IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


චීන ආරක්ෂක ඇමැති මේ මස අගදී ශ්‍රී ලංකාවට

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා චීන ආරක්ෂක ඇමැති ජෙනරාල් වී ෆෙන්ගේ මේ මස අගදී මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.

මෙම සංචාරයේදී චීන ආකරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රි ලංකා රජයේ ඉහළම පාර්ශ්ව සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත යැයිද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කීය.

මෙය වත්මන් රජය බලයට පත්වීමෙන් පසු චීන රජයේ ඉහළම නියෝජිතයකු මෙරට සිදු කරන දෙවැනි ඉහළම මට්ටමේ සංචාරය වන අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ චීන රජයේ ඉහළම විදේශ ප්‍රතිපත්ති තීරකයකු වන යැන්ග් ජිචි මෙරට සංචාරය කළේය.

මේ අතර මේ මස මුලදී නායකයන් දෙදෙනා අතර පැවැති සාකච්ඡාවකදී ජනාධිපති ෂී ජින් පිං විසින් කරන ලද ආරාධනයකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බීජිංහි සංචාරයක නිරතවීම සඳහා දින නියම කර ඇතැයිද වාර්තාවේ.



අදහස් (23)

චීන ආරක්ෂක ඇමැති මේ මස අගදී ශ්‍රී ලංකාවට

Tharindu Perera Friday, 16 April 2021 08:22 AM

මදෑ කොන්ද පණ තියෙන විරුවෙක් ගෙනාවා..! දැන් අහක යන නයිත් රෙද්ද අස්සට එනවා.

:       125       74

aseSaturday, 17 April 2021 04:06 AM

මොනවා වෙතත් රතු අත බැලුවාම චීනාගේ යටතේ ඉන්න ගොඩක් අය කැමතියි වගේනේ...

:       0       13

සමිත සේනක අලුත්ගමගේ. Friday, 16 April 2021 08:26 AM

චීනය ලංකරගෙන ලෝකේ සමහර රටවල් අමනාපකර ගත්තා. ජාත්‍යන්තරව පැත්තකට බර නොවී සිටි අපගේ පොදු ක්‍රමය වෙනස් කොට ඇතිකරගත් මේ නව ක්‍රමය නිසා අනාගතයේදී අප හට ගැටළු අැතිවෙන්නට පුළුවන්...

:       107       68

kamal Friday, 16 April 2021 08:57 AM

ඔහොම තමයි... තමන්ගේ වතුපිටි වල වැඩ හොයලා බලන්න හාම්පුතාලා එන එක සිරිතක්නේ..

:       86       73

pradeepa Friday, 16 April 2021 10:32 AM

දේශප්‍රේමීන්ගේ රෙදි ගැලවෙනවා. පෝර්ට් සිටි එක නිසා.. එක රටක්... එක නීතියක්... වෙන්නේ නැහැනේ. චීනයට ඕනෑ ඕනෑ විදිහට නීතිය නවපල්ලා.

:       65       55

siri Friday, 16 April 2021 11:01 AM

විජේදාස නාටකයෙන් මේ අලකලංචිය වහගන්න බැරි පාටයි නේද?

:       36       23

Ananda Friday, 16 April 2021 11:01 AM

එන පොට හොඳ නැහැ..

:       34       36

Rata Perata Friday, 16 April 2021 11:10 AM

කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. ඔක්කොම එකතු වෙලා මේ කාලකණ්ණි ටික පන්නමු. නැතිනම් ලංකවේ නම ‘ලංශුං‘ කියලා වෙනස් කරන්න වෙයි.

:       47       45

සෙනෙවිරත්න Friday, 16 April 2021 11:15 AM

මෙම චාරිකාව වරාය නගර නව නීති සම්මත වීම හා එකට බැඳී ඇති බවට සිතිය හැකිය.

:       37       29

සිරිබිරි Friday, 16 April 2021 11:22 AM

අවුරුදු 05 ඉවර වෙනකොට ලංකාවක් ඉතුරු වෙයිද?

:       60       33

සෙනෙවිරත්න Friday, 16 April 2021 01:33 PM

එතකොට මහින්ද ඇඳ උඩ හෝ වලපල්ලේ.., ගෝඨා, බැසිල් පරාජයෙන් පසුදා පවුල් සමග ඇමරිකාවේ, රටේ මුදල් අඩක් රාජපක්ෂවරු අතේ... ඔබට ජාතික කොඩිය වනමින් සිංහලෙන් පමණක් ජාතික ගීය ගයමින් යදින්නන් ලෙස සිටිය හැකිය.

:       102       50

සෙනෙවිරත්න Friday, 16 April 2021 01:28 PM

මෙයට ලංකාවේ ආගමන නීතිය වලංගු නොවන බවත් වෙනත් නීතියක් බවත් කියැවේ. පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ බලවේග ඇඳන් යටදැයි වහාම සොයා බලන්න. සහරාන් ප්‍රභාකරන්ලගේ කාලයට වඩා ජාතික ආරක්ෂාව අනතුරේ නොවේද?

:       72       31

සෙනෙවිරත්න Friday, 16 April 2021 01:37 PM

ගෝඨාභය එහෙම කළොත් අපි තමයි ඉස්සෙල්ලාම පාරට බහින්නේ කියලා කියපු කෙනෙක් හොයලා දෙන්න...

:       76       36

ravin Friday, 16 April 2021 02:10 PM

ඔක්කෝටම කලින් ලංකාවේ ඉන්න චීන්නුන්ට ගසා පැන්නිය යුතුයි. කොළඹ අවට තිබෙන චීන භාෂාවෙන් ලියපු බෝඩ් කඩා දැමිය යුතුයි.

:       60       33

siriFriday, 16 April 2021 03:53 PM

ඒවගේ වැඩවලට කියාපු කෙනා "හිට්ලර්"ම තමයි.

:       0       9

චීන ජාතිකයාFriday, 16 April 2021 06:25 PM

එහෙම බෑ අපිට මේ රටේ සින්නක්කර ඉඩම් තියනවා. අපි මේ රටට ණය දීලා තියනවා. මේක අපිටත් අයිතියි.

:       1       17

Dannajaya Friday, 16 April 2021 06:37 PM

ඇයි අපි පාරට බහින්නේ නැත්තේ? අපි පෙන්නමු දැන්වත් මේ අයට...

:       2       13

Lanka Saturday, 17 April 2021 06:04 AM

චී ණය ලංකාව ජාත්‍යන්තර දුගියෙක්, හිඟන යාචකයෙක් බවට පත් කරලා ඉවරයි!

:       2       13

rathgama Saturday, 17 April 2021 09:09 AM

බණ්ඩාරනායක අනුස්මරණ ශාලාව, අපිට චීනයෙන් ලැබුණු ත්‍යාගයක්.. ඒ කාලයේ චීනය හරි දුප්පත්... හුඟක් ප්‍රශ්නවලින් පීඩිතවෙලා ඉන්දැද්දී තමයි... එයාලා මේ ත්‍යාගය අපිට පිරිනැමුවේ.. මමත් අද ආනයන, අපනයන කෝටිපතියෙක් වෙලා ඉන්නෙත් චීනය නිසා බව සතුටින් සඳහන් කරමි.

:       5       2

විපරමා Saturday, 17 April 2021 10:19 AM

චීනා ඒ රටේ පාලනේ කෙරුවාවල් ගැන උපදෙස් දෙන්නත් බැරිකමක් නැහැ.

:       1       5

ravinSaturday, 17 April 2021 12:12 PM

ඇයි...ගෝඨාව චීනේ මාස 3 ක් තියාගෙන චීනා ටියුෂන් දීලා තමයි මෙහෙට ඡන්දෙට එව්වේ...

:       1       4

Momo Saturday, 17 April 2021 11:29 AM

මේක අපේ රටේ මනුස්සයින්ගේ හැටි. එයාලා කැමැති කොහොහරි රටකට ගිහින් බැලමෙහෙවරකම් කරලා ජීවත් වෙන්නයි. එයාලාට ආර්ථික සංවර්ධනයක් ගැන දැනීමක් නැත. තාමත් ගල්යුගයේ විදිහට තමයි ජීවත් වෙන්නේ.

:       0       3

chaminda Saturday, 17 April 2021 12:11 PM

හොර චීනා... මේ චීනා එන දවසට අපේ රටේ හැම තැනම කළු කොඩි දැමිය යුතුයි..

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 54 0

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1300 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 449 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 254 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 224 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 394 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site