(ඩයනා උදයංගනී)
පෘතුගාලයේ පැවති 32 වන ජාත්‍යන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියෙන් ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් හිමිවිය.
එම පදක්කම දිනාගනු ලැබුවේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සුමදු සේනාධීර ශිෂ්‍යාව විසිනි.
32 වන ජාත්‍යන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලිය කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් 2021 ජූලි 18 සිට 23 දක්වා කාලයේදී පෘතුගාලයේ සිට මාර්ගගත විභාගයක් ලෙස පැවැති අතර එයට රටවල් 70ක සිසුහු සහභාගී වූහ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ තරඟකරුවන් සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික විභාග ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී 2021 ජූලි 19 සහ 21 දිනවල පැවැත්විණි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර මෙම තරඟය සඳහා කෑගල්ල, ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ සුමදු සේනාධීර, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ මෙත්මා විජේසිංහ, කොළඹ ආනන්ද විද්‍යාලයේ පමෝද පෙරේරා, (මහනුවර) පුෂ්පාදාන බාලිකා විද්‍යාලය රුචිනි නිවර්තනා යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සුදුසුකම් ලැබ තිබිණි.
පසුගිය වසරේ සැප්තැම්බරයේ උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටි සිසු සිසුවියන් අතර පැවැත්වූ විභාගයකින් මෙම සිවුදෙනා තෝරාගත් බව ශ්‍රී ලංකාවේ ජීව විද්‍යා ආයතනය පවසයි.
මෙම තරඟයේ ජූරි සභිකයින් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර, මහාචාර්ය නිශංක ද සිල්වා සහ මහාචාර්ය එම්. ජේ. එස්. විජයරත්න යන මහත්වරු කටයුතු කළහ. තරඟය සඳහා සිසුන් පුහුණු කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ සහ කැලණියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු මෙම තරගය සඳහා සිසුන් පුහුණු කළහ.
රටවල් 70 ක සිසුහු මෙම තරඟයට සහභාගී වූහ.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ජාත්‍යන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
Ruhunu Friday, 30 July 2021 02:45 PM
අපි ඔබට සුබ පතනවා. තව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා.
Raveendra Friday, 30 July 2021 04:12 PM
දුවේ ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්...!!!
විජිත් Friday, 30 July 2021 04:30 PM
හරිම සතුටුයි. මගෙනුත් උණුසුම් සුබ පැතුම්...!!!
Karl Friday, 30 July 2021 07:02 PM
සුභාශිංශන...!