IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ජංගම වෙළන්දන්ගේ යතුරුපැදි පැහැරගත් අයෙක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

නීරෝධායන ඇඳිරි නීති සමයේ යතුරුපැදි භාවිතා කරමින් ජංගම වෙළඳාමේ නිරත වෙළෙදුන්ගේ යතුරුපැදි පැහැර ගැනීමේ නිරත කණ්ඩායමක ප්‍රධාන සැකකරු රාගම බටුවත්ත ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් නිරෝධායන ඇඳිරි නීති සමයේ ජංගම වෙළඳාමේ නිරත වීම සම්බන්ධයෙන් වෙළෙඳුන්ගෙන් ප්‍රශ්න කර, ඔවුන්ගේ යතුරුපැදිවල නීතියානුකූල සියලු ලියකියවිලි සැකකරුවන් භාරයට ගෙන පසුව යතුරුපැදිය ද පැහැරගෙන පළා යන බවට පොලීසියට පැමිණිලි ලැබී ඇත.

සිද්ධියේ ප්‍රධාන සැකකරු ඉකුත් 27 වැනි දින කඩවත පොලිස් වසමේ දී තැඹිලි වෙළඳාමේ නිරත ජංගම වෙළෙන්දෙක් ගේ යතුරු පැදිය සහ එහි ලියකියවිලි රැගෙන පලාගොස් තිබූ බවත් මේ සම්බන්ධයෙන් කඩවත පොලිසියට ද පැමිණිලි ලැබී තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

එම තොරතුරු අනුව පරීක්ෂණ පවත්වා සිද්ධියේ ප්‍රධාන සැකකරු විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන්ට විසින් ඊයේ (29) රාගම බටුවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරු විසින් කඩවත ජංගම තැඹිලි වෙළෙන්දා ගෙන් පැහැරගත් යතුරු පැදිය හා එහි ලියකියවිලි , ආදායම් බලපත්‍ර,රක්ෂණ බලපත්‍ර ඇතුලු සියලු ලේඛන ද සැකකරු බාරයේ තිබී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින් මේ ආකාරයෙන් පැහැර ගන්නා ලද යතුරු පැදි විකුණා ඇති බවත් ඉහත යතුරු පැදියද ඔවුන් විකීණීමට සූදානමින් සිට ඇති බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම කල්ලිය මේ ආකාරයෙන්ම යතුරුපැදි රැසක් කොල්ලකා ඇති බවට විශේෂ කාර්ය බලකායට තොරතුරු ලැබී ඇත.

 



අදහස් (0)

ජංගම වෙළන්දන්ගේ යතුරුපැදි පැහැරගත් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 390 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1382 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 434 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 533 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 506 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 388 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 221 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 514 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 248 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site