(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් සොරා ගැනීමේ ජාවාරමක නිරත වූ බව කියන එම රෝහලේ හෘද රෝග අංශයේ,දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්යය සහායකයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි.
වාට්ටු අංක 43 ගබඩා කර තිබූ ඔක්සිජන් සිලින්ඩර් දෙකක් සොරාගෙන ගොස් ඇති බවට එම වාට්ටුවේ සේවය කරනු ලබන සෞඛ්‍ය කාර්ය සහායකයකු කරන ලද පැමිණිල්ලක් අනුව ක්ෂණිකව සිදුකළ විමර්ශනයේදී එම සිලින්ඩර් දෙක සමඟ සැකකරු රෝහල් පරිශ්‍රයේදී ම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව එම සොරකමට සම්බන්ධ වූ තවත් සෞඛ්‍ය කාර්යය සහායකයකු ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කරයි.
හදිසි බාහිර රෝගී අංශයේ හෙද නිලධාරිනියක් ද පැමිණිල්ලක් කරමින් එම අංශයේ තිබූ ඔක්සිජන් සිලින්ඩරයක් ද සොරකම් කර ඇති බවට තවත් පැමිණිල්ලක්ද කර ඇතැයි පොලිස් නිලධාරියා පැවැසීය
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජාතික රෝහලේ ඔක්සිජන් හොරු රෝහලේදීම අල්ලයි
ganegoda Monday, 24 May 2021 10:17 AM
රෝහලේ ඉන්න අය රෝහලේ ඔක්සිජන් හොරකම් කරනවා. පාර්ලිමේන්තුවේ ඉන්න අය මුලු රටම හොරකම් කරනවා. ඕකෙ ඉතින් ලොකු වෙනසක් නැහැනේ...
වාසුදේව බණ්ඩාර Monday, 24 May 2021 11:22 AM
ඇයි ඖෂධ ගබඩාවේ නැතිවෙන බෙහෙත්වලට මොකද වෙන්නේ..? ලෙඩ්ඩුන්ට දෙන කිරිපිටි පළතුරු ගෙනියන්නේ කවුද..? ඒ්වාට කවුරුත් පැමිණිළි කරන්නේ නැද්ද..? ඔය හැම එකෙක්ගේම ගෙවල්වල නැත්නම් ඔවුන්ගේ ඥාතීන්ගේ ගෙවල්වල ප්‍රථමාධාර පෙට්ටියක් තියෙනවා. සෞඛ්‍ය සේවකයෙක් ලෙඩෙක්ට කොට්ටයක් දෙන්න රුපියල් 100ක් ගන්නවා. මෝචරියේ මළ කඳකට කෝවිඩ් නැහැ කියලා මරණේ එළියට දා ගන්න අය රුපියල් 5000ක් ඉල්ලනවා.
gaama Monday, 24 May 2021 02:41 PM
හුස්ම ගන්න අපහසු අයට ෙදන්න තියන හුස්ම ටිකත් හොරකම් කරන අයට දෙන්න ඕනෑ දඬුවම මොකක්ද?