IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


චීනය මෙරට ව්‍යාපෘති තුනක් හකුලා ගනියි

(ඩයනා උදයංගනී)

චීන සමාගමක් මගින් උතුරේ දුපත් තුනක ක්‍රියාත්මක කිරිමට සුදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කර ඇතැයි චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

තුන්වන පාර්ශවයක් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ කරුණු හේතුවෙන් 'සයිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි' නම් චීන සමාගම මේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බව එහි සඳහන් වේ.

උතුරු පළාතේ ඩෙල්ෆ් , අනලතිව් සහ නයිනතිව් දුපත්වල මෙම විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට චීන සමාගම සුදානමින් සිටි අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව තිබිණි.

ශ්‍රි ලංකාවේ ව්‍යාපෘති තුන අත්හැර දැමු චීන සමාගම මාලදිවයිනේ දූපත් 12 ක සූර්ය බලාගාර පිහිටුවීම සඳහා එරට රජය සමග පසුගිය 29 වැනිදා ගිවිසුම් අත්සන් කර තිඇතැයි ද එහි දැක්වේ

 



අදහස් (8)

චීනය මෙරට ව්‍යාපෘති තුනක් හකුලා ගනියි

සිරිබිරිස් Thursday, 02 December 2021 06:36 PM

ලොකු දෙයක්... දකුණ වනසලා තියෙන්නේ... යාන්තම් උතුරු පළාත බේරුණා...

:       0       0

Maduranga Thursday, 02 December 2021 07:02 PM

මට තේරෙන් නෑ... මේකට අඬන්නද, හිනාවෙන්නද කියලා. අපිට ආදරේට එන ව්‍යාපෘති නොවුණත් අපේ රටට ඒවා ඕනේ ගොඩඑන්න නම්... අපේ රට චීනය සහ ඉන්දියාව නැමැති ගිරයේ අඬු දෙක මැද්දට අහුවුණු පුවක් ගෙඩිය වෙලා...

:       0       0

ranil Thursday, 02 December 2021 07:09 PM

චීනය රාජපක්ෂලාට හොඳට සලකනවා වගේ...! අසුචි නැව බාරගත්තා නම් ඔය මොනවත් ප්‍රශ්න නැහැ.

:       0       0

විජිත් Thursday, 02 December 2021 07:20 PM

අද දවසේ අහන්නට ලැබුණු සුබවාදී ආරංචියක්. මේ ව්‍යාපෘති වලින් මුදල් ' සොච්චමක් ' අපේ රටට ලැබේවි. බොහෝවිට රැකියා අවස්ථා පමණක්ම වෙන්නත් පුළුවනි. නමුත් මේ සියල්ලටම වඩා ' භූ දේශපාලනික ' ප්‍රශ්නයන් ඇතිවීමෙන් අප රට තවතවත් පීඩනයකට පත්වෙන්නට තිබුණු අවස්තාව මින් මගහැරී ගියා. මුදල් අවශ්‍ය බවට කිසිම තර්කයක් නැහැ. නමුත් අපේ "නිදහස" ඊට වඩා ගොඩක් වටිනවා. මම ප්‍රාර්ථනා කරනවා චීනාත් ඇමෙරිකන් කාරයාත්, ඉන්දියන් කාරයාත් මේ රට අතහැරලා යනවා නම්... අඩුම වශයෙන් නිදහසේ හුස්ම ටිකක් ගන්න පුළුවන්... මින් අදහස් කරන්නේ නැහැ විදේශීය ආයෝජන එපා කියලා ... එ්ත් " අතේ දුරින් "..!!! අවුරුදු 100ක් ඉස්සරහට කල්පනා කරලා...!!! අපේ උපදින්න ඉන්න චූටි උන් ගැන සියවරක් කල්පනා කරලා...!!!

:       0       0

Royfedricks Friday, 03 December 2021 03:26 AM

කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇමැතියාට ලැබෙන කොමිස් මුදල ගැන එකඟතාවයකට එළඹෙන්න බැරිවෙන්න ඇති... චීනාගේ ඇති සමාජවාදයක් නැහැ... ඇමැතියාගේ ඇති දේශප්‍රේමයක් නැහැ. මේ දෙගොල්ලෝම ඕනෑම ජරා වැඩක් කරන්න සූදානම්...!!! 

:       0       0

sharm warn Friday, 03 December 2021 10:05 AM

අඩුගාණේ උතුරේ ඉන්න දෙමළ සහෝදර ජනතාවට පුළුවන් වුණා චීනෙට විරුද්ධව නැගිටින්න. සිංහල ජනතාව මේකට ලැජ්ජා විය යුතුයි. දොහොත් මුදුන් දීලා චීනයට වැඳගෙන ඉන්න එකට...

:       1       3

සමිත සේනක අලුත්ගමගේ. Friday, 03 December 2021 10:18 AM

චීනාව මේ රටින් පන්නලා දැමිය යුතුයි...

:       0       2

අසංග Friday, 03 December 2021 10:25 AM

අම්මෝ යන්න... ඔයාලා ඔක්කෝම හකුලාගෙන... විදුලිය නැත්නම් කරුවලේ ඉන්න එක සැපයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 100 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 64 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 91 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 320 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 488 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 169 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site