IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ජූඩ් ශ්‍රාමන්ත ජයමහට එරෙහිව විදෙස් ගමන් තහනම දිගු කරයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)     

ජනාධිපති සමාව ලැබ නිදහස්ව සිටින රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරු වූ ජූඩ් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ නැමැත්තා විදේශ ගතවීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන ජුනි 11 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කළේය.
 
ජනාධිපති සමාව ලැබ නිදහස්ව සිටින රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරු වූ ජූඩ් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ නැමැත්තා විදේශ ගතව සිට නැවතත්  ලංකාවට පැමිණ ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවට පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන් කළ කරුණු දැක්වීම් සැළකිල්ලට ගනිමින් මෙම අතුරු නියෝගය තවදුරටත් නිකුත් කිරීමට අධිකරණය නියම කළේය.
 
නඩුවේ විත්තිකරුට අධිකරණයෙන් නියම කර තිබූ මරණ දඬුවම අහෝසි කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය මඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් එම විත්තිකරු යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම  සළකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දු  ලබා දෙන ලදී.
 
මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ , එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ පෙත්සම කැඳවිණි.
 
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ජනාධිපති සමාව ලැබූ විගස ජූඩ් ශ්‍රාමන්ත ජයමහ නැමැත්තා විදේශගත වූ බවත් ඔහු මේ වන විට යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන හෙයින් ඔහුට රටින් පිට වීම වළක්වාලමින් නඩු විභාගය ආරම්භයේ දී නිකුත් කළ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ ලෙස ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළේය.
මෙම පෙත්සම අද (19) සළකා බැලීම සඳහා නියමිතව තිබුණත් එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අද දින පෙනී නොසිටි බැවින් කරුණු සළකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කණිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ජුනි මස 10 වන දා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.



අදහස් (8)

ජූඩ් ශ්‍රාමන්ත ජයමහට එරෙහිව විදෙස් ගමන් තහනම දිගු කරයි

fairoos Tuesday, 19 January 2021 09:30 AM

අයියෝ සිරිසේන ... මෙයා තමයි ලංකාවේ හිටපු අදක්ෂම පුද්ගලයා.

:       4       14

Lapaya Tuesday, 19 January 2021 12:06 PM

කතාවට කියන්නේ හිටන් සහ අලුත දිවුරුම් දීපු කෙනා මෙයාව නිදහස් කරන්න කෝටි ගාණක් බෙදාගත්තා කියලා...

:       3       12

විජිත් Tuesday, 19 January 2021 12:41 PM

ඔබ හරි, හිටන් නොහොත් ඊයේ පෙරේදා දිව්රුම් දුන් කෙනා රුපියල් ලක්ෂ 900ක් සහ කොළඹින් ගෙයක් ලබාගෙන මෙයාව නිදහස් කළා.

:       2       16

prabha Tuesday, 19 January 2021 07:05 PM

දැන් ගත්ත සල්ලි ආපහු ඉල්ලලා නඩු දාවිද?

:       0       0

Hafeel Tuesday, 19 January 2021 04:47 PM

තමන්ගේ ධුර කාලය තුළ කවුරු හෝ එල්ලුම් ගහට යවන බව කියපු මේ සිරිසේන අවසානයේ කරපු වැඩේ...

:       0       0

සරත් පර්ත් Wednesday, 20 January 2021 12:25 AM

අයියෝ සේන ඕවා කැත වැඩ...

:       0       0

Hafeel Wednesday, 20 January 2021 04:27 AM

තමාගේ ධුර කාලය තුළ එකක් හෝ එල්ලුම් ගහට යවනවා කියලා පම්බෝරි ගහපු සිරිසේන අවසානයේ කරපු වැඩ...

:       0       1

sharm warn Wednesday, 20 January 2021 06:14 AM

මොනවටද නඩු දාගෙන විදේශගත වෙන එක තහනම් කරන්න හදන්නේ. ඔය අගේට ගියේ ලංකාවෙන්. ආයෙ එයි කියලා හිතනවද? බයිලා තමයි. මේ වැරැද්දට සමාව දුන්නා. රංජන්ව හිරේදාලා ප්‍රජා අයිතියත් නැති කළා. ඔන්න මේ රටේ නීතිය. ඉතින් රන්ජන් කිව්වේ බොරුද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 635 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 525 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 133 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1774 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site