ කවුද?

:       0       0

Don perera Wednesday, 14 April 2021 06:09 AM

ජයවේවා..!!! 69 ට ජයවේවා..!!!

:       0       1

Janaka Wednesday, 14 April 2021 09:40 AM

චීනයෙන් ඩොලර් මිලියන 500 නයට අරගෙන ලංකාවේ පවුල් වලට රුපියල් 5000 බැගින් අවුරුදු කන්න බෙදා දේ. පරිභෝජනය සදහා ණය ලබා ගැනීම අතිශය භයානක බව දැනුවත් වූවත් ඒ ගැන සත පහකට මායිම් නොකරන ආණ්ඩුවක්. රටට තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ ආශිර්වාදයත් මදි වෙන සයිස් එකක් දැන් තියෙන්නේ.

:       0       1

Bamunuarachchi Saturday, 17 April 2021 06:18 AM

ඇමරිකාවත් ණයට ගන්නේ චීනයෙන් නම් අපි චීනයෙන් ණය ගත්තාම මොකද? ඇමරිකාව..., චීනයට ට්‍රිලියන 1.06 ණයයි කියලා ගූගල් කළාම පෙනෙනවා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 344 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 108 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 55 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 75 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 661 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 831 0

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site