IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ජාත්‍යන්තර පාසල් සිසුන්ට උ.පෙළට පෞද්ගලිකව අයදුම්කරන්නැයි ඉල්ලයි

(රංජන් කස්තුරි)

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේදී ජාත්‍යන්තර පාසල් වල සිසුන්ට සිය අයදුම්පත් පෞද්ගලිකව වෙන වෙනම ඉදිරිපත් කරන්නැයි විභාග දෙපාර්තමේන්තුව නියම කර තිබේ.

වසර ගණනාවක සිට ජාත්‍යන්තර පාසල් සිසුන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලට අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී ජාත්‍යන්තර පාසලේ නමින් සියලු සිසුන් අයදුම් කළ අතර මෙවර විශේෂ හේතුවක් නොදක්වා මෙතෙක් පැවැති ක්‍රියාපිළිවෙත වෙනස්කර තිබෙන බව ජාත්‍යන්තර පාසල් ප්‍රධානීහු පවසති.

විභාග දෙපාර්තමේන්තුවේ අලුත් නියමය හේතුවෙන් සිසුන්ට පෞද්ගලික මට්ටමෙන් සිය නිවෙස් වල පෞද්ගලික ලිපිනයක්  යොදමින් උසස් පෙළ අයදුම්පත් ඉදිරිපත් කිරීමට සිදු වීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද වාර්තාවේ.

මේ පිළිබඳ ලංකාදීපය කළ විමසුමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ ජාත්‍යන්තර පාසල් සිසුන් අයත්වන්නේ පෞද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ගණයට බවය.



අදහස් (25)

ජාත්‍යන්තර පාසල් සිසුන්ට උ.පෙළට පෞද්ගලිකව අයදුම්කරන්නැයි ඉල්ලයි

lanka Monday, 25 February 2019 04:43 PM

මේ ක්‍රියාවේ එකම අරමුණ නම්, මේ පාසල් වලින් පොදු විභාග වලට ඉදිරිපත් වී ඉහල ලකුණු ලබාගත් සිසුන්ගේ නම් ප්‍රසිද්ධ වීම වැලැක්වීමයි. මෙවැනි පටු අදහස් ඇති මිනිසුන් ජිවත් වෙන රටක ඉපදින්නට ලැබීම පෙර පවක් යයි සිතමි.

:       148       1286

NuwanMonday, 25 February 2019 05:03 PM

සහතික ඇත්ත , මගේ පුතත් යන්නේ ජාත්‍යන්තර පාසලකට, ඒ ලොකුකමට නොවේ ලගම රජයේ පාසලට ගත්තේ නැති නිසා. මෑතක සිට ජාත්‍යන්තර පාසල් වලින් සමස්ත ලංකා ඉහලම තැන ලබනවා. මේවා ඉවසගන්න බැරි අය අධ්‍යාපන අමාත්‍යංශයේ ඉන්නවා. බදු සල්ලි වලින් ඉගෙනගෙන තමන්ගේම රටේ මිනිසුන්ට වල කපන අය. මේ රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ. අඩු ගානේ එක තැන ඉන්නෙවත් නැහැ පස්සට යනවා

:       3       415

samanMonday, 25 February 2019 06:21 PM

ඕව ඉවසගන්න බැරි එක්කෙනෙක් තමයි බන්දුල ගුණවර්ධන. නමුත් එයාගේ ළමයි ගියෙත් පුද්ගලික පාසල් වලට.

:       1       454

AmaraTuesday, 26 February 2019 07:03 AM

බන්දුල වගේ පොහොට්ටු පිපෙන්නම ඕනේ මේ වගේ දේවල වෙන්න

:       0       0

සමන් වත්තල Tuesday, 26 February 2019 04:26 AM

රජයේ පාසල් වලට අවස්ථාව නොමැති නිසා අපේ වියදමින් රජය නොමිලේ දෙන පොත් පත් පවා මිලට අරන් දී උගන්වන අපේ ළමයින්ට විදේශිකයිනට මෙන් සලකන මෙවන් නිලධාරින්ට ශාප කරමි.

:       0       175

Sapumal.Tuesday, 26 February 2019 04:52 AM

පෞද්ගලික හෝ රජයේ වේවා මේ විදුහල් වල ඉගෙනුම ලබන්නේ අපේ දරුවන්. මෙසේ එකම විභාගය කරන දරුවන්ට වෙනස් ආකාරයෙන් සැලකීම බන්දුල නොදන්නවාට, ඒ දරුවන්ගේ අයිතිවාසිකම්, හිමිකම් අහිමි කිරීමක්. මේ දරුවන්ගේ මව් පියන් අධිකරණයට ගියොත් මේ වගේ මෝඩ තර්ක ගේන පොතේ උගතුන්ට හොඳ පාඩමක් කියා දීමට හැකිවේවි.

:       0       216

රීති Monday, 25 February 2019 09:57 PM

කවුරු මොනවා කීවත් ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගන්නා ළමුන්ගේ දැනුම වැඩියි. මගේ දරුවොත් ඉගෙන ගත්තේ,නොමිලේ රජයේ පාසල් වල තමයි.. එත් විභාගේ සමත් වෙලා විශ්ව විද්‍යාලෙට තේරුනාට, දන්නා දෙයක් නැහැ. පසුව මම, මගේ දේපොළ විකුනලා ඔස්ට්‍රේලියාවට යැව්වා. දැන් එහෙ ලස්සනට ජීවත් වෙනවා. මෙහෙ ඉන්න අයට එකතු වුනා නම් මගේ දරුවත් විනාශ වෙනවා.

:       859       471

samanTuesday, 26 February 2019 03:18 AM

මහාචාර්ය සරත් ගුණපාලත් ලංකාවේ ආණ්ඩුවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්ත කෙනෙක්. වැඩක් බැරි හින්ද අපි එයාව ඇමරිකාවේ නාසා එකට යැව්වා .

:       134       748

ලුම්බිණි Tuesday, 26 February 2019 01:14 AM

මෙය ඉතාම අසාධාරණ දෙයක්. අධ්‍යාපන ඇමති මේක අනුමත කරලද?

:       0       179

vipula Tuesday, 26 February 2019 03:29 AM

නීති පොතේ තිබෙන දෙයක් ක්‍රියාත්මක කිරීමක්නේ ඇයි කලබල වෙන්නේ. හැම දෙකටම රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය කියල දෙකක් තියෙනව දෙකේ වෙනසක් තියෙනවා.

:       604       6

some Tuesday, 26 February 2019 03:50 AM

මේක කුහක වැඩක් !

:       11       181

DANESH WIJETHUNGA Tuesday, 26 February 2019 04:12 AM

මගේ දුවත් යන්නේ ජාත්‍යන්තර පාසලකට, ඒ ලොකුකමට නොවේ ලගම රජයේ පාසලට ගත්තේ නැති නිසා. මේ වගේ තීරණ ගන්න උන්ට හොදක් වෙන්න එපා !!!

:       2       74

sena Tuesday, 26 February 2019 04:54 AM

ආණ්ඩුව අපහසුවට පත්කරන්න කවුරුහරි දාපු ගොන් පාට් එකක්.............

:       5       47

Sunil Tuesday, 26 February 2019 06:16 AM

මේ දරුවන්ටත් අනෙක් පෞද්ගලික පාසල් වල දරුවන් මෙන් පාසල් අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිටින්න අයිතියක් ඇත.

:       1       234

sujeewa Tuesday, 26 February 2019 06:30 AM

ඔය ජාත්‍යන්තර පාසල් එකක්වත් නීත්‍යානුකූල නැත. 1961 අධ්‍යාපන පනතට අනුව රජයට හැර වෙන කාටවත් ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය ලබා දෙන්න නොහැක. දැන් පාසල් අලුතින් ලියාපදිංචි කරන්නත් නොහැක. පෞද්ගලික පාසල් වල අධ්‍යාපනය නියමිත ප්‍රමිතියට නැත. උගන්වන්නේ නුපුහුණු ගුරුවරු. පෞද්ගලික පාසල් වල ළමයි දහස් ගණන් ගෙවලා ටියුෂන් යන්නේ ඇයි.

:       460       5

kapTuesday, 26 February 2019 06:48 AM

ඔයාට ඉරිසියා හිතිලා වගේ...............

:       3       102

saman Tuesday, 26 February 2019 07:04 AM

එතකොට කොළඹ ලොකුම ලොකු පාසල් වල ළමුන් ටියුෂන් යන්නේ ඇයි. ලොකු වරදක් හැමතැනම තියෙනවා නේද

:       0       10

kamanisa Tuesday, 26 February 2019 07:22 AM

රටේ දරුවන් පුද්ගලික පාසල් වලට යන්නේ රටේ ඒ පාසල් තියෙන නිසානේ. පුද්ගලික පාසල් ඇරලා රජයේ විභාග වලට පාසලෙන් අයදුම් කරන්න නොදෙන එකේ තේරුම මොකක්ද? හොඳම ප්‍රතිපල අරගෙන ඒ පාසල් වල නම් සහ ළමයි ප්‍රසිද්ද වෙන නිසාද? කරුණාකර ඔය ඔක්කොම පුද්ගලික පාසල් රජය යටතට ගන්නකො.

:       9       0

nishaTuesday, 26 February 2019 11:03 AM

කව්ද අනේ ඔය පුද්ගලික පාසල් රජයට ගත්තම ඒවායේ වැඩ කරන අයට පඩි ගෙවන්ට බදු මුදල් ගෙවන්නේ?

:       0       6

chandika Tuesday, 26 February 2019 10:45 AM

රටේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා

:       0       0

චන්දන Tuesday, 26 February 2019 11:09 AM

පසුගිය දිනවල ඇතිවූ ප්‍රශ්ණය නිසා ඇතිවූ නීතිමය දෝෂ සහගත තත්වය නිවැරදි කිරීම සඳහා මෙලෙස කටයුතු කරන බවයි මගේ අදහස. අනෙක් අතට පෞද්ගලික අයදුම් කරුවන් වෙනුවෙන් පෞද්ගලික පාසල් වල හරි අන්තර්ජාතික පාසල් වල හරි නම් ප්‍රසිද්ධ කරලා රජය මගින් ප්‍රචාරයක් ලබා දීම සිදු කල යුතු නැහැනේ. රජයේ පාසැල් වල අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ සංස්කෘතික වටිනාකම් ඇත්තටම ඉහල තත්වයක තිබෙන අතර පෞද්ගලික පාසැල් වලට යන අය එසේ කරන්නේ තම දරුවන්ට රජයේ පාසැල් නොලැබීම නිසාම නොව, තමන් බලාපොරොත්තු වන පාසැල් නොලැබීම නිසා සහ තම තමන්ගේ තත්වය රැක ගැනීම සඳහාය. සියළුම අවශ්‍යතා සැබැවින්ම සම්පූර්ණ කර ඇත්නම් කිසිවකුටත් ළඟම පාසැලට යාමට බාධාවක් නැත. එබැවින් මෙවැනි අවස්ථාවලදී අසත්‍ය වැපිරීමෙන් වලකින ලෙස සියල්ලන්ගෙන්ම ඉල්ලමි.

:       2       0

kamaniTuesday, 26 February 2019 11:26 AM

ඔයා ජිවත් වෙන්නේ හඳේද අනේ?

:       1       2

චන්දනTuesday, 26 February 2019 11:44 AM

ඉදිරිපත් කල කරුණු වලට අදාල නැති නිෂ්පල පද පේලි යතුරු ලියනය නොකරන්නේ නම් මෙවැනි සංවාද වලට වටිනාකමක් ලැබේවි.

:       1       0

නලින් Wednesday, 27 February 2019 02:46 AM

රජයේ පාසලක හෝ පෞද්ගලික පාසලක ඉගෙනුම ලැබුවත් මේ ළමුන් ඉදිරියේ අප රටේ පාලනය කරාවි ඔහුන් වැඩි දැනුමින් පෝෂණය කිරිම රජය සතු වගකිමකි

:       0       0

de silva berlin Wednesday, 27 February 2019 09:29 AM

පුද්ගලික පාසැල හෝ රජයේ පාසලේ හෝ වේවා එකම විභාගයට වාඩිවෙලා ඒක සමත් වෙනවා නම් මොකක්ද තිබෙන ප්‍රශ්නය. නගරයක තිබෙන රජයේ පාසලකට ළමයෙක් දමාගන්න විදුහල්පතිට දෙන පගාව, පාසල් සංවර්ධන සමිතියට දෙන මුදල්, ඩෙස් පුටු වලට දෙන මුදල් වල එකතුව රුපියල් 50000 සිට 1000000 අතර වෙන්න පුළුවන්. මේවා පාසලෙන් පාසලට වෙනස් වෙන්න පුළුවන්. රජයේ පාසල්වල ඉගෙන ගන්න ළමුන්ගෙන් 99% හවසට , සති අන්තයේදී ටියුෂන් පන්ති යනවා, මේවට වියදම මාසෙකට රුපියල් 5000 සිට 300000 අතර වෙන්න පුළුවන්, මෙම වියදම් ගණනය කරලා බැලුවම බොහෝ විට පුද්ගලික පාසලකට ළමය යවන ඒක දිර්ග කාලිනව ආර්ථික වශයෙන් දෙමවුපියන්ට ලාභයි. පුද්ගලික පාසල් නඩත්තුවට අපේ බදුමුදල් වැය නොවේ, එමනිසා බලධාරියිනි පුද්ගලික පාසල්වල සිසුනට කුඩම්මාගේ සැලකිල්ල දක්වන්න එපා .

:       0       16

ඔබේ අදහස් එවන්න

 

දියත

ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 902 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 218 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1579 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2000 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


අදානිගෙන් කොළ එළියක්
2025 මාර්තු මස 11 1910 0

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 260 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site