IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඡන්දෙට යන වියදම් පාලනයට නීති

 

(ඩයනා උදයංගනී)

මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන සැලසීමේ නීති සම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව, කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (30) පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දීය.

ශ්‍රී ලංකාවේ සමානුපාතික මැතිවරණය ක්‍රියාත්මක වූ 1977 ට පෙර මැතිවරණ වියදම් නියාමනය කර ගැනීමට අවශ්‍ය නීති රීති තිබුණ ද, සමානුපාතික මැතිවරණ ක්‍රමයත් සමඟ එකී නීතිරීති මැතිවරණ පොතට ඇතුළත් වී නොමැති බව අමාත්‍යවරයා කීවේය.

සිවිල් සංවිධාන, හිටපු මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු බොහෝ දේශපාලන පක්ෂ මේ සම්බන්ධව විශාල හඬක් නැඟීම සිදු කළ බවත්, 2017 වසරේ එවකට පැවති කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබූ මෙම නීති සම්බන්ධ ඉදිරි පියවරක් ලෙස මෙම කැබිනට් පත්‍ර ඉදිරිපත් කළ බව ද අලහප්පෙරුම මහතා කියා සිටියේය.

 මේ වන විට ඉන්දියාව, ඇතුළු බොහෝ රටවල් මැතිවරණ වියදම් පාලනය කිරීමේ නීති රීති ද පනවා ඇතැයි කී ඇමතිවරයා මැතිවරණ වියදම් පාලනය සඳහා නීති සම්පාදනය කිරීමෙන් සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා මෙන්ම අසීමිතව වියදම් කිරීම වැළක්වීමට පිටුවහලක් ලැබෙනු ඇතයිද පැවසීය.



අදහස් (3)

ඡන්දෙට යන වියදම් පාලනයට නීති

sharm warn Tuesday, 30 November 2021 04:59 PM

aa.. ayi mokada desi achchige malla dan his welada? paga dila chande ganna salli nadda?

:       0       0

සුද්දා Tuesday, 30 November 2021 05:50 PM

ඉතාමත් හොඳ දෙයක්. දැන් තියන මැතිවරණ දූෂණ වලින් 25%ක් වත් සිදුවන්නේ ඔය මගඩි නිසා. ගොඩක් අය සල්ලි අරන් ඡන්දයට වියදම් කරන්න දුන්නා කියනවා. බැඳුම්කර සිද්ධියට අදාළව ඇලෝසියස්ගෙන් මිලියන ගණන් ගත්තු ඔක්කොම කිව්වේ ඡන්දෙ කරන්න සල්ලි ටිකක් දුන්නු නිසා ගත්තා කියලා. ඩඩ්ලි සිරිසේන දෙතුන් පැත්තටම දෙන බවක් අහලා තියෙනවා. ඕවා නිසා තමයි හොර ගුහා තවත් හැදෙන්නේ... පොඩි මිනිහාට මහණ මැෂින් එහෙම දුන්නෙත් ඔය සල්ලි වලින් තමයි. නමුත් ඒ නිසාම හොරඡන්ද දාන අයත් බිහිවුණා. ඒ නිසා ඔය ඡන්ද වියදම් අඩු කිරීමත් කරලා පඳුරක් ගානේ ඉන්න පිස්සන් ඡන්දය ඉල්ලීමත් අඩු කරවන්න. ඒකත් අන්තිමට බොරු බරක්...

:       0       5

පැරකුම්Tuesday, 30 November 2021 10:41 PM

ඔය හැම එකකටම වඩා වැදගත් වන්නේ ආපසු කොට්ඨාශ ක්‍රමයට යාමයි. එවිට කිසිදු නීතියක් නැතිව වියදම් පාලනය ඉබේටම වෙනව. ඒත් අද කවුරුත් ඒකට යන්න කැමති නෑ. අන්තිමට අපට අපේ කියල මන්ත්‍රී කෙනෙක් නැති වෙනව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 105 0

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 74 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 102 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 417 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 148 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 467 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site