IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් දිවයිනට

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 260ක ණය වාරිකය ලබාදීම පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිසක් අද (15) දිවයිනට පැමිණියහ.

එම නියෝජිත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව , මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යාංශය සමඟ සඳුදා (18) සාකච්ඡා ඇරඹීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකාවට එම ණය වාරිකය ලබාදීමට සුදුසුදැයි නිර්දේශ කරනු ඇතැයි පැවැසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 105ක ණය පහසුකමක් අනුමත කළ අතර මේ වනවිට ඉන් වාරික 4ක් ලබාදී තිබේ.

පස්වන ණය වාරිකය ඉකුත් නොවැම්බර් මාසයේදී ලබාදීමට නියමිතව තිබුණද ඔක්තෝම්බර් මස අගදී සිදුවූ ව්‍යවස්ථා අර්බුදය හේතුවෙන් ණය ලබාදීම අත්හිටුවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කෙරිණි.

ව්‍යවස්ථා අර්බුදය නිමවීමේන් පසුව නැවත ණය පහසුකම ලබා දෙන්නැයි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීමට අනුව එම ණය පහසුකම නිර්දේශ කිරීම සඳහා විශේෂ නියෝජිත පිරිස දිවයිනට පැමිණ සිටිති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාරික හතරක් යටතේ මේ වනවිට ඇමරිකානූ ඩොලර්  මිලියන 1000ක පමණ ණයක් ලබාදී තිබේ.



අදහස් (12)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් දිවයිනට

Amila Friday, 15 February 2019 12:31 PM

එයාලට ඕනෑ කොමිස් එක... අපේ අයට ඕනෑ කොමිස් එක ගැනත් කතාකරයි වගේ..!

:       106       214

Raveendra Friday, 15 February 2019 12:32 PM

හුරේ... ණය ලැබෙනෝ... අපේ ආරථික ප්‍රතිපත්ති හොඳ නිසා අපට ණය ලැබෙනෝ... දියවන්නා ඔය පිස්සන් කොටුවට ජයවේවා..!!! ලැබෙන ණය මුදල් ඉක්මනින් හොරාකෑමට ලැබේවා...!!! රථ ගාය තිබෙන 225 ක් වූ ගව රෑනට ඉක්මනින් රථ කල්කය ලැබේවා...!!!

:       115       270

Bangomunu. Friday, 15 February 2019 02:33 PM

ඔන්න බලන්න ගම්මන්ට, වංශට, නේෂ්ට හා දේවට ෂුවර් එකටම මල පනිනවා. ජ්‍යාත්‍යන්තර කියන වචනය ඒ අයට අරහංනේ. ඉන්දුලත් අපබ්‍රංශ වචන සෙට් එක දැනටම ලැහැස්තිකරන් ඇති මල්ලෙන් එලියට දාන්න. මේ ජපන් නියෝජිත මහත්තයට යන්න කියන්න. නැතිනං අපට මේ ටික දෙනාගේ කරච්චලය අහන්න තමයි වෙන්නේ....

:       243       301

Bangomunu.Saturday, 16 February 2019 08:17 AM

ඊළඟට මල පනින කෙනා තමයි ගැමුණු මහත්තයා. අප විවේචනය ගරු කරනවා. අදහස් උදහස් වලට ගරු කරනවා. ඒත්, බමුණු ඉහත සෙට් එක වගේමයි. ඉන්දුලගේ වරදක් කව්රු හරි පෙන්නුවොත්, ඔහු කියන්නේ ඒ අයට වෙන වචනයක්. ඔහුටත් මල පනිනවා.

:       0       52

menna Friday, 15 February 2019 03:28 PM

බඩේ ඉන්න දරුවා වෙනකන් ණයලු, අනිත් පැත්තෙන් තවත් ණය ගන්න පුළුවන්ලු. ණය හම්බ වෙනවලු... ලංකාව දියුණුයිනේ... ඇයි තවමත් නැහැ නැහැ කියලා කියන්නේ. ණය ගන්නවා, දන් දෙනවා. එක පැත්තක සල්ලි දන් සැලකුත් දුන්නා කියල පත්තරේ දැක්කා. ලංකාවේ මේ අසමබරතාවයට හේතුව මොකක්ද? අපේ අය ණය ගත්තා වගේ ණයවාරික හරියට ගෙවනවද? අපේ අය හරියට බදු එකතු කරගන්නවද? ස්වාමින් වහන්සේලා රෝහල් හදනවලු, රජයට කරන්න බැරි දේවල් කොහොමද ස්වාමින් වහන්සේලා කරන්නේ...? රජය ණය අරන්, පින් රැස් කරගන්න දන් දීලා, ස්වාමීන් වහන්සේලාට කියලා රෝහල් හදවා ගන්නවද? තැන තැන එක්රැස් වෙන කුණුවලට මොකද කරන්නේ? ණය වැඩිවෙනවත් සමගම කුණුත් වැඩිවෙනවාද? එක අතකට එකත් හොඳයි ලෝකයට ණය කියලා පෙන්නුවම අනෙකුත් වගකීම් (අපිරිසිදුකම, පරිසර විනාශය) වලින් පැනලා යන්න පුළුවන්නේ...

:       1       66

Sumith Friday, 15 February 2019 11:21 PM

ලංකාවේ නම් කට්ටිය සුද්ද කරලා තියෙන්නේ...

:       1       0

Sumith Friday, 15 February 2019 11:24 PM

ගවයෝ ගේන්න නම් මුදල් එපා. වැඩිපුරත් ඉන්නවා.

:       0       18

RaveendraSaturday, 16 February 2019 07:08 AM

සුමිත් මයා වෙත, ඔබ අදහස් කලේ දියවන්නා ඔය මඩුවට ඉන්න ගවයන් 225ට අමතරව ගේන්න එපා කියලද? නැත්නම් වෙන කුමක් හරිද...?

:       0       0

Nuwan Saturday, 16 February 2019 06:47 AM

ණය ගන්න අය රෙදි උස්සගෙන කෑගහනවා.... ගෙවාගන්න බැරියෝ කියලා.

:       0       0

Sumith Saturday, 16 February 2019 07:07 AM

බලාගෙන එන කට්ටියගේ පර්ස් එකට වදියි.

:       0       1

Ruwan Saturday, 16 February 2019 08:33 AM

2015ට කලින් ගත්තු ණයවලින් කරපු වැඩ පේන්නවත් තියෙනවා. ගෙවුණු වසර 3 ගත්තු ණය වලින් කරපු දෙයක් නැහැ. ආයේ ගන්න ණයවලටත් දෙයියන්ගේ පිහිටයි.

:       0       1

නුවන් Saturday, 16 February 2019 09:56 PM

ණය ගන්න එකේ කිසිම වැරැද්දක් නෑ. ලෝකේ හැම රජයක්ම ණය ගන්නවා. හැම ව්‍යාපාරයක්ම ණය ගන්නවා. මිනිස්සු ණය ගන්නවා. ඒ ණය යොදවන්නෙ මොකටද කියන එක තමා වැදගත් වෙන්නෙ. ණය අරගෙන බිල්ඩිමක් හදලා කුලියට දීලා හම්බ කරන එකයි, ණය අරගෙන පාටියක් දාන එකයි දෙකක්. ඒ නිසා බොරුවට ණය ණය කිය කිය විලාප තියෙන්නේ නැතුව ගත්ත ඩොලර් වලින් මොනවාද කරන්නෙ කියලා හොයලා බලන්න. අඩුමගානේ මාධ්‍යය මේ ප්‍රශ්නය අහන්නෙ නැත්තෙ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 671 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 186 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 552 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1841 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site