IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ජාතික පාරිසරික පනත සංශෝධනය කරන්න

ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය  කිරීමට කටයුතු කරන ලෙස කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්‍ය චරිත හේරත් මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දී තිබේ.  මෙම පනතේ සංශෝධන පිළිබඳව දීර්ඝව සාකච්ජා කළද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බවත් චරිත හේරත් මහතා වැඩිදුරත් දැනුම් දී තිබේ. 


ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසුභාවිත කළමනාකරණයට අදාළ පරිසර විගණන වාර්තාව සම්බ්න්ධයෙන් පැවැති කෝප් කාරක සභා රැස්වීමට  මහින්ද අමරවීර, ආචාර්ය සරත් වීරසේකර යන අමාත්‍යවරුන්ද, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, නාලක ගොඩහේවා, ජයන්ත සමරවීර යන මහත්වරුන් සහ   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, ජගත් පුෂ්පකුමාර,  ඉරාන් වික්‍රමරත්න, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම් යන මහත්වරුද සභභාගී වූහ. 

2012 වසරේ සිට 2018 වසර දක්වා මෙරටට ආනයනය කරන ලද මුළු ප්ලාස්ටික් ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 3353.8 කි. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 184,300.9 ක් වියදම් කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු වී තිබිණ. 

ආනයනික දත්ත විශ්ලේෂණයේදී 2012 වසරේ සිට 2017 වසර දක්වා ආනයනික ප්‍රමාණය සීඝ්‍ර ලෙස වර්ධනය වී තිබෙන බවත්, 2017 වසරේදී  පෙර වර්ෂයන්ට සාපේක්ෂව ඉහළ ආනයන ප්‍රමාණයක් පවතින අතරම ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වර්තමාන ආනයන ප්‍රමාණයන් රටට නොදැරිය හැකි මට්ටමක පවතී. 

දැනට වෙළඳ පොලෙහි පවතින ජෛව හායනයට ලක්වන ආහාර දවටන සඳහා ප්‍රමිතියක් සකසා නොමැති අතර, විකුණුම් මිලක් ද පනවා නොමැත. එහෙයින් ජෛව හායනයට ලක්වන ආහාර දවටන සඳහා ප්‍රමිතියක් හා පාලන මිලක් නියම කිරීම අත්‍යාවශ්‍ය බවද කෝප් කාරක සභාව අවධාරණය කර තිබේ. 

මේ අතර පොලිතීන් නිශ්පාදන අමුද්‍රව්‍ය ආනයනය අධෛර්‍ය කිරීම, පරිසර හිතකාමි ආදේශන නිශ්පාදනයන් පාරිභෝගිකයන්ට ලබා දීම හා ප්‍රචලිත කිරීමට කටයුතු කරන ලෙස කෝප් කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දී තිබේ.

වැටලීම් සඳහා සිදු කරන නීතිමය කාර්‍යභාරයන් කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සැකසීමට පියවර ගන්නා ලෙසද කාරක සභාවේ සභාපතිවරයා එම අධිකාරියට පැවසීය.



අදහස් (1)

ජාතික පාරිසරික පනත සංශෝධනය කරන්න

Raveendra Thursday, 11 March 2021 11:10 AM

ඇත්තෙන්ම පරිසරය සුරැකීමට පනත් මගින් ක්‍රියාකිරීම යනු අප මොනතරම් පහත් පුරවැසියන් සමූහයක්ද යන්න කිව යුතුමයි. පරිසරය රැකීම, පරිසරයට හානිවන අපද්‍රව්‍ය මුදා හැරීම වැළැක්වීමට නීති මගින් කටයුතු කිරීමට තරමටම අප සියල්ලන්ම මෝඩයින් වීම කණගාටුවකි. ඈත අතීතයේ අපේ මුතුන්මිත්තන් පරිසරය රැක්කේ නීති සම්මත කර ගෙනද? නොගෙනද? යන්න අප කව්රුත් දන්නා කරුණකි. ඔවුන් විසින් පරිසර අනාගත පරපුර වෙනුවෙන් එනම් අප වෙනුවෙන් හොඳින් රැගත් නිසා අද අපි එකිනෙකාට දොස් පවරමින් කා මරා ගනිමින් බඩගෝස්තරය රැකගැනුම වෙනුවෙන්ම පරිසරය අමු අමුවේ විනාශ කරන්නේ අපගේ අනාගත පරපුරට පරිසරය කිසිසේත්ම අවශ්‍ය නොවෙන බව තීරණය කරගෙන දැයි යන මෝඩ සිතුවිල්ලෙන් බව ස්ථිරයි. පරිසරයට ආදරය කරන මිනිසුන්ව පරිසරය විසින්ම ආරක්ෂා කරන බව අප සැවොම දන්නා කරුණකි. පරිසරයට ආදරය කරන මිනිසුන් බිහි වෙන්නේද ඒ ඒ අය උපන් වටපිටාව මෙන්ම ඉගෙනගත් පාසලෙන් බවත් කිව යුතුය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 25 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 31 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 62 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 227 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 387 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 140 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 766 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site