(විමුක්ති එස් රුද්‍රිගු)
ව්‍යාජ භික්ෂු හැදුනුම්පතක් සමග අයිස් සහ හෙරොයින් පානයට ඇබ්බැහි වූ සිවුරක් දරාගත් සැකකරුවකු සහ ඔහුට මත් ද්‍රව්‍ය මිල දී ගෙනවිත් දුන් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව එඬේරමුල්ල පොලිසිය පවසයි.
එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස 39 හැවිරිදි සැකකරු 2015 දී තමන් එඬේරමුල්ලේ සෝමාලෝක නමින් පැවැදි වී ඇතැයි පවසා ඇති අතර ඔහුට මත්ද්‍රව්‍ය මිල දී ගෙනවිත් දුන් සගයාද වයස 52 ක එඩේරමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
මෙම සැකකරු මාස 7 ක පමණ කාලයක සිට පිණ්ඩ පාතයේ ගොස් ලැබෙන භාණ්ඩ විකුණා මත්ද්‍රව්‍ය සදහා මුදල් එකතු කර ඇති අතර එම මුදල්වලින් මිලදී ගන්නා මත්ද්‍රව්‍ය පානය කර තම බිරිඳට සහ දරු දෙදෙනාට හිරිහැර කරන බවට තොරුතුරු ලැබී ඇති අතර සහ මොහුගේ සගයාද මොහු සමග මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වූ අයෙක් බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව එඩේරමුල්ල පොලිසිය කියයි.
කැලණිය කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් පරිදි එඩේරමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ,අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුදේශ් අසංක ,පොලිස් සැරයන් 49579 ශාන්ත ,පොලිස් කොස්තාපල් 66584ජගත් ,82109 සංජීව ,78652 ප්‍රසාද් යන මහත්වරු සැකකරු අත්අඩංගුවට ගත්හ.
නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ජේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
චීවරය කෙළෙසූ කුඩ්ඩා මාට්ටු
පිටිගල මිලානෝ Friday, 03 December 2021 11:05 PM
ඩෝන්... ගාලා විශාල ශබ්දයක් අැහුණා කීමෙන් චීවරය කෙලෙසෙන්නේ නැද්ද? චීවර කෙලෙසෙන්නේ කුඩ්ඩෙක් ඇන්දොත් විතරද..?
කපිල අප්පු Saturday, 04 December 2021 05:58 AM
දැන් සමහරක් එවුන් ඉස්සෙල්ලා ගෙයක් හදාගන්නවා. නැත්නම් අම්මා අප්පා ගෙයක් හදලා දෙනවා. නැත්නම් ගෙයක් කුලියට ගන්නවා. කඩවලින් විශේෂයෙන් අන්‍යාගමික පුද්ගලයින් පන්සල්වලින් අරගෙන විකුණන සිවුරු ගන්නවා. ඇඳගෙන හාමුදුරුවන් වගේ ඉන්නවා.. ගුරු හාමුදුරු කෙනෙක් නැහැ.. මොනවා කරනවද කවුරුත් දන්නේ නැහැ.. ඇත්තටම ගම්මට්ටමින් ග්‍රාම නිලධාරින් ලවා සංගණනයක් සිදුකර මෙහෙම සිටින සියලු දෙනාම සිරකළ යුතුයි... නායක හාමුදුරුවෝ දේශපාලනය කරනවා..
යෝගා Saturday, 04 December 2021 06:10 AM
මේ කුඩ්ඩා විතරක් නෙවෙයි, චීවරය දරාගෙන දේශපාලනය කරන අයත් උතුම් චීවරය කෙලෙසනවා...
Jayasiri Hinniapuhamy. Rathnagiriya Saturday, 04 December 2021 08:53 AM
චීවරය කෙළෙසන මෙවැන්නවුන් ලංකාව පුරාම ඉන්නවා. මෙවැනි අය ජනපති, අගමැති සමග ඡායාරූප වලට පෙනී සිටිමින්, එම ඡායාරූප පොලිසිවලට පෙන්වමින් නීතියෙන් ගැලවී යයි.
මුනිදාස Saturday, 04 December 2021 12:20 PM
සිවුරට ගරු කරන්න ඕනෑ. නිදහස් කරන්න.