(නාලක සංජීව දහනායක)
සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කිරීමට රජය තීරණය කර නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (14) පැවැසීය.
යම් මතයක් දරණ දේශපාලනඥයන් ජාතික ගීය සිංහල භාෂාවෙන් ගායනා කිරීම විවිධ මත ප‍්‍රකාශ කළද එය ආණ්ඩුවේ තීරණයක් ලෙස සැලකිය නොහැකි බවද ඔහු කීය.
ද්‍රවිඩ මාධ්‍ය ප‍්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේදී අද (14) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා සදහන් සිටියේ ද්‍රවිඩ උත්සවයකදී එම භාෂාවෙන් ජාතික ගීතය ගායනා කිරීමට තහනම් කර නැති බවය.
එක රටක තිබිය හැක්කේ එක ජාතික ගීතයක් පමණක් යැයි කී අගමැතිවරයා භාෂා රාශියක් කතාකරන ඉන්දියාවේත ජාතික ගීතය ගායනා කරන්නේ එක් භාෂාවකින් පමණක් යැයිද අගමැතිවරයා කීය.
මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කතා කිරීමෙන්ම ජාතීන් අතර භේදය වැඩිවන බව පැවැසූ අගමැතිවරයා ජාතික ගීතය සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් මතුව තිබෙන බවට තමන් දකින්නේද පත්තරවලින් යැයිද පැවැසීය.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට තීරණයක් ගෙන නැහැ
62laksshe Tuesday, 14 January 2020 12:23 PM
69 ලක්ෂයටම කොකා පෙන්නනවා නේද ලොක්කෝ?
Hafeel Tuesday, 14 January 2020 12:33 PM
අපි දැන් බලමු මෙදා පාර හරි සුමන්තිරන් දෙමළ භාෂාවෙන් ගායනා කරනවද කියලා...
prakaash Tuesday, 14 January 2020 12:45 PM
ජාතික ගීය ගායනා කල යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් බව මගේ මතයයි.
Asanga Tuesday, 14 January 2020 12:47 PM
රටකට තිබිය යුත්තේ එක ජාතික ගීයක්.
Nuwan Tuesday, 14 January 2020 12:49 PM
දෙමළ අයගේ නිජබිම වන දකුණු ඉන්දියාවේත් ජාතික ගීය හින්දියෙන් කියද්දී මෙහෙ විතරක් මොකද දෙමළක් අල්ලාගෙන දගලන්නේ?? නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් මෝල් ගස් වෙනකන් බලන් ඉන්නද හදන්නේ? නැත්නම් කොන්ද පණ නැද්ද කියන්න?
akalanka Tuesday, 14 January 2020 12:52 PM
ජයලලිතා මිය ගිය දවසේ පාරදිගේ මළගෙවල් තියපු මිනිස්සුන්ටද ජාතික ගීය දෙමලෙන් කියවන්න ඕනේ... ඔහෙලගේ වැඩනිසා සිංහල මතුපරපුර රටක් නැති ජාතියක් කරන්නද හදන්නේ?
surath Tuesday, 14 January 2020 12:59 PM
එක රටකට එක ජාතික ගීයයි ඉන්දියාව දෙස බලන්න බයිලා සමය නැවත ඇරඹි ඇති සෙයකි.
සේන Tuesday, 14 January 2020 02:16 PM
රටම යුද්ධයෙන් නිදහස් කිරීමේ ගෞරවය මෙතුමාට සදාකල් හිමියි. නමුත් දේශපාලනමය සුළු වාසි බලාගෙන චොර වෙන්න හදනවා නම් එහි ප්‍රතිඵලය නරක විය හැකියි.
SARATH SILVA Tuesday, 14 January 2020 03:08 PM
මෙයා මෛත්‍රීපාල වෙන්න හදනවා. ඔක්කොම දකින්නේ පත්තරෙන්. 69 ලක්ෂයට දෙවියන්ගේම පිහිටයි.
Champa Tuesday, 14 January 2020 03:10 PM
අගමැතිතුමා, ඔබට ඡන්දය දීපු මිනිස්සු ජාතික ගීය එක භාෂාවකින් ගායන කළ යුතුයි කියන මිනිස්සු. වහල් ආණ්ඩුව ජාතික ගීය දෙමලෙන් ගායනා කලේ කොටි ඩියස්පෝරාවට සහ ටීඑන්ඒ එකට දීපු ඡන්ද පොරොන්දුවක් විදිහට. ඊට පස්සේ විජයකලා ජාතික කොඩිය ඔසවන එක ප්‍රතික්ෂේප කරන්න තරම් එහාට ගියා. එදා රටේ මොනතරම් ඊට විරෝධයක් ආවාද කිව්වොත් වහල් ආණ්ඩුවත් අඩියක් ආපස්සට ගත්තා. එදා ඔබත් ඒකාබද්ධ විපක්ෂයක් ඊට විරුද්ධ වුණා. ජනතාව ඉල්ලුවේ වහල් ආණ්ඩුවට විකල්පයක් මිසක් "ආදේශකයක්" නෙමෙයි කියන එක අමතක කරන්න එපා. ඔබ ලවාම ඔබට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් වෙනවා වගේ පේනවා. එකක් මද්‍රසා පාසල් මුස්ලිම් ආගමික අමාත්‍යාශයේ ලියාපදිංචි කිරීම. දෙවෙනි එක මේක වෙන්න පුළුවන්. පහුගිය කාලේ ලොකු දේශප්‍රේමීන් වගේ පෙනී හිටපු ගිහි පැවිදි දෙපිරිසවම අද රට පාවා දෙන ගිවිසුම් සහ විදේශිකයන්ට රටේ ඉඩම් විකිණීම වැනි දේශද්‍රෝහී ක්‍රියා සාධාරණීය කරන අතකොළු විදිහට පාවිච්චි කරගෙන යනවා කියලා පේනවා. ඔබත් ඒකට අහුවෙන්න එපා අගමැතිතුමා. ඔබ ඒකාධිපතියෙක්වත්, ද්විත්ව රංගනයක් කරන්නෙක් වත් නෙමෙයි. එදා මෙදාතුර ලංකා ඉතිහාසයේ හිටපු ජනතාව කොන්දේසි විරහිතව ආදරය කරපු එකම ජනනායකයා ඔබයි.
lankasri Tuesday, 14 January 2020 07:36 PM
මෙයාටත් අරයගේම ලෙඩේ බෝවෙලා වගේ පත්තරෙන් දැක්කයි කියන්නේ..
Bamunuarachchi Tuesday, 14 January 2020 09:55 PM
දෙමළ උත්සවවලදී ජාතික ගීය කීවත් එකයි, අපට නැතත් එකයි... නමුත් රාජ්‍ය උත්සවවලදී ජාතිකගීය සිංහලෙන් පමණක් විය යුතුයි.
ChampaThursday, 16 January 2020 01:06 PM
එහෙම කොහොමද ජාතිය අනුව නීති දෙකක්... ඇයි මහ ලොකුවට එකරටක්, එක නීතියක් කියලා නේද ඡන්ද ගත්තේ..?
BamunuarachchiThursday, 16 January 2020 01:48 PM
දෙමල්ලු ඔවුන්ගේ මගුල් ගෙවල්වල කරන ඒවා රජයට සම්බන්ධ නැහැ එ් තැන්වල කුණුහරප කීවත් අපිට කමක් නැත. මම මෙහෙම කියන්නම්... තමන්ගේ වත්තේ නැතිනම් ඉංග්‍රීසියෙන් කියන "ඩ්‍රයිව් වේ" තුළ බීලා වාහන පැදෙව්වත් එකයි, හෙල්මට නැතුව ගියත් එකයි අපිට කමක් නැත. නමුත් පාරට එනකොට බීලා ඉන්න බැහැ හෙල්මට් නැතුව බැහැ. තේරුණාද චම්පා.
prasad Tuesday, 14 January 2020 11:57 PM
මිනිසුන් ඔබතුමන්ලා කෙරෙහි තැබූ විශ්වාසය කඩකරන්න එපා. ඉන්දියාවට වගේම අපිටත් එකක් ඇති. දෙමළෙන් ගීය කිව්වට ඒ ගොල්ලන් ආදරේ ඊළමට මිසක් ලංකාවට නෙමෙයි. ඡන්ද බලාගෙන වැඩ කරන්න එපා. ඉන්දියා, යූකේ, ජර්මනිය, ස්විස් වගේ රටවලදී දෙමළ කට්ටියට දෙමලෙන් ගීයක් තියෙනවද?
ලසන්ත Wednesday, 15 January 2020 02:38 AM
සත්‍ය ලෙසම ජනතාව විසින් කළයුත්තේ කෙසේ හෝ මේ පත්තර ටික වසා දැමීමයි.
hatanamalakshe Wednesday, 15 January 2020 03:25 AM
මුළු පවුලටම තනතුරු බෙදාගෙන ලේලිලගේ අප්පලා, අම්මලා අපිට කොකා පෙන්නනවා නේද? ලොක්කා ඡන්දෙ එනවා ළඟ අපි බලාගන්නම්...